කේතු සිටින ස්ථානය අනුව ලැබෙන පල-අපල

මාර්තු 13, 2020

රාහු කේතු ග්‍රහතරු නොවේ. සඳු පෘථීවිය වටේ යන ගමනේදී පෘථිවිය සූර්යයා වටේ යන ගමන් මාර්ගය සඳුගේ දික් කල නිරක්ෂයෙන් කැපෙන ස්ථානය යයි කියති.

ඡ්‍යොතිශ් ශාස්ත්‍රයේදී රාහු, කේතු ඉතා බලවත්ව සැලකේ. මේ දෙදෙනා එකිනෙකාට විරුද්ධ සහ ප්‍රතික්‍රියාවේ. රාහුගේ ඔලුව නයකු මෙන්ද ශරීරය මනුෂ්‍යයකු ලෙසද හඳුන්වා ඇත. කේතුගේ හිස මනුෂ්‍යයකුගේ මෙන්ද ශරීරය නයකුගේ ලෙසද හඳුන්වා ඇත.

කේතුගේ ප්‍රධාන ක්‍රියාව ඔත්පලව වැඩ නැතිව එක තැන තැබීමයි. රාහු ඔලුව අවුල්කර පිස්සකුමෙන් ඇවිද්දවයි.කේතු සිහි බුද්ධිය දියුණුකර ඉගෙනීමේ කටයුතු දියුණුූ කරයි.

ඉගෙන ගන්නා කාලයේදී රාහු ලැබුවොත් ඉගෙනීමට හානි කරයි. කේතු ලැබුවොත් අසනීප සෑදෙන නමුත් උසස් ලෙස ඉගෙනීම දියුණු කරයි. රාහු වස්තුව රැකීරක්ෂා ඉඩම් ලබාදෙයි. ප්‍රසිද්ධ බවට පත් කරයි. කේතු හකුලා තබා ප්‍රසිද්ධවීමට ඉඩ නොදෙයි.

කෙනෙකුගේ උපතේදී කේතු සිටින ස්ථානය අනුව ලබා දෙන පල අපල මොනවාදැයි විමසා බලමු.

කේතු ලග්නයේ සිටින අය එකවර ඉදිරියට එන්නේ නැත. මදක් නැවතී සිතා බලා බුද්ධිමත්ව ඉදිරියට පැමිණේ. නිතරම පාලකයාගේ වැරදි පෙනේ. අන් අයට උපදෙස් දීමට සමතෙකි. තමා ඉදිරියට යනවාට වඩා තමාගෙ උපදෙස් අනුව වෙනත් අය ඉදිරියට යවයි. ඒ අයුරු යවන්නා තනි නොකර ඒ අය පිටුපස සිටී. කේතුගේ ආයුධය පොතකි. ඒ නිසා කේතු ගුරුවරයෙකි. හොඳ දැනුමක් ඇත.

යම් අයකුගේ කේන්දරයේ දෙවැන්නේ කේතු සිටින කල මුහුණේ කැළැල් ඇති කරයි. දෙවැන්නෙන් වාග් ශක්තිය සහ විවාහයෙන් පසු පවුල් ජීවිතය ගැන කියවේ. දෙවැන්නේ කේතු මුනිවත රකී. කථාකරන කල කලක් මුනිවත් රැකීම සමථයකට පත් කිරීමට මෙන් දැඩිසේ කථා කරයි.

සමහරවිට එම කතා අවාසි සහගත වේ. විවාහ ජීවිතයෙන් පසු කාලය තරමක් කර්කෂ වේ. දෙවැන්න ධන ස්ථානය බැවින් ධනය හකුළුවා තබයි. ඒනිසා ආර්ථික ප්‍රශ්න ඇතිවේ.

කේන්දරයේ තෙවැන්න කුඩා කල අධ්‍යාපනය කියන ස්ථානයයි. ඒ නිසා කේතු තෙවැන්නේ සිටිවිට අධ්‍යාපනයට දක්ෂයකු කරයි. ධනය, සතුට, කීර්තිය ඇතිවේ. ශාස්ත්‍රිය දැනුම ලබයි. කාන්තාවන් නිසා චිත්ත පීඩා ඇති කරයි. හොඳ දැනුමක් ඇති අයකු ලෙස සමාජය පිළිගනී.

කෙනෙකුගේ දේපල සම්බන්ධ කියන සිව්වැන්නේ කේතු සිටින කල එම කරුණු හකුලා තබයි.ඉඩ කඩම් දේපල ආදියෙන් ලැබෙන දේවල් අඩු කරයි. පපුව සම්බන්ධ රෝග ඇති කරයි. ඉගනීමට කැමැත්ත දක්වයි.පියවරෙන් පියවර ඉගෙනීමෙන් ඉහළට යයි. සමාජයේ අනෙක් අයට වඩා කථාව

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.