අත්ලේ සටහන් වන දුර්ලභ රේඛා

ජනවාරි 17, 2020

ඕනෑම පුද්ගලයකුගේ අත්ල සටහනක් ගත් විට එහි ජීවන රේඛාව , හෘදය රේඛාව, ශීර්ෂ රේඛාව සෑමවිටමද දෛව රේඛාව බොහෝවිටද දක්නට ඇත. මේවා නොමැති වනුයේ ඉතාමත් කලාතුරකිනි. එයද විශේෂිත පුද්ගලයන් බිහිවන අවස්ථා ය.

මෙහි දක්වා ඇති රේඛා සමූහය අත්ල සටහනක දර්ශනය වීම විරළ ය. ඒ නිසාම ඒ ඒ රේඛා හිමියන්ගේ ජීවිතයේ විශේෂ පැතිකඩක් ඉන් විදහාපාන්නේ ය. රූපසටහන අනුව පිළිවෙළින් අංක එකේ සිට විවාහ රේඛා, සොලමන්ගේ මුද්ද, ශනිගේ මුද්ද, කුජ රේඛාව , සිකුරු මේඛලාව සුඛ රේඛාව හා මණිඛන්ධ රේඛා වශයෙන් නම් කරයි.

විවාහ රේඛාවන් තුළින් ජන්මියාගේ සිතෙහි ඇතිවන ආලය, පේ‍්‍රමය හා බැඳීම් පිළිබඳ පෙන්වයි. එක් රේඛාවක් පමණක් ගැඹුරින් හා දික්ව පවතින විට ජීවිතයේ ඇතිවනුයේ ආලය පිළිබඳ එක් ප්‍රබල හැඟීමක් පමණක් වන අතර එය විවාහය දක්වා ගමන් කරයි. කිසිදු රේඛාවක් සටහන් ව නොමැති නම් සිත තුළ බලවත් වූ ආලය සම්බන්ධ කරුණක් යෙදී නොමැති වේ. රේඛා කිහිපයක් ම සටහන් වී ඇති නම් දුටුදුටුවන් කෙරෙහි සිත් අලවාගන්නා අයෙකු වේ. කිසිදු රේඛාවක් ගැඹුරින් හා දික්ව යෙදී නොමැති නම් ඒවා අනුව කිසිඳු ආලය පිළිබඳ හැඟීම් ප්‍රබල නොවූ ඒක පාර්ශ්වීය පේ‍්‍රමසබඳතා වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.