ජීවිතය සාර්ථක හෝ අසාර්ථක කිරීමට බලපාන භෞතික සහ අධ්‍යාත්මික පරමාර්ථ

ජුනි 26, 2020

ඡ්‍යොතිර් විද්‍යාවට අනුව සත්ව ලෝකය පාලනය කරනු ලබන්නේ භෞතික සහ ආධ්‍යාත්මික පරමාර්ථ මගිනි. භෞතික පරමාර්ථ යනු ඇසට පෙනෙන, කනට ඇසෙන, ස්පර්ශයට හසුවන දේවල් ලෙස කෙටියෙන් හඳුනා ගත හැකිය. ආධ්‍යාත්මික පරමාර්ථය යනු ඇසට නොපෙනෙන කනට නොඇසෙන දේවල් ලෙස කෙටියෙන් හඳුනා ගත හැකිය. 

 මෙම පරමාර්ථ ධර්ම මිනිස් ජීවිතයක සාර්ථක අසාර්ථක භාවයට ඍජුව බලපාන අන්දම අප විමසා බලමු. 

මිනිස් ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව මෙවැනි නිරීක්ෂණයක්, සඳහා මෙම න්‍යාය දක්වා තිබෙන්නේ ඡ්‍යොතිර් විද්‍යාව වුවද මේ හා සමාන න්‍යාය ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දී තිබෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මය යනුවෙනි. එහෙත් ඡ්‍යොතිර් විද්‍යාවට අයත් මෙම නිරීක්ෂණ ක්‍රමය හුදෙක් පංචේන්ද්‍රියන්ට පමණක් ගෝචර වන්නා වූ නිරීක්ෂණයක් මාර්ගයක් නොවන බව අමතක නොකළ යුතුය. ඒ මිනිසාගේ කාර්ය ක්ෂේත්‍රයන් මෙහෙයවීමට මුල්වී තිබෙන භෞතික පරමාර්ථවලට වඩා ආධ්‍යාත්මික පරමාර්ථ විසින් ජීවිතය මෙහෙයවනු ලබන ආකාරය මෙම න්‍යාය විසින් වඩා ප්‍රබලව විග්‍රහ කරනු ලබන හෙයිනි. මෙම දොළොස් ආකාර        ක්ෂේත්‍රයන්ගේ ආරම්භය ජීවිත හේතුව යනුවෙන් දක්වා තිබීමෙන් එය මනාව පැහැදලි වනු ඇත. 

ජීවිත හේතුවට මුල් වන්නේ ජනක කර්මයයි. මෙය ලග්නස්ථානය යනුවෙන් ද හඳුන්වනු ලබයි . නැවත ඉපදීමට බලපෑ කර්මානුරූපි චිත්ත ස්වභාවය මෙයින් නිරීක්ෂණය වේ. ඒ අනුව මිනිස් ජීවිතයක සාර්ථක අසාර්ථක භාවයට හේතු සාධක වන මූලික කරුණු බොහෝමයක් අවබෝධ කරගත හැකිවේ. මෙය බුදුදහමේ දී ‘ප්‍රතිසන්ධි සිත’ ලෙස හඳුන්වා තිබේ. මිනිස් ජීවිතයක සාර්ථක අසාර්ථක බවට බලපාන භෞතික සහ ආධ්‍යාත්මික පරමාර්ථ දොළොස් ආකාර වූ න්‍යාය මගින් නිරීක්ෂණය කරගත හැක්කේ පහත දැක්වෙන පරිදිය. 

01 වෙනි භාවය 

කිසියම් ජීවිතයකට මුල් වූ හේතුව තුළ පවත්නා ඉෂ්ට හෝ අනිෂ්ට බව මැන බැලීමෙන් මිනිස් ජීවිතයක සාර්ථක හෝ අසාර්ථක බව ඇති කර ගැනීම සඳහා මාර්ගය යොමුව තිබෙන්නේ කෙසේදැයි නිරාකරණය කර ගැනීමට හැකිවෙනු ඇත.

02 වෙනි භාවය 

 ඒ මත පදනම්ව ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා යොමුව තිබෙන ඉෂ්ට අනිෂ්ට බව මැන බැලීම. 

03. වෙනි භාවය 

ජීවිතය ක්‍රියාත්මක කිරීමට යොමුව තිබෙන පුරුද්ද පිළිබඳ ඉෂ්ට අනිෂ්ට බව මැන බැලීම .

04 වෙනි භාවය 

ජීවිතය සැපවත් බවට පමුණුවා ගැනීම සඳහා යොමුව තිබෙන ඉෂ්ට අනිෂ්ට බව මැන බැලීම 

05 වෙනි භාවය 

ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය බුද්ධි වර්ධනය පිළිබඳ ශක්තියෙහි තිබෙන ඉෂ්ට අනිෂ්ට බව මැන බැලීම 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.