කිරි ඉතිරවීමේ මංගල්‍යය නිවැරදිව සිදුකරන්නේ මෙහෙමයි

පෙබරවාරි 14, 2020

වාස්තු විද්‍යාවට අනුව ගේ දොර ආදී භූමිගත වස්තූන්ට බලපාන ප්‍රබල දෝෂ භංග කිරීමට සමත්වන ප්‍රබලම ශාන්ති කර්මයක් වන කිරි ඉතිරවීමේ මංගල්‍යය (1) අභිනව නිවසක් ඉදිකිරීමේ දී අත්තිවාරම් කැපීමේදීත් (2) නව ගෘහයට (නිවසක් හෝ ගොඩනැගිල්ලක්) මංගල ප්‍රවේශයේදී කළයුතු බව පුරාණ ආචාර්යවරුන් නියම කර ඇත.

පළමු කරුනේ දී මෙම චාරිත්‍රය ක්‍රමයෙන් ඉවත්ව යන බවක් පෙනෙන්නට ඇති නමුත් ගෘහ ප්‍රවේශයේදී සෑම කෙනෙක්ම මෙම චාරිත්‍රය වර්තමානයේදී ද ඉටුකරන බැවින් එය ඉටුකිරීමේ දී යොදාගත යුතු ද්‍රව්‍යයක් චාරිත්‍රය ඉටු කරන නියම ආකාරය පුරාණ පොත පතෙහි සඳහන් වන්නේ මෙසේ ය.

01. මැටියෙන් තැනූ නැවුම් මුට්ටියක් භාවිතා කරන්න.

02. ළිප බැඳීමට මැටි ගඩොල් කැට 03 ක් භාවිතා කරන්න.

03. ළිප දැල්වීම සඳහා රත් හඳුන්, සුදු හඳුන්, දේවදාර, අගිල්, සුවඳ කොට්ටං හෝ පැඟිරි සහිත දර වර්ග භාවිතා කරන්න.

04. මුට්ටිය තුළට, ඉතිරවීම සඳහා දොවාගත් විගස ලබා ගත් එළකිරි, එළු කිරි, මී කිරි යන කිරි වර්ගයක් 07 වාරයක් පෙරා භාවිතා කරන්න.

05. ළිප තැබීමට පෙර මුට්ටිය තුළට සුදු හඳුන් කුඩු කළං 01, පොල් කිරි බිංදු 03, අමු කහ පෙති 01, කැකුළු සහල් මිටක්, රිදී කාසි 01 ක් දමන්න.

06. නිවාසය හරි මැද තෝරා ළිප් බැඳ ළිප වටා බුලත් 07 ක් තබා ඒ මත දල්වන ලද අලුත් මැටි පහන් 07 ක් හා පඬුරු 07 ක් තැන්පත් කර ගෘහය හිමියා වේලාසන නා පිරිසුදු වී සුදු වතින් සැරසී අලුත් ගෘහ භාණ්ඩයක් හෝ පැරණි ලී බඩුවක් පොලිෂ් කිරීමෙන් පසු එයද රැගෙන ගෘහය තුළට සියලු දුසිරිතෙන් තොර චාරිත්‍රකරුවෙකු සමඟ ඇතුල්වී ඔහු ලවා කිරි ඉතිරිවීමේ චාරිත්‍ර විධි සිදු කරවා ගන්න. මෙම අවස්ථාවට සහභාගී වන සියලු දෙනා එම අවස්ථාව වන විටවත් නිර්මාශ වී සිටිය යුතුයි.

07. චාරිත්‍රකරුවෙකු නොමැති අවස්ථාවක ගෘහ හිමියා ළිප අසල නියමිත දිශාවට වාඩි වී තිසරණ සහිතව පන්සිල් හි පිහිටා ජය පිරිත සජ්ඣායනා කොට අනතුරුව ශී‍්‍ර විෂ්ණු, ශ්‍රී ඊශ්වර හා ශ්‍රී ලක්ෂ්මි දෙවිවරුන් හා දිව්‍යාංගනාවට නියමිත ස්ත්‍රෝත්‍ර ගායනා කර දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් පසු ඉතිරී ගිය කිරිවලින් දේව ශාසන නාමයට මුල් භාග පුදකොට දේව ආශිර්වාද ලබා ගන්න.

08. මුට්ටිය උතුරා ගිය පසු එය තුළට වී මිටක්, අබ, තල, උඳු, මුං, මෑ, ඕලු, නෙළුම් යන එක් වර්ගයකින් ඇට දහය බැගින් හා ඕලු හා නෙළුම් රේණු ස්වල්යක් ද දමා ලුණු දියර ටිකක්ද ඉස ළිප දල්වමින් තම්බා පසුව මුට්ටිය නිවෙන්නට හැර කාල් ගාමින් පළමුව කෙසෙල් කොළ කැබලි 07 ක් අලුත් බටපොතු වට්ටියක තුළ රවුමට අතුරා මුට්ටිය ඒ මත තබා කිරි ඉතිරවීමේ කවි ගායනා කරමින් පළමුව ගෘහ හිමියා ඇතුළු පිරිසටත් අනතුරුව ගෙය තුළ හා පිටත සෑම තැනකටත් පුවක් මල් කිනිත්තකින් හෝ දෙහි අත්තකින් ඉස මුට්ටියේ කට පිරිසුදු රෙදි කඩකින් බැඳ ගොක් කොළ රැඳවුමකින් යට ලීයේ එල්ලන්න.

 

ගෙබිම, නිවස, වෙළෙඳ ව්‍යාපාරයට

කිරි ඉසීමේ කවි

 

උතුම් බුදුරුව ණේ

ලොව්තුරු දහම් සර ණේ

සමග සඟ සර ණේ

සදා නමදිමි මේ තුන් සර ණේ

 

බුද්ධන් සරණ බලයෙ න්

ධම්මන් සරණ බලයෙ න්

අරිය සඟ බලයෙ න්

මෙතුන් සරණින් මෙ කිරි ඉසිමි න්

 

පිළිවෙල පෙර ලෙස ට

කිරි දෝලා පිරිසුදු කො ට

කිරි උතුරලා ගිය වි ට

ඉසිති ඒ කිරි දෝස හරණ ට

 

පෙර සිට පැවැත එ න

කිරි ඉස සෙත් කරන මෙ න

සැම දෙව් වරම් ගෙ න

ඉසිමි මේ කිරි මෙ ගෙට සෙත් දෙ න

 

උපත පළමු මහ සම්මත මුලින් එ නා

සිරිත ලෙසින් කිරි උතුරා දොස හරි නා

දී සෙත වරම් සැම දෙව් ආසිරි වඩ නා

ලෝ සත රකින ලෙස මේ ගෙට කිරි ඉසි නා

 

පළමු මෙ ලොව කළ වඩුකම් කවුද ගු රු

බඹ ලොව සිටන් ආ මහබඹු එවඩු ගු රු

තෙද බල එයින් එන උපතකි පැවැති ග රු

එම දින පටන් කිරි ඉස දොස දුරු කෙ රු

 

එසම්මත පටන් මහ පින් ඇති රජු ට

උසින් සත් මහල් මාලිග සැදූ වි ට

අසන්කයක් ආයුෂ වළඳා ඉන් ට

ගොසින් බමුණො කිරි ඉස්සේ දොස යන් ට

 

කිරි ඉතිරුම් මංගල්‍යයේ දී

ගායනු කරනු ලබන උපත් කවි

 

තෙදැති තෙද රා ගේ

තෙද ඇති දේව රා ගේ

කළ ලෙසට යා ගේ

කියන් මංගර දේව රා ගේ

 

ඉපිද මගෙර ට

සැපසේ ඇවිත් මේ ර ට

ගොස් කඳ පුරේ ව ට

කිතල්වර රජා නම් බැඳීම ට

 

කිතල්වර රජා ණෝ

ඉරුගල් පිය රජා ණෝ

නැගි පුන් සඳ ණෝ

වඳිමි මංගර දේව් රජා ණෝ

 

පෙර එක් ජාතියෙ ක

උපන් සඳ නිසි කුමරෙ ක

දුන් කිරි මී දෙන ක

කුමරු තන දෙක බොමින් සිටියෙ ක

 

කුමරුන්ට ඉස්ස ර

ගියේ වස්සා පසුක ර

දෙතන කිරි එක්ක ර

උගේ තන දෙක කිරි බිව්ව පෙ ර

 

හුන් කිරි පට්ටි යේ

ගොසින් එකුමරු සිටි යේ

වස්සා නොසිටි යේ

එතැන සතරම බොමින් සිටි යේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.