ඡ්‍යොතිෂයේ සිව් ත්‍රිකෝණය

නොවැම්බර් 15, 2019

අවසාන ත්‍රිත්වය තමයි අර්ථ ත්‍රිකෝණය. ඕනෑම කෙනෙකු ගේ ධනස්ථානය, ශත්‍රෘ ස්ථානය හා කර්ම ස්ථානය, ඒ කිව්වේ 2-6-10 රාශින් එක්කොට ත්‍රිකෝණයක් හැදුවම මේක හැදෙනවා. අශුභ පල දෙන බවටයි ඡ්‍යොතිෂයේ සඳහන් මොකද කිව්වොත් මේ ත්‍රිකෝණයට වැටෙන රාශිවලට අයත් කරුණූ අර්ථයක් ඇතිව පාවිච්චි කළොත් අර්ථවත් වනවා.

විශ්වය තුළ මේ පොළෝ තලයේ උපන් සියලුම සත්වයා ගහකොළ හැම එකක්ම ස්වභාව ධර්මයාට යටත්වනවා. ස්වභාව ධර්මයා කිව්වේ පැවැත්ම නැත්නම් පවතින ස්වභාවය. ඒක ධර්මතාවයක්. අපි හොඳ දෙයක් කළොත් ප්‍රතිඵලය යහපත්. ඒ වගේම නරකක් කළොත් ප්‍රතිඵලය අයහපත්.

ඕනෑම දෙයක ඇතිවීම සිදුවන කොටම නැතිවීමත් සනිටුහන් වනවා. ඒක වෙන්නෙ කොහොමද, කවදද කියලා එක්තරා ප්‍රමාණයකින් හෝ විස්තර කරන එක ශාස්ත්‍රයක් තමයි ඡ්‍යොතිෂය. ඒ කිව්වේ පංචාංගය දීර්ඝ වශයෙන් විස්තර කළාම අවශ්‍ය විස්තර දැනගන්න හැකි වනවා. මනුෂ්‍යයාගේ ජීවිතය සම්බන්ධව එක එක විස්තරවලට අමතරව ත්‍රිකෝණ හතරක් ගැනත් විස්තර කරනවා. ඒ එක එක ත්‍රිකෝණයකින් වෙනස් වූදේ පැහැදිලි කරනවා. හැබැයි පලාඵල කථනයෙදි ඒක ගොඩක් දුරට ප්‍රයෝජනයට ගත්තට කාරි නැහැ. ඒක විතරක්ම අරගෙන පලාඵල කිව්වොත් ඔබ අසරණ වේවි. විශේෂයෙන්ම මේ අමතර විස්තරවලට ප්‍රථම මේ ස්ලෝකය නිවැරදිව ධාරණ කරගෙන ඒ විස්තර වලට අනුව පලාඵල කියන්න ඕනෑ.

එනම් ‘ලග්නස්ථාන ධනස්ථාන සහබන්ධු පි‍්‍රයඞ ශුත්‍රඞ - ශත්‍රෘ කලත්‍රංග මුත්‍රත්‍රංච ධර්ම කර්ම අයඞ වැයඞ “ කියලයි මූලික ඡ්‍යොතිෂ පාඩම්වලදි කියල දුන්නේ. ත්‍රිකෝණ වලින් කරන්නෙ ඡ්‍යොතිෂ පලාඵල තවදුරටත් විස්තර කිරීමක් නැත්නම් හැඩ කිරීමක්. ත්‍රිකෝණ පාවිච්චියට කලින් රාශි දොළහත් ඒ ඒ රාශි වලට අයත් ග්‍රහයෝ ගැනත් සුබ අසුබ පල දීමේදී සිදුවන ප්‍රතිඵලත් ඒ විස්තර ගැනත් දැනීමක් තබාගෙන ත්‍රිකෝණ වලට අත තියමු. අපේ ජන්මපත්‍ර එක එක ඡ්‍යොතිර්වේදීන් එක එක වර්ගවලට හදනවා. ලංකාවේ ඉපැරණි ම තාත්වික ක්‍රමය විදියට ගන්නෙ ලග්නය වටා වම් පැත්තට ග්‍රහයින් පිහිටුවීමයි. එහෙම පිහිටුවාමයි. අර කලින් කිව් ස්ලෝකය ප්‍රයෝජනයට ගන්න හැකිවන්නෙ. එනිසා වෙනත් ක්‍රමවලට ගිහිල්ලා පටලවා ගන්න එපා කියල යෝජනා කරනවා. අපි ප්‍රථමයෙන් බලමු.

ධර්ම ත්‍රිකෝණය ගැණ. එහෙනම් පළමු ලග්න කොටුවයි , ඉගෙනීම දරුවො ගැන කියන පස්වැන්නයි. ඥානය විද්‍යාව ධර්මය ගැන විස්තර කරන නමවැන්නයි එක් කලාම ධර්ම ත්‍රිකෝණය පැහැදිලි වේවි. මේ ත්‍රිකෝණය ධර්ම ත්‍රිකෝණය නමින් සුබපල දෙන ත්‍රිකෝණයක් හැටියටයි ඡ්‍යොතිෂයේ කියැවෙන්නේ. ලග්නය කිව්වේ ශරීරය , ශක්තිය. ආත්මය පෞරුෂත්වය පෙන්නුම් කරන අතර හිස සමඟ අනිත් සම්බන්ධ කොටස්. ශරීර අංශ වශයෙන් පැහැදිලි කරනවා. ඊළඟට ශිල්ප ස්ථානය ඉගෙනීම, දරුවො පෙරභවය ගැන යටිබඩ හා උඩකොටස ශරීර අංග වනවා. ගුණාගුණ කියන කොට වයස ගැනත් ටිකක් පරිස්සම් වන්න ඕනෑ. උදාහරනයක් වශයෙන් 5 වැන්නෙන් දරුවො ගැන කිව්වට අවිවාහක අයගේ පලාඵල කියන කොට ඒ විස්තර අනවශ්‍ය බව කිවයුතුයි. ඒ අයට ඉගෙනීම බුද්ධිය ගැන කතාකිරීම වටිනවා. ඉගෙනීම කිව්වාමත් මූලික ඉගෙනීම. ඒ කිව්වේ ලංකාවේ නම් පොදු සහතික පත්‍ර විභාගය දක්වා. මෙතැනට බුධ හා කේතා බලපෑම් තිබෙනව නම් නිර්භයව කියන්න පුළුවන් ඒ විභාග වලින් ජය ගන්නව කියලා. ඊළඟට කියමු භාග්‍ය ස්ථානය නැත්නම් පුණ්‍ය ස්ථානය. මෙතැන බුධ බලවත් වුවහොත් මහණ වන්න යන එක නවත්වන්න ටිකක් අමාරුයි. පෙරභවයේ පිං අනුව විභාග වලින් සමත්වීම මෙතැනින් පෙන්වන අතර දීර්ඝ ගමන් බිමන් යාම නිවැරදි පවුල් සංස්ථාවක් ගොඩ නැගීම ගැනත් කියැවෙනවා. මේ ආකාරයට බැලුවාම 1-5-9 සුබපල දෙන ස්ථාන බවට මූලිකව කියැවෙනවා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.