කර්මය ඇසුරින් කේන්ද්‍රයක භාව දොළහ

නොවැම්බර් 29, 2019

මිනිස් ජීවිතයේ ඉතාම බලසම්පන්න වූත් බරපතල වූත් කුසලාකුසල කර්ම ගරුක කර්මයන්හි හේතු වේ. මේවායේ සුබ අසුබ විපාක උසස් හෝ පහත් ලෙසින් ගෙන දෙවන තත්ත්වය පැහැදිළි කරනුයේ කේන්ද්‍රයේ සිව් වැනි භාවයෙනි.

අලෝභ සහගත කුසල් සිත් ඇතිව උපදින අය මහත්වූ ගරුක කර්මයන්ගේ ඵල උසස් ලෙස ලබා ගැනීමේ වාසනාවන්තයෝය. උපන් තැනැත්තාගේ ස්ථාන ගත සියලු සම්බන්ධතාවන් හා ඒවායෙන් ලැබෙන ඵල ප්‍රයෝජන මේ ස්ථානය පිළිබඳව කරුණු වලින් පැහැදිළි වේ. ගේ දොර, වතුපිටි, සියලු නෑදෑ පිරිස්, යාන වාහන, සැප පහසුව, ගමන බිමන ආදියත් උසස් හෝ පහත් ලෙසින් ලැබ ගනුයේ ගරුක කර්මයන්ගේ බල දුබල වීම අනුවයි.

මේ භාවයේ දුර්වල වීම වනාහි ජන්මියාගේ පහත් චේතනාවන් වැඩි වර්ධනය වීමටත්, ද්වේෂය හා මෝහයෙන් මුලාවූ ජීවිතයක් ගත කිරීමෙන් මිනිස්කමින්ද ගත හැකිව තිබූ සියලු ඉෂ්ඨාර්ථයන් නසා ගන්නා තතත්වයක් බවත් කිව යුතුයි. මිනිසා ගුණ ධර්මයන්ගෙන් පිරිහී යන්නේ විශේෂයෙන්ම ගරුක කර්මයන්හි ඇති වන්නාවූ අකුසල සිත් නිසාමය. හොර මැර තක්කඩිකම් හා දාමරිකකම් වලට පෙළඹෙන්නෝද මොවුන්ය. ඉගෙනීමේ ආශාව දුර්වල කරයි.

කටත්තා කර්ම හා

කේන්ද්‍රයේ 05 වන භාවය

කිසිවෙක් නොදැනුවත්වම කෙරෙන යම්කිසි ක්‍රියාවකින් ලබන ඵලය අනුව කටත්තා කර්ම රැස් වන්නේය. මේ කර්ම විශේෂයෙන් ඇති වනුයේ තමාගේ උපතට ඉවහල් වූ පූර්ව කර්ම නිමිති මුල් වීමෙන් බව සැලකිය යුතුයි. තමාගේ උපත කෙබඳු කර්මයක් පෙරදැරිවද යන්න ගැන කිසිවකු නොදනී. එහෙත් කිසියම් විටකදී ඔහු විසින් නොදැනුවත්වම කිසියම් ක්‍රියාවක් කරනු ලැබුවේ නම් එය පූර්ව කර්ම බලයකට යටත්වූ ක්‍රියාවක් බව පිළිගත යුතුයි. මෙවැනි කර්ම රැස් කරනු ලබන්නේ කේන්ද්‍රයේ පස්වැනි භාවයේ තත්ත්වය අනුවයි.

කේන්ද්‍රයේ පස්වැනි භාවය ක්‍රියාත්මක කරනුයේ අෂ්ඨම ස්ථානයට අයිතිවූ බලපෑමක් බව මෙයින් ඔප්පු වනු ඇත. ජන්මියාගේ පූර්ව කර්ම බලය අයිති වනුයේ කේන්ද්‍රයේ අට වැනි භාවයටයි. අටවැනි භාවයෙන් දහයවූ පස්වැනි භාවය අටවැන්නේ ක්‍රියාත්මක ස්ථානයයි. සෑම ස්ථානයකටම ක්‍රියාත්මක බව පවතින්නේ එම ස්ථානයෙන් දහවැන්නේ බව සැලකිය යුතුයි.

පූර්ව කර්ම බල වනාහී මතකයේ පවත්නා බුද්ධි මට්ටමේද එක්තරා තත්ත්වයකි. මේ බුද්ධි මට්ටම උරගා බැලීමේ මාර්ගයක් කේන්ද්‍රයේ පස්වැනි භාවයෙන් සිදු කරනු ලබයි. එය ජන්මියාගේ ඉගෙනීමයි. නැතහොත් විද්‍යාවයි. පූර්ව කර්මයන්ට අනුව සිදුවන සියලු ගති සිරිත් කේන්ද්‍රයේ පසු වැනි භාවයට පැවරේ. මේ නිසා මිනිසාගේ අභ්‍යන්තර තත්වය හා ආසාව රඳා පවත්නා ආකාරයත් මේ අනුව අභ්‍යන්තර ශරීර ශක්තියත්, එයින් කාය බලයත්, වීය්‍ය¡¡යත්, දරුඵල ගැනත්, කල්පනා කළ හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.