ඇඟිලි තුඩින් කියැවෙන ගුණාංග

ජූලි 3, 2020

හස්ත රේඛා ශාස්ත්‍රය වූ කලී අත්ලේ පිහිටන රේඛා ගැන පමණක් නොව අංගුලිකා, නිය, පිටි අත්ල ආදි සියලුදේ පිළිබඳ අධ්‍යයනය කර ප්‍රතිඵල පැවසීමේ ක්‍රමවේදය කි. මෙසේ වූ හස්තරේඛා ශාස්ත්‍රය තුළ අංගුලිකාවල ස්වභාවයට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. මන්ද යත් කෙනෙකුගේ අත්ල දෙස නොබලාම අංගුලිකා දැකගැනීමට හැකි වන නිසා වෙනි. අංගුලිකා නොහොත් ඇඟිලි වල පිහිටීම තුළින් මොළයේ ක්‍රියාකාරිත්වය හා හැසිරීම පිළිබඳව පූර්ව අවබෝධයක් ගත හැකි ය. 

ඒකකාරි ලෙස පිළිවෙළකට පිහිටන ඇඟිලි නම් පිළිවෙළකට එක් දිශාවකට යොමුකළ හැකි පරිදි පිහිටන සාමාන්‍ය බුද්ධියක් වේ. විවිධ ආකාරයේ ඇඟිලි තුඩු නම් විශාල පැතිකඩ සඳහා යොමු වූ කුතුහලය සහිත බුද්ධියක් නමුදු එක් අංශයක වත් පූර්ණ දැනුම හිමිකර නොගනියි. ඇඟිලි කිහිපයකම විකෘති ස්වභාවයන් පිහිටයි නම් විවිධ අමුතුදේ ගැන සිතන අස්වාභාවික හැසිරීම් සහිත අස්වාභාවික බුද්ධියක් ද සහිත වේ. ඇඟිලිවල දිග ප්‍රමාණය හා පිහිටි හැඩය අනුවද ප්‍රතිඵල පෙන්වා දිය හැකි ය. ඒවා වර්ග කිහිපයක් වේ. 

රූප සටහනේ ආකාරයට (අංක 01) දිගු ඇඟිලි දරන අය පි‍්‍රයමනාප පුද්ගලයෝ වෙති. බොහෝ විට මධ්‍යම හෝ උස්වූ සිරුරු දරන අය වෙති. පිරිස සමඟ හිතවත් වූවෝ වෙති. අන්‍යයන්ගේ මතයට ගරු කිරීම පෙනෙන්නට ඇත. බොහෝ දෙනා හිතවතුන් වනුයේද එබැවිනි. අනුන්ගේ දුකේදී එය දැනෙන හා උදව් කරන්නේද වෙති. 

තමාගේ වැඩ කටයුතුවලදී ඉතාමත් ඕනෑකමින් සියලු කරුණු සොයා බලා ක්‍රියා කරන අයෙකු වේ. බුද්ධිමත්කම ප්‍රයෝජනයට ගන්නාවූ ද, ඕනෑම දෙයක් දැක බලා තේරුම් ගැනීමට හා ග්‍රහණය කර ගැනීමට හැකි පුද්ගලයින් වේ. නිවැරදි වේලාවට නිවැරදි තීරණ ගැනීමට හැකියාව පවතියි. 

කෙටි ඇඟිල්ලක් දරන්නේ නම් (අංක 2) බුද්ධිය ඇත්තේ වුව ද බුද්ධිමත්ව කටයුතු කිරීම අඩුය. ඕනෑම දෙයක් ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ දරයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.