2020 නව වසරක උදාව

ජනවාරි 3, 2020

සමස්ත ලෙසට නව වසර උදාවන්නේ සූ.උදාව සමඟ වේ. බුද දිනට සූ. උදාව 6.22 ට උදාවන ජනවාරි 01 දින නැකැත් බලය අනුව “පද්ම යෝගයෙන්” නව වසර උදාවේ.

තත්කාල වේලාවට අනුව,රවි, ගුරු, බුධ, ශනි,කේතු යන ග්‍රහයෝ ධනු රාශියේ ලග්නගත වේ. මෙයින් පෙනී යන්නේ මෙම යෝග බලය ලග්නගත වීමෙන් රටටත්, සමස්ත ජනතාවටත් යහපත් බලයක් නව වසෙර් ගෙන එන බවයි.

ලග්නගත ගුරු – බුධ ලග්නයට දික් බල කම ලබා දේ. නව වසර ආරම්භය හතර කේන්දර අධිපති ග්‍රහ දෙපළක් (ගුරු – බුධ) දිග් බලයෙන් ලග්නගත වීමත්, රවි හා ශනි 2 එයට වන සම්බන්ධය නිසා තවත් විශිෂ්ට බලයකට හේතු කරයි. කෙසේද යත්, 9-10 අධිපති රවි – බුධ “ධර්ම කර්මාධිපති” යෝගයද ලග්නයේය. විශේෂයෙන් ධනු ලග්න අයට ඵලදායි බලයකි.

2020 රාහුගේ වර්ෂයක් වුවද,රාහු 7 වැන්නේ මිත්‍ර භාවයෙන් සිටීම කඩිනම් වැඩපිළිවෙළත්, ක්‍රියාශීලි බලයත් දෙන අතර, ලග්න ගත ගුරු එම සියලු කාර්ය කටයුතු සමාදාන ලෙසට ගෙන යනු ඇත. කුජ බලය 12 වැන්නේ වුවත් , ස්වක්ෂේත්‍ර බලයකි. කුජ 5 අධිපති 12 වැන්නේ නිසා අධ්‍යාපන කටයුතු වලට දරුවන් වෙනුවෙන් වැය අධිකව යෙදීම වන්නේය. සමස්තයෙන් ගත් කළ 11 අධිපති ශුක්‍ර 2 වැන්නේ වීම ධන යෝගයක් ලෙසට යෙදී ඇත. එය ආයාශයෙන් තොරව ලැබෙන ධනයෝග බලයක් වේ. කෙසේ වුවත් නව වසරේ තත්කාල බලය යහපත් වේ. පාලන – පාලක පක්ෂ,රටට, රටේ ජනතා දියුණුව දෙස යහපත් ලෙසට ලැබෙන දෘෂ්ඨියත්, ඉහල තලයකට නගාසිටුවීමේ මාර්ග යහපත් ලෙසට ක්‍රියාවන හා ක්‍රියා කරන බලය පැහැදිලි ලෙස ලග්නයේ යෙදී ඇති චතුර් ග්‍රහ බලයෙන් කියැවේ. ඒ අනුව ආගම දහම හා එවැනි නායකත්ව ගරුත්වය සහිතව සුරැකෙන අන්දමට කටයුතු ඉෂ්ඨ සිද්ධ වීමේ බලය හා ගුරුගේ 9 වැන්නට යෙදෙන දෘෂ්ඨියෙන් සදාචාර ස්ථාවර බලයක් ඇති වෙන බව පෙන්වයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.