මොනවද මේ කොඩිවිණ

දෙසැම්බර් 6, 2019

ඈත අතීතයේ මිනිසා පහසුකම් නොමැති කාලයක එක එක ඇදහීම් පිළිගෙන ඒවා ඉදිරියට ගෙන ආවා. නමුත් මිනිසා දියුණුවන්න වන්න ඒ සමහර ඇදහිම් බොහෝදුරට අවම වුණා.

ඉන් එකක් තමයි ගිනිදෙවියා පිදීම. ගින්දර දෙවියෙක් කියලා හිතාගෙන ගින්දරට වැඳුම් පිදුම් කළා. මින් බොහොමයක් අදටත් ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල කරගෙන යනවා. ඒ විශ්වාසය පදනම් කරගෙන විස්වාසය ඇති තැන කිසියම් ඥාතිත්වයක් ඇතිවන එක බුදුපොතේ පවා සඳහන් වනවා. යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් කිරීමත් තවත් පුරුද්දක් . ඖෂධ ගුණය සමඟ ආගමික විශ්වාසය උඩ කෙනෙකුට සාත්තු කළාම ගත සිත දෙකම සුවපත් වනවා. සිත ප්‍රධානයි කියලා බුද්ධ ධර්මයේ නැත්නම් බෞද්ධ දර්ශනයේ සඳහන් වනවා. ඒ වගේම මේ අපේ හිත හරිම මුරණ්ඩුයි. විටෙක ඉතාමත් කීකරු හිත කෙනෙකුව මරන්න තරම් සාහසික වනවා. ඒ හිතේ ස්වභාවය. හිත වෙනස් වන්න වැඩි කාලයක්, සීමාවක් නැහැ. එක තත්පරයක් ඇති ලෝකයේ ඒ කෙළවරේ සිට මේ කෙළවරට යන්න. ලෝකයේ ඇති ප්‍රබලම ශක්ති ප්‍රභවය,සිත කිව්වොත් නිවැරදියි. ආදි මිනිහාට තරහ ආවාම ස්වකීය දැනුමෙන් ප්‍රයෝජනය ගත්තා. ඒ අයහපත් අංශයට. අපිට තාක්ෂණය එතරම් දියුණුවට නොතිබුණත් දැනීම නොතිබුණයි කියලා හිතන්න බැහැ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.