විවාහයට බාධා කරන ග්‍රහ යෝග

ජුනි 12, 2020

පෙරුම් පුරා වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන යුවතිපතීන්ගේ සොඳුරු කැදැල්ල එසේත් නැතිනම් ජීවිතයේ සොදුරුතම කඩ ඉම,සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාග්‍ය විවාහයයි.

අපට අවශ්‍ය ලෙස කළ යුතු, ජීවිතයේ එක් වරක් පමණක් ලබෙන විවාහය මිනිස් ජීවිතයේ අතිශයින් වැදගත් සාධකයකි. එබැවින් සාර්ථක විවාහයක් සඳහා ස්ත්‍රියක හා පුරුෂයෙකු ගැලපීමේදී ඔවුන්ගේ කේන්ද්‍ර තුළ ඇති ග්‍රහ ගැලපීම් නොගැලපීම් දෙස දැඩි අවධානය යොමු කිරීම උගත් වැදගත් ජ්‍යොතිෂවේදීයාගේ මහගු යුතුකමකි. පොරොන්දමට පමණක් සීමාවී ග්‍රහ ගැලපීම් නොබැලීම තුල අද වන විට ලංකාවේ දික්කසාද පොලීම දිනෙන් දින දිගු වෙමින් පවතී.

විවාහය වනාහි ආත්මීය බැදීමකි. සංසාරගත බැදීමක සොඳුරු ඵලය විවාහයයි.විවාහය ආත්ම හතක බැදීමක් බව හින්දුන්ගේ මතයයි. ආත්ම ගණනාවක් පාරමී දම් පුරමින් එකට එන සිදුහත් යශෝදරා විවාහය සසර දුකින් අත් මිදෙන අවසන් බවය තෙක්ම එකිනෙකා පතාගෙන ආ සොදුරු බැදීමකි. එය ගෞරවයෙන් සිහිකළ යුතුය.

මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සංදිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත, ජීවිතයේ දෙවන උපත හෙවත් විවාහය හා මරණය හෙවත් මනුෂයාගේ විපතයි. මෙම සංසිද්ධි තුනෙන් අපගේ උපතත්, මරණයත් අපට කිසිසේත් පාලනය කල නොහැකි සාධක දෙකකි. එසේ නම් අපට පාලනය කළ හැකි එකම සාධකය අපගේ විවාහයයි. විවාහය යනු පුද්ගලයාගේ දෙවන උපතයි. පුද්ගල ජීවිතයේ සැපත මෙන්ම විපතද රැදී ඇත්තේ විවාහය තුළයි. කෙනෙකුට විවාහය කරුමයකි.

කෙනෙකුගේ විවාහය නිසි කලට නිසි ලෙසට නිසි වයසටම සිදු වෙනවා. විවාහ ජීවිතය අතිශය සාර්ථකයි. සියලු දේ ලැබෙනවා ඔවුන් සතුටින් සමගියෙන් ජීවත් වෙනවා. විවාහයෙන් පසුව ටිකෙන් ටික දියුණුව සැලසෙනවා. වාසනාවන්ත දරු සම්පත් ලබනවා. ඒත් තව කෙනෙකු ගේ විවාහයේ මේ කිසිවක් නෑ. නිසි වයසත් ටිකෙන් ටික ගෙවිලා යනවා. රූපයෙන් අඩුවකුත් නෑ. දේපළ රැකියාව වැනි දෙත් සම්පූර්ණයි. නමුත් විවාහ වාසනාව තවම ලැබී නැහැ. නමුත් අර සියල්ල නැති අයත් ඉක්මනින් විවාහ වේලා නේද ? මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍රයේ කොටු 12 තුළ සැඟවි තිබෙනවා. ඒක හරිම පුදුම සහගතයි. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඉසිවරු අතට පත් කරන්නට ඇත්තේද යහපත් මිනිස් සමාජයක් ගොඩ නැගීමේ හා අපට අවශ්‍ය තොරතුරු කල්වේලා ඇතිව දැන ගැනීමේ පරමාර්ථය ඇතුවයි. එම නිසා ජීවිතයේ දෙවන උපත ලෙස සැලකෙන විවාහය තුලටද අපට මේ ජ්‍යොතිෂයෙන් බොහෝ දේ උකහා ගත හැකියි. අප විසින් පෙර බවයේ සිදුකරන ලද කිසියම් අකුසල කර්මයක එල විපාක ලෙස මේ භවයේ විවාහ ජීවිතය අවුල් වීමට, බිද වැටීමට, හෝ ප්‍රමාදයකට මුහුණ දීමට, උරුම නම් එකී කාරනා කල් වේලා ඇතිව දැන ගැනීමටත් එයට නිසි පිලියම් යෙදීමටත් හැකි සාධනීය හා විද්‍යාත්මක එකම ක්‍රමය තමාගේ ජන්ම පත්‍රයයි.

කර්ම චක්‍රය උපතේදීම සටහන්ව ඇති ජන්ම පත්‍ර පරීක්ෂාව මගින්ද යහපත් විවාහ දිවියක් ගත කිරීම සඳහා දෙදෙනා අතර සංසාරික හුරු පුරුදු බවක් පැවතීම විවාහක යුවලගේ හෝ විවාහ වීමට අපේක්ෂිත දෙදෙනාගේ ජන්ම පත්‍ර වල ඇති ගැලපීම් නොගැලපීම් මගින් දෙදෙනාගේ ආත්මීය හුරු පුරුදු බවද අනාවරණය කර ගත හැකිය.

එසේ නම් විවාහ ප්‍රමාද වීම්, විවාහ ගැටලු, දික්කසාද, වැනි විවාහ බිද වැටීම් වන්නේ ඇයි?

ඒකට මෙන්න මේ වගේ විවාහ දෝෂ රාශියක් බලපානවා 7 අධිපති හෝ සිකුරු 22 වන දෙර්කාණාධිපති වීම භෞම දෝෂය - ලග්නයෙන් හා චන්ද්‍රයාගෙන් හා සිකුරුගෙන් 1 2 4 7 8 12 යන ස්ථාන වල කුජ ග්‍රහයා සිටීම.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.