කරදර මඟහරවා ගැනීමට ඉෂ්ට දේවතාවා පිහිට ලබාගන්න අයුරු

ජනවාරි 31, 2020

වසර තිහක් ජීවත් වන පුද්ගලයකුට ලග්න – ජන්ම –අෂ්ටම හා චන්ද්‍රාෂ්ටම ආදී ඒරාෂ්ටක සතරකට මුහුණදීමට සිදුවේ.

ඊට අමතරව මාරක – බාධක ජන්ම කේන්දරයේ අටවැන්නාධිපති හෝ චන්ද්‍ර කේන්දරයෙන් අටවැන්නාධිපති ග්‍රහයාගේ දසා/අතුරු දසාවන්හිදී සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම හෝ සතුරු කරදරවලට ලක්වීම ද, රැකී රක්ෂා කටයුතුවල පසුබෑම් ද ඇතිවිය හැක.

අපල උපද්‍රව වලක්වාලමින් ඒ සඳහා ඉෂ්ට දේවතාවන්ට පුද පූජා බාරහාරවීම් කිරීමෙන් සහනයක් ලබාගැනීමට අපගේ වැඩිහිටියෝ අනාදිමත් කාලයක සිට පුරුදුව සිටියහ. ජන්ම කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව ඔබට හිමි ඉෂ්ට දේවතාවා කවරෙකු දැයි හඳුනාගන්න. චර කාරකත්වය අනුව වැඩිම අංශක ගණනක් ගමන් කර ඇති ග්‍රහයා ආත්මකාරක ග්‍රහයා වේ. එම ග්‍රහයා සුබයකු හෝ පාපයකු වුවද ජන්මියාගේ ගැලවුම්කරුවා වශයෙන් සැලකේ. එසේම ඊළඟ වැඩිම අංශක ගණනක් ගමන් කර ඇති ග්‍රහයා අමාත්‍යකාරක ග්‍රහයා ලෙස සැලකේ. එම ග්‍රහයා නවාංශක කේන්දරයේ සිටින ස්ථානයේ සිට ඉදිරියට නවාංශක හයක් ගණින්න. එම භාවයේ ග්‍රහයකු නොමැති වුවද ඊට අධිපති ග්‍රහයාට අදාළ දේවතාවාට හෝ දේවතාවියට හෝ පුද පූජා පැවැත්වීමෙන් පිහිට ලබා ගත හැකි වේ.

අදාළ කරුණ පැහැදිලි කිරීමට මෙහි සඳහන් උදාහරණ කේන්ද්‍රය බලන්න. ලග්නය කන්‍යාවයි.

නවාංශකය මේෂයයි. මේෂ නවාංශක කේන්දරයේ ආත්මකාරක රාහු ග්‍රහයා මෙන්ම අමාත්‍ය කාරක ගුරු ග්‍රහයා පිහිටා තිබෙන්නේ ලග්නාධිපති බුද සමඟ වෘෂභ නවාංශකයේය. එතැන් සිට හයවැනි භාවය වන්නේ තුලා නවාංශකයයි. එහි ග්‍රහයකු නොමැති වුවද ඊට අධිපති වන්නේ සිකුරු ග්‍රහයාය. සිකුරු ග්‍රහයා නියෝජනය වන්නේ ලක්ෂ්මී දේවතාවිය බැවින්, එම දේවතාවියගේ රූපයක් ඉදිරියේ පහන් දල්වා පුද සත්කාර කිරීමෙන් පිහිට ලබාගත හැකිය.

අමාත්‍යකාරක ග්‍රහයා නවාංශක කේන්දරයේ සිටින ස්ථානයේ සිට හයවැනි රාශියේ ග්‍රහයන් කිහිපදෙනෙක් සිටිත් නම්, එයින් බලවත් ග්‍රහයාට හිමි දෙවියන් හෝ දේවතාවියට හෝ පුද සත්කාර කළ යුතු වේ. දෛව අංකය – අංක විද්‍යාව අනුව ඔබගේ උපන් වසර – මාසය – දිනය එක් ඉලක්කමක් වන සේ එකතු කරන්න. අගට බිංදුව (0) ලැබේ නම් එය කපා හැරීමෙන් දෛව අංකය සාදාගත හැකිය.

දෛව අංකය අනුව ඕනෑම මසකම පහත සඳහන් දිනයන් ඔබට සුබදායක බව සළකන්න.

(1) රවි ග්‍රහයා ඕනෑම මසකම සුබ දිනයන් 1 -10- 19

(2) සඳු ග්‍රහයා ඕනෑම මසකම සුබ දිනයන් 2 -11- 20

(3) ගුරු ග්‍රහයා ඕනෑම මසකම සුබ දිනයන් 3 -12 -21 -30

(4) රාහු ග්‍රහයා ඕනෑම මසකම සුබ දිනයන් 4- 13 - 22 - 31

(5) බුද ග්‍රහයා ඕනෑම මසකම සුබ දිනයන් 5 -14 -23

(6) සිකුරු ග්‍රහයා ඕනෑම මසකම සුබ දිනයන් 6 -15-24

(7) කේතු ග්‍රහයා ඕනෑම මසකම සුබ දිනයන් 7 -16-25

(8) ශනි ග්‍රහයා ඕනෑම මසකම සුබ දිනයන් 8 -17 -26

(9) කුජ ග්‍රහයා ඕනෑම මසකම සුබ දිනයන් 9 -18-27

ඉහත කී දෛව අංකය අනුව ජන්මියාගේ රැකියා /උසස්වීම් – දියුණුව නිවේදනය කෙරේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.