කේන්ද්‍ර බලා රෝග නිශ්චය කිරීම

නොවැම්බර් 8, 2019

සුබග්‍රහයන්ගෙන් තොරව හය වැන්නේ පාපයන් පමණක් සිටී නම් හෙතෙම නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වන්නෙකු වේ. කන්‍යා රාශියේ රවි හා සඳු සිටීනම් යටිබඩේ රෝග ඇපැන්ඩිසයිටිස්, මුත්‍රාගල්, වකුගඩු ආබාධ ඇති කරවයි.

වෛද්‍යවරයෙකු හා ඡ්‍යොතිෂවේදියකු රෝග නිශ්චය කරනුයේ දෙවිදියකටය. වෛද්‍යවරු එක එල්ලේම රෝගියාගේ ශරීරය, හෘදස්පන්දනය, නාඩි, ලේ, මුත්‍ර, එක්ස්රේ ආදී බොහෝ ක්‍රමවේද තුළින් රෝගීන් හඳුනා ගනී.

ඡ්‍යොතිෂවේදියකු යමෙකුගේ කේන්ද්‍රය බලා රෝග පිළිබඳ නිශ්චය කිරීම සෘෂිවර දැනුමෙන් කළයුත්තකි. එසේ නොවුණහොත් මෙම මා හැඟි ශාස්ත්‍රය කෙරෙහි පැවති විශ්වාසය පිරිහී යනු ඇත.

කේන්ද්‍ර තුළින් රෝග නිශ්චය කිරීමේ දී පළමුවෙන්ම කේන්ද්‍රයක සයවැනි භාවය හය වැනි රාශියේ ද බල දුබලකම් හඳුනාගත යුතු ය. උදාහරණයක් වශයෙන් මේෂයේ පටන් ගැන බැලූ විට හයවැනි රාශිය කන්‍යාවයි. කන්‍යාව යනුවෙන් බොහෝවිට ව්‍යවහාරයේ සලකන්නේ අවිවාහක මෙන්ම මෛථුන්‍ය සේවනයට ලක්නොවූ තරුණියන්ට ය. මෙයින් අදහස් කරනුයේ පිරිසුදු පවිත්‍ර භාවයයි. යම් හෙයකින් එම රාශිය පීඩාදායකව අසුබ දෘෂ්ටිවලට ලක්වී පවතීනම් එම කේන්ද්‍රය හිමි තැනැත්තාද පීඩාවන්ට පත්ව සිටින්නකු විය යුතු ය. එසේම හය වැන්න හෙවත් කන්‍යා රාශිය මනස පිළිබඳ බලපාන රාශියද වන්නේ ය. ඒ අනුව යම් අයෙකුගේ මනස දුබල වූයේ නම් හෙතෙම ශරීර සෞඛ්‍යය සම්පන්න භාවයෙන්ද පිරිහීමට පත්වීම වැළැක්විය නොහැකි ය. ‘මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා’ යන බුදුවදනට අනුව සෑම දෙයක්ම සිත පෙරටුකොට ගෙන සිදුවන නිසා ය. කන්‍යා රාශිය සිතට මෙන්ම අතුනු බහන් බඩවැල් වලටද අධිපති රාශිය වේ. බොහෝ රෝග නිදානයන්ට මුල්වන්නේ ද උදරයයි. මේ නිසා හය වැනි භාවය රෝග පිළිබඳ තොරතුරු පිළිබිඹු කරන භාවය වේ. ඒ නිසාම හය වැනි භාවයේ සිටින ග්‍රහයෝ ද එම භාවය හිමි ග්‍රහයා ද එයට එල්ලවන දෘෂ්ටිද නවාංශයේ හයවැනි රාශියද යන මේ කරුණු රෝග පරීක්ෂාවේ දී නිරීක්ෂණය කර බැලිය යුතු ය. එසේම හය වැනි භාවයේ සිටින ග්‍රහයෝ ඔවුන්ට හිමි රාශීන්ට අයත් ශරීර ස්ථාන හා අවයව ඉන්ද්‍රියන්ට රෝග පමුණුවන බව තේරුම් ගත යුතු ය.

එසේම කේන්ද්‍රයක ලග්න අධිපතියාගේ හෝ රෝගස්ථානය වන හයවැන්නේ අන්‍යොන්‍ය සම්බන්ධතාවය ගැන ඉතා සැලකිලිමත් විය යුතුවාක් මෙන්ම කාය ශක්තිය හා චිත්ත ශක්තිය මැන බලන රවිගේ හා සඳුගේ පිහිටීම ද සලකා බැලිය යුතුමය.

රෝග කාරක පිහිටීම්.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.