ඡ්‍යොතිර්වේදය අනුව විවාහය සහ දරු සම්පත්

පෙබරවාරි 7, 2020

දියුණුවන පින්වත් දරුවන් සඳහා ගුරු, ශුක්‍ර, චන්ද්‍ර හා සුභදායි බුධ 2,5,11 නිවේදකයෙකු වී හෝ 5 වැනි භාව ස්ඵුටයේ පාලක ග්‍රහයෙකු වී පලදායි රාශිවලට සහභාව වලට සම්බන්ධවීමෙන් පින්වත් දරුවන් ලැබේ. පස්වැන්න දරුපල සම්බන්ධයෙන් සාරවත් වී පාප පීඩිත වී නම් අවාසනාවන්ත දරුවන් ලැබේ.

 

යුගදිවිය සාර්ථකව ගත කිරීමට අත්‍යාවශ්‍ය සාධක මොනවාදැයි, විවාහයට පෙර සලකා බැලුවොත් ඒ පිළිබඳ යහපත් පල උදාකර ගත හැකිවේ. ඕනෑම දෙයක් සාර්ථක වීමට නම් ඒ පිළිබඳ කලින් බුද්ධිමත්ව සැළසුම් සහගතව තීරණයන්ට එළඹීම වැදගත් වේ.

ඒ අනුව පහත සඳහන් අත්‍යාවශ්‍ය මූලික කරුණු ගැන සැලකිලිමත්වීම වැදගත් වේ.

සිතට ගැලපෙන සහකරුවෙක් /සහකාරියක් තෝරා ගැනීම, නිවහල් යෝග්‍ය පරිසරයක් (දෙපාර්ශ්වයේම පැවතීම) , ප්‍රමාණවත් ධනවත්කමක්, ආයුෂ බලය සහිත නිරෝගි මනසක් හා ශරීරයක්, නොකැඩෙන පිරිසුදු ආදරයක් ගොඩ නගා ගැනීම, යහපත් දරු සම්පත් හා ඔවුන්ගේ අනාගතය ගැන දැක්මක් සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී එය ඔවුනොවුන්ට හැම අතින්ම ගැලපෙන භාග්‍යවන්තයා වීම සඳහා දෙදෙනාගේ ජන්ම පත්‍ර හා මනෝකූඨ පරීක්ෂා කරවා ගැනීමද අත්‍යාවශ්‍ය වේ. ඉන්පසු දෙදෙනා සම්මුඛවීමේ අවස්ථාවේදී දෙදෙනා අතර සුහදතාවය පිළිබඳ තහවුරු කර ගැනීම අතිශය වැදගත් වේ.

මේ සඳහා මනාලිය අතින් මනාලයා වෙත බුලත් හුරුල්ලක් දී පිළිගැනීමේ අවස්ථාව උපයෝගී කර ගත හැකිවේ. මෙම චාරිත්‍රය දෙදෙනා අතර අව්‍යාජව මූණට මූණ මුණ ගැසෙන කුළුදුල් අවස්ථාවයි. ඒ පෙම්බර මොහොතේ ඔවුනොවුන් පිළිබඳ සුහදශීලීව අදහස් හුවමාරුකර ගැනීමේ කුතුහලයක් දෙදෙනා තුළම පවතී. එම අවස්ථාව වැඩිහිටියන් විසින් ඔවුන්ට ලබාදීම යුතුකමකි.

දැන් අපි බලමු. මේ පිළිබඳව ඡ්‍යොතිෂ නියමයන්ට අනුව දෙදෙනාගේ කුතුහලයට තුඩුදෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට හැකි ආකාරය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.