උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ

ජනවාරි 10, 2020

ආයාචනාය මණිඅක්ඛි මහෝර තස්ස

යස්මී නිසීදි භගවා මණි මණ්පස්මී

තස්සෝ පරිට්ඨිත මුපට්ඨිත වීතරාගං

කල්‍යාණි චේතිය මහං සිරසා නමාමි

බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක් ම වැඩි බව මහාවංශයෙහි සඳහන්වේ. බුදුන් වහන්සේ ප්‍රථම වරට මහියංගනයට ද තෙවන වරට කැලණියට ද වැඩම කර ඇත. චූලෝදර මහෝදර නා රජුන් මිණි පළඟට යුද වැදුණු අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩ ඒ කලහය සංසිඳු වූ බවත්, එහිදී බුදුන් වහන්සේ ස්පර්ශයට ලක් වූ මිණි පලඟ ඇතුළු කොට මණිඅක්ඛිත නා රජු විසින් කැලණි වෙහෙර කරවන ලද බවත් ඉතිහාසගත තොරතුරුවලින් අනාවරණය වේ. බුද්ධත්වයෙන් අටවන වර්ෂයෙහි මණිඅක්ඛිත නා රජුන් විසින් තනවන ලද චෛත්‍යය යටාලතිස්ස රජතුමන් විසින් සැටරියනක් උසට බඳනා ලදී. දෙවන පෑතිස් රජුගේ මළනු කෙනෙකු වූ උත්තිය කුමාරයා කැලණියේ සිටිමින් මායාරට රජකරන ලදී. මොහු විසින් කැලණි වෙහෙර ප්‍රතිසංස්කරණය කොට භික්ෂූන්ගේ වාසය සඳහා විහාරයක් ද කරවන ලදී.

පසු කලෙක කැලණිතිස්ස කුමරු කැලණියේ රජු බවට පත් විය. කැලණිතිස්ස රජු මහරහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දමා මැරීම හේතුවෙන් සිදුවූ ස්වභාවධර්ම කෝපයෙන් මුහුද ගොඩ ගලන්නට විය. එහිදී කැලණිතිස්ස රජුගේ දූ කුමරිය දේවී නිමිති ශාස්ත්‍රඥයින්ගේ කීම පරිදි මුහුදට පාකර හරින ලදී. මුහුදේ පාවෙමින් සිටි දේවිකුමරිය එවකට රුහුණේ රජකම් කළ කාවන්තිස්ස රජු විසින් සරණ පාවාගන්නා ලදී. දේවී කුමරිය පසුව විහාරමහා දේවී නමින් ප්‍රචලිත වූවා ය. විහාර මහා දේවියට උපන් කුමරා දුටුගැමුණු නමින් ලංකාව එක්සේසත් කිරීම ප්‍රධාන වූ රජ කෙනෙකු විය. දුටුගැමුණු රජ සමයෙහි කැලණි විහාරස්ථානයෙහි භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් වැඩ සිටිමින් ධර්ම ප්‍රචාරය සිදු කළහ. කනිට්ඨතිස්ස රජතුමා ද කැලණි විහාරයේ උපෝසථාගාරයක් ඉදිකරවා මහා සඟරුවනට පූජා කරන ලදී. පළමුවන විජය බාහු රාජ්‍ය සමයෙහි මානාභරණ කුමාරයා කැලණි පුරය පාලනය කර ඇත. පළමුවන පරාක්‍රමබාහු රජ කාලයේ කැලණියේ යුද හමුදා පුහුණු කඳවුරක් තිබී ඇති බව කිය වේ. පසුව රජු පැමිණි නිශ්ශංක මල්ල රජතුමා ලංකාවේ සිද්ධස්ථාන ඇතුළත් ගල් සන්නසක්ද ලියන ලදී. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.