නවාංශක සටහනින් අනාවරණය කරගත හැකි කරුණු

සැප්තැම්බර් 27, 2019

ඡ්‍යොතිෂය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයන් බොහෝ විට අසන ප්‍රශ්නයකි නවාංශක සටහන මෙන්ම එහි ඇති වැදගත්කම හෝ ප්‍රයෝජන මොනවා ද? යන්න. මෙම ප්‍රශ්න පිළිබඳව කරුණු සොයා බැලීමේදී පෙනීයන්නේ නවාංශකය පිළිබඳව පාඨකයන් හට නැත්නම් සේවාලාභීන්හට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බවයි.

වරෙක ජන්ම පත්‍ර පරීක්ෂාවක් සඳහා පැමිණි අයෙකුගෙන් නවාංශක සටහන ගැන විමසූ විට ඔහු කියා සිටියේ ජන්ම සටහන මව බවත් නවාංශකය පියා බවත් ය. තවත් උගත් මිත්‍රයෙක් මා සමඟ කියා සිටියේ ජන්ම සටහන යනු වත්මන්භවය වන අතර නවාංශකය යනු පෙරභවය බවයි. එක් අවිවාහක කාන්තාවක් මා සමඟ පවසා සිටියේ ජන්ම සටහන තමා බවත් නවාංශකය යනු සැමියා බවත් ය. එසේම ඇය අවිවාහක බැවින්, ප්‍රකාශ කළේ නවාංශකය ගැන තමාගේ උනන්දුවක් නැති බවයි. මෙවැනි අදහස්වලින් පෙනීයන්නේ නවාංශකය සටහන පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති බවයි. මේ නිසාම මෙම ලිපියේ අරමුණ වන්නේ නවාංශක සටහන පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් පාඨකයන් හට ලබා දීමයි. වෛදික ඡ්‍යොතිෂයට අනුව ජන්ම පත්‍රය තුළින් හෙළිවන කුරුණු වල නිරවද්‍යතාවය තවදුරටත් සනාථ කර ගැනීම හෝ තහවුරු කර ගැනීම මෙන්ම ඒවායේ පවතින විශ්වසනීයත්වයේ සම්භාවිතාවය සහ ඒවායේ ඇති ශක්තිමත් බව තවදුරටත් තහවුරුකර ගැනීමට නවාංශක සටහන ඉහළ දායකත්වයක් දක්වයි. ඍෂි පරාසර විසින් දක්වා ඇති පරිදි රාශි චක්‍රය සහ නවාංශක සටහන අතර අභ්‍යන්තරික වශයෙන් බැඳීමක් පවතී. මේ නිසාම ජන්ම පත්‍රයක නවාංශක සටහනට විශේෂ වැදගත්කමක් හිමිවේ. විද්වත් ඡ්‍යොතිෂ්‍යවේදීන් දක්වන පරිදි කිසියම් ශාකයකට එහි ඵල නැත්නම් ගෙඩි වැදගත් වන්නේ යම් සේ ද එලෙසින් ජන්ම පත්‍රයකට නවාංශක සටහන ද වැදගත් වේ. සංක්ෂිප්තව දක්වන විට නවාංශකය යනු ජන්ම පත්‍රයේ 9 වැන්න පිළිබඳ සූක්ෂ්ම දර්ශකයකි. විශේෂයෙන් ජන්මියෙකුගේ දෛවය හෝ ඉරණම පිළිබඳ සැඟවුනු තොරතුරු එමගින් අනාවරණය කරගත හැකිය. මීට අමතරව ජන්මියාගේ කර්මානුරූපගත ප්‍රතිවිපාක සමඟ බැදුණු දෛවෝපගත බලවේල සහ අදෘෂ්‍යමාන බලපෑම් මෙන්ම අභ්‍යන්තරික පෞරුෂත්වයට අදාළ කරුණුද එසේම ජන්මියාට නොදැනෙන ඔහු පිළිබඳව සැඟවුනු මනෝකාය හා සම්බන්ධ තොරතුරු රැසක්ද මෙමගින් හඳුනාගත හැකිය. ඡ්‍යොතිෂයට අනුව නවාංශක සටහනේ අරමුණු කොටස් තුනකට බෙදිය හැකිය.

1.ජන්ම පත්‍ර පරික්ෂාවක් තුළින් හෙළි වන කරුණු වල ශක්තිමත් බව අනාවරණය කර ගැනීම.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.