රෝග නසන කෙම් ක්‍රම

දෙසැම්බර් 13, 2019

ගොරකා පොතු, හීන්නාරං, දෙහි, බත්, එක තරමට ගෙන කොටා පොල්කිරි දමා මිරිකා කතා නොකර උලුක්කුවූ ස්ථානයේ ගාන්න.

තුන් කුලුඳුල් අයකු ලවා උලුක්කු වූ ස්ථානය හොඳින් අත ගෑමෙන් උලුක්කුව සුවවේ

කෙම් යන වචනය ක්ෂේම යන්නෙන් බිඳී ආ වචනයකි.

ක්ෂේම කර්ම හෙවත් ආරක්ෂක ක්‍රම කෙම් යනුවෙන් හැඳින්වේ. කෙම් ක්‍රමය රහස් ක්‍රමයකි. කෙමක් කරනුයේ රහසිගතවය. බොහෝ කෙම් ක්‍රම කරනු ලබන්නේ කතා නොකරය. කෙම් යනුවෙන් විවිධ අදහස් ප්‍රකාශ වේ. කෙමන් ගසා ගෙන නිදියනවා යන්නෙන් අදහස් කරනුයේ වකුටු වී මුණින් අතට සිටීමයි. මාළුන් ඇල්ලීම සඳහා භාවිතා කරන උගුල ද කෙම යනුවෙන් හැඳින්වේ. කාන්තාරයේ පිහිටා ඇත්තේ ක්ෂේම භූමි ය. මෙහිදී ක්ෂේම භූමිය යන්නෙන් හඳුන්වන්නේ සරුසාර භූමියකි. මේවා කාන්තාරයේ තැනින් තැන පිහිටා ඇත. කෙම් යන්නෙන් රහස්‍ය යන අර්ථය ද ගම්‍යවෙයි. මගේ බඩේ අජීර්ණය කෙමකින් හොඳවුණා යයි ගැමියන් පවසන්නේ මේ අනුව ය. කෙම් නමැති වැලේ හටගන්නා ගෙඩි කෙම් ගෙඩි යනුවෙන් හැඳින්වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.