පතිඳෙකු ළබැඳී විවාහ ප්‍රමාදය වැලැකුණ සෙත් කවිය

පෙබරවාරි 28, 2020

දිනූෂා තිස් තුන් වැනි වියට පැමිණි තෙක්ම විවාහයට පත් නොවූවා ය. මෙම අවදිය වන තෙක්ම ගෙනෙන ලද විවාහ යෝජනා රැසකි. ඒ එකක් හෝ පල දැරීමක් නොවී ය. ප්‍රමාදය වෙනුවෙන් පුද පූජා ශාන්ති කර්මවලින් ද සහනයක් නොවීය. ඇය පැහැපත් යුවතියක් වූවා ය. එහෙත් විවාහයට බාධාවක්ව පැවැති ග්‍රහ ලක්ෂණ කේන්ද්‍ර සටහනේ ද දක්නට තිබුණි.

කන්‍යා ලග්න කේන්ද්‍රයෙහි පිහිටා ඇති රවි හත් වැන්නේ ද, එහි අධිපති ගුරු දොළොස් වැන්නේ සිටීම ද බාධාවක් සේ පෙනේ. සිකුරුගෙන් හත් වැන්නේ ශනි සිටී මෙය විවාහය ඉක්මන් කිරීමේ යෝගයක් වුවත්, සිකුරු කේන්ද්‍රගතව නොසිටි බැවින් ප්‍රමාද දෝෂයකි. කෙසේ වෙතත් සෙත් කවි ක්‍රමය කෙරෙහි යොමු වූයේ කළ හැකි වෙනත් ප්‍රතිකර්මයක් නොවූ කල්හි ය. ‘දිනූෂා’ වෙනුවෙන් රචිත මෙහි දැක්වෙන සෙත් කවි දෙක නියම කරන ලද පුද පූජා සහිතව දින හතක් ගැයීම සිදුවිණි. මසක් පමණ ගත වන විට, ගෙනෙනු ලැබූ යෝජනාවක් පළ දරන ලද බව සැලවිය. පළමු කවිය ශ්‍රී විෂ්ණු දෙවිඳුට ආයාචනය කරන අතර ශ්‍රී කතරගම දෙවිඳුට ආයාචන කෙරෙමින් දෙවැනි කවිය රචිත ය. ඉන් ශ්‍රී විෂ්ණු දෙවිඳුට ආයාචනය කවිය පමණක් මෙහි දැක්වේ.

 

සපිර දියනෙත, රැසිනි පොබයන, කමල විල මෙන, හොබන මන නඳ

සොඳුර සිරිසඳු, උර තොතඹුවෙහි සුරැඳු රෙනෙගෙනි ගොවිඳු සුර නිඳ

පැහැර බාධක, අපල පිහිටව දිනූෂා වෙත අසිරි සෙත බැඳ

නොහැර ලද විය, ළ බැඳ පතිඳෙකු, යුග දිවිය දෙනු මැනැවි මෙම සඳ

 

මෙම කවි රචනයෙහි දී අනුගමනය කරන ලද ශාස්ත්‍රීය අංග කීපයක් මෙහි දැක්වේ. ප්‍රථමයෙන්ම කවිය ලිවීමට යොදා ගත් තත් කාලය මෙහි සඳහන් කරමි. ඒ සඳහා ‘දිනූෂා’ ගේ කේන්ද්‍රයට ද අනුව දිනය සහ නැකත යොදා ගනු ලැබිණ. හත්වැන්න මීනයයි. විවාහ ස්ථානයට අයත් රාශිය තත් කාලයට යෙදීම සුවිශේෂී බලයකි.

මීන ලග්නයෙහි පුර සඳු ය. පස් වැන්නේ රාහු ද, අට වැන්නේ ගුරු ද යෙදේ. නව වැන්නේ බලවත් වූ කුජ ය. සිකුරු සහ බුධ දහ වැන්නේ සිටීමද එකොළොස් වැන්නේ රවි, සිකුරු සහ කේතු ද පිහිටුවා ඇත. සෙත් කවියක තත්කාල ලග්නයෙන් දොළොස් වැන්න ශුද්ධව තිබීම අත්‍යවශ්‍ය බව සඳහන් ය. එය මෙම තත්කාල කේන්ද්‍රය අනුව සිදුවේ.

මෙම කේන්ද්‍රයෙහි අට වැන්නේ ගුරු සිටීම පමණක් අයහපත් බව පෙනේ. එහෙත් පුර සඳු, ලග්නයේ සිටීම නිසා එම තත්ත්වය මර්දනය වේ. සියල්ල සම්පූර්ණ වී සෙත් කවියකට තත් කාලයක් යෙදීම ඉතා අපහසු ය. කල් බලමින් පසු කළ නොහැකි අවස්ථාවක මඳක් අඩු පාඩු ඇති වුවත් අන්‍ය ග්‍රහ තත්ත්වය ශුභ වූ විට බාධා නොපැමිණේ.

මීළඟට කවියෙහි ශාස්ත්‍රීයත්වය විමසා බැලිය යුතු ය. මෙම කවියෙහි පළමු වචනය හා ගණය ‘සපිර’ යන්නයි. එහි ‘ස’ අක්ෂරයේ ස්වරය ‘අ’ නාමයේ ‘ඉ’ සමඟ වේධ නොවේ. එබැවින් බලවත් ය. ලග්නයෙහි දැක්වෙන ග්‍රහ ලක්ෂණ මෙසේ ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.