ඔබේ කේන්ද්‍රයේ 4 වැන්නෙන් නිවාස ගැන කියැවේ

ජූලි 10, 2020

ඔබ අලුතින්ම නිවසක් ඉදිකිරීමට සූදානම් වන්නේ නම් ඔබේ කේන්ද්‍රය දක්ෂ වාස්තු විද්‍යාවේදියෙකු ලවා පරීක්ෂා කර ගන්න. එය ඔබට ඉතාම වාසිදායක හා ධනාත්මක පැතිකඩක් හරහා නව නිවාස ඉදිකර ගැනීමට භාග්‍යය උදාවේ.

ඕනෑම ලග්න හිමියෙකුගේ කේන්ද්‍රයේ හතරවැන්නේ තැන්පත්ව සිටින ග්‍රහයින්ගේ බලපෑම් හරහා ඔහුගේ නිවාසය ඉඩකඩම් දේපල ගැන කියැවේ. 4 වැන්නේ රවි නම් රාත්‍රිය තුළ උපත ලබා ඇත. සමහර විට ප්‍රශ්න ඇති කර ගනී. උපතේදී සඳු 4 තුළ නම් සංවේදී චරිතයකි. පහසුකම් සහිත නිවසක් ගොඩ නගා ගැනීමට පහසුයි.

කුජ අඟහරු 4 නම් ඉඩමක් පිළිබඳව ගැටලු පැන නගී. ප්‍රශ්න ඇතිවේ. වෘශ්චිකය හා මේෂ ලග්න හිමි අයට යහපත්ය.

රාහු 4 නම් ප්‍රශ්න පැන නගී. වරින්වර පදිංචිය වෙනස් කරයි. ස්ථාවර නැත. ශනි පැරණි ඉඩමකි. නිවස ගොඩ නැගීමේ ප්‍රශ්න ඇතිවේ. භූමිය එතරම් සුබ නැත.

ගුරු ඉතාම සුබ ඉඩමක් හිමිවේ. දේපල සැප සම්පත් ලැබේ. නිවසද ඉතාම වාසනාවන්ත වේ.

බුධ හතරේ නම් ඉතාම සුබයි. යස ඉසුරු සැප සම්පත් හිමි නිවසක් ගොඩ නගා ගත හැකිය. දියුණුව වහා අත්වේ. මහල් ,දෙමහල්, සිව්මහල් මන්දිරයක් ඉදිකර ගත හැකිය.

කේතු නම් එය එතරම් සුබ රහිත නිවසකි. අඳුරු ගතිය ඇත. දියුණුව හීනයි. වාසනාව තරමක් පමණයි. ප්‍රශ්නකාරි නිවසක් විය හැකිය.

සිකුරු නම් ඉතාම සුබයි. රවි යෝග වීම තරමක් දුරට ප්‍රශ්නකාරි වේ. සිකුරු 4වැන්න වී වෘෂභ තුලා වීම සුබදායක වේ.

කලාත්මක පරිසර රටාවක දෙමහල් නිවසක් ඉදිකර ගැනීමට හැකිවේ. භූමියට ලක්ෂ්මී ආකර්ශනය ලැබේ. කේන්ද්‍රයේ 4 වැන්න පමණක් නොව 2,9,11 මෙන්ම ලග්නයද සුබවාදී ග්‍රහ හැසිරීම් තිබීම අනිවාර්යවේ. ඔබ නිවසක් සෑදීමට අදහස් කරන්නේ නම් පළමුව ඔබේ ජන්ම පත්‍රය පරික්ෂා කර බලා නැකත ්සුබ වාදීව සැලසුම ඇඳගෙන බලගතු නැකතකින් ඔබට ගැලපෙන සේ නිවස ඉදිකර ගන්න.හිතෙන හිතෙන හැටියට ගෙවල් හදන්න එපා. එය ඉතාම අසාර්ථකයි.

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ
වාස්තුවිද්‍යාවේදී දේශබන්ධු
ටී හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.