ඔබේ දරුවා සරසවි යවන්නේ මෙහෙමයි

ජූලි 31, 2020

මේ වන විටත් ඔබේ දරුවා ප්‍රාථමික හෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ අධ්‍යාපන තලයකට යොමුවී  ඇත්නම් දරුවාගේ මානසිකමය දියුණුව සමඟ බද්ධ වූ දරා ගැනීමේ කුසලතාවය ගැන නිරීක්ෂණය කළ යුතු වේ. දරුවෙකු උපත ලත් විට ඔහුගේ බුද්ධි පරාසය සීඝ්‍රයෙන්ම මනෝමය ශක්තිය තුළ අරෝපණය වේ. විවිධ විෂයන් හරහා සිය බුද්ධිය මෙහෙයවනු ඇත. 

දරුවාටම ආවේනිකවූ බුද්ධිමය බලශක්තිය යොමුවන අංශයන් විවිධයි. කෙනෙකු විද්‍යාවත් තවත් අයෙකු කලා අංශයටත් නැඹුරු වේ. සහජමය කුෂලතාවය මත රැඳී පවතී. එය බලෙන් කෙනෙකුට වෙනස් කළ නො හැක. නීතිය, තර්ක විද්‍යාව, හරහා නීතිය පැත්තට හෝ විද්‍යා අංශයෙන් වෛද්‍ය අංශ මෙන්ම කළමනාකරණය, ගිනුම්කරණය වැනි විෂයන්ට නැඹුරු වී එයින් උසස් ප්‍රතිඵල නෙළාගනු ඇත. 

ඡ්‍යොතිෂ අංශයෙන් නිරීක්ෂණය කරන විට දරුවෙකු අනාගතයේදී කරන්නේ කුමක්ද කුමන විෂය පථයකට නැඹුරු වේද යන්න සොයා බැලීමට ඔහුගේ ජන්ම පත්‍රය තුළින් අනාවරණය වේ. 

පෙර පාසල තුළදී දරුවා ඉතාමත්ම දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින් සිට පසු කාලයකදී ඉගෙනීමේ දක්ෂතාවය අඩුවන බවද පෙනේ. දරුවන්ට මෙවැන්නාක් පොදු ධර්මතාවයකි. කුඩා අවදියේදී සිටම සරසවි පිවිසුම දක්වාම ඉතාම දක්ෂව සිය ඉගෙනීම් කටයුතු කරන පිරිස්ද ඇත. අතරමග ඉගෙනීම් කටයුතුවල තරමක පසු බෑමකට ලක්වන්නේ නම් ඒ ගැන දෙමාපියන් උනන්දුවීම අනිවාර්ය වේ. 

අයාලේ යෑමට දරුවන් අර අඳින්නේ සමාජ බලවේග හරහාය. එයට ග්‍රහයන් පළි නැත. කේන්ද්‍රයේ දෝෂයක්ම නොවේ. ඇසුරු කරන අය නොමගට මඟ පෙන්වීම ඉගෙනීම කඩාකප්පල් කර දැමීම් ආදිය පහසුවෙන්ම කළ හැකිය. දරුවා යහමඟට හැරවීමට වඩා නොමඟට හැරවීම ඉතාමත්ම පහසුය. කුඩා දරුවන් අත්බණනය (ෆෝන්) භාවිතයට හුරුවී ඇත. හොඳට වඩා නරක පැත්තට වහා හැරවීම  ලෙහෙසිය. නවීන තාක්ෂණයට යොමුවී බුද්ධි පරාසය කුළුගන්වන තැනට පත්වන්නේ නම් එය ඵලදායි වේ. ෆෝන් රූපදසුන් බැලීම හා ඇසීම ජීවිතයම කරගන්නට ගොස් ඉදිරි අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ මුඛයට පත්කර ගන්නා අයද සමාජයේ විශාල පිරිසක් ඇත්තේය. දරුවාගේ පාසල් සමය ගැන දෙමාපියන් වඩාත් උනන්දුවිය යුතුයි. ප්‍රවේශමෙන් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුවේ. 

තරුණ වියට පා තබන විටම පෙම්සබඳතාවලට පටලැවී මුළු ජීවිතයම විනාශ කර ගන්නේ නම් එයට වගකිවයුත්තේ කවුරුන්ද? පාසල් ඉගෙනුම් කාල පරාසය ඇතුළත බුද්ධිය මෙහෙයවා තමාගේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමට තමා තරයේ සිතිය යුතුවේ. 

එයට දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් හා ගුරුවරුන්ගේද සහයෝගය අනිවාර්ය වේ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.