ජෝතිශයෙන් ඉදිරිය බලමු

අගෝස්තු 16, 2019

වයස 27 අනාගතය කෙසේද?

පිළිතුර – වෘෂභ ලග්න සිංහ නවාංශක දැනට දසාව රාහු 8 වැන්න වූ මාරක ස්ථානයේ උපතේදී සිටින්නා වු රාහුගේ මහ දසා කාලය සුබදායක විය නොහැකියි. ඔබ විවාහකද නැද්ද යන්න සඳහන් කර නැති වුවද විවාහයටත් යුග දිවියටත් අසුබවාදීව බලපාන ග්‍රහ පිහිටීමක්ද ඔබේ ජන්ම පත්‍රයේ පෙනෙන්නට ඇත. ඒ විවාහ ස්ථාන අධිපති 10 වැන්නේ සිටින කුජගේත් අන්‍යෝන්‍ය දෘෂ්ඨිය යුගදිවියේ යම් යම් ගැටලුකාරි තත්වයන් ඇති කරලීමට සමත් බව පෙනේ. ඉවසීමෙන් හා කල්පනාකාරීව කටයුතු කළහොත් සාර්ථක යුග දිවියක් හා දීප්තිමත් අනාගතයකට හිමිකම් කිව හැක. රැකියා ස්ථානය වූ 10 වැන්න අධිපති ශනි 9 වැන්න වූ පුණ්‍ය ස්ථානයේ සිටීම සුභදායකයි. ශ්‍රමය මෙන්ම බුද්ධියද මෙහෙයවා කළ යුතු වෘත්තියක් ඔබට හිමි වුවද රාජ්‍යකාරක රවි ඔබේ 22 වන දෙර්කාණාධිපති වීම රජයේ රැකියාවකට සම්බන්ධ වීමට බාධා ගෙන දීමකි. රජයේ රැකියාවක් ලැබුණද සාමකාමීව නිදහසේ කරගෙන යාමට බාධා පැන නගිනු ඇත .රාහු මහ දසාවෙන් පසු ලබන්නා වු ගුරු මහ දසාව ඔබට සුබවාදී වනු ඇත.

කටාන රම්‍යා – වයස 30 – විවාහය කෙසේද?

මල්වල උමයංග –

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.