ඔබ උපන් දෙර්කාණය අනුව හිමිවන සුබ අසුබ

ජූලි 31, 2020

රාශියක ප්‍රමාණය අංශක 30 කි. එම අංශක 30 සමාන කොටස් තුනකට බෙදූ විට ඉන් එක් කොටසක් දෙර්කාණයක් වේ. එවිට එක් රාශියකට දෙර්කාණ තුනක් ඇති බවත් දෙර්කාණයකට අංශක 10 ක් බවත් පැහැදිලිය. ඒ අනුව පළමු අංශක 10 පළමු දෙර්කාණය වෙයි. 

අංශක 10 සිට 20 අතර දෙවන දෙර්කාණය ද අංශක 20 සිට 30 අතර තුන්වන දෙර්කාණය ද වේ. රාශි 12 ට දෙර්කාණ 36 කි. ඔබ උපන්නේ කීවැනි දෙර්කාණයෙන් දැයි දැන ගැනීමට පහසුව පිණිස නිදසුනක් දක්වතොත් මැනවැයි සිතේ. ඔබ උපන්නේ මේෂ රාශියේ (ලග්නයේ) අංශක 00 ත් අංශක 10 ත් අතර නම් ඔබට මේෂ රාශියේ පලමු දෙර්කාණය හිමි වේ. අංශක 10 20 අතර නම් දෙවන දෙර්කාණය ද අංශක 20 -30 අතර නම් තුන්වැනි දෙර්කාණය ද හිමි වේ. මේ ආදි වශයෙන් අනෙක් රාශිවලට ද දැන ගැනීම පහසු වේ. ඔබ උපන් දෙර්කාණය අනුව හිමි වන සුබ අසුබ මෙතැන් සිට විස්තර කෙරේ. 

මේෂ රාශියේ පළමු දෙර්කාණයෙන් උපන්නේ නම් වේගවත්ය. වික්‍රමාන්විත ක්‍රියාවලට දක්ෂ වේ. කුමන බාධාවක් කරදරයක් පැමිණියත් නොපසුබටවම ඉදිරියට යයි.දේපළ සහ රැකියා ලාභ හිමි වේ. එහෙත් වාසනාව වරින් වර ඉහළ පහළ යයි. විවාහයෙන් පසුව වාසනාවන්ත වේ. ක්‍රමානුකූලව වැඩ කරයි. 18,28,36,42,46,50 යන වයස් සීමා වලදී තම ජීවිතයේ වැදගත් සිදුවීම් සිදුවේ. 

මේෂ රාශියේ දෙවන දෙර්කාණයෙන් උපන්නේ නම් දුර දිග බලා කටයුතු කරයි. ලොකු වැඩ කරන්නට යන්නේ නැත. අරපරිස්සම් සහිතය. නමුත් අධික ලෙස වියදම් කරයි. තම මතය අනුව කටයුතු කරන, තරමක් ආඩම්බර ගතියක් ද තියෙන කෙනෙකි. උපායශීලිය . 20,24,36,39,47, 56,61 යන වයස් සීමා වලදී ආර්ථික ශක්තිමත් වේ. 

මේෂ රාශියේ තුන්වන දෙර්කාණයෙන් උපන්නේ නම්, උත්සාහයෙන්, උනන්දුවෙන් රැකියා ව්‍යාපාරවල යෙදී ධනය උපයා ගනී. නමුත් මූල්‍ය දුෂ්කරතා පැනනඟී. ගණුදෙනුවකදී කරදරයකට පත් වේ. සතුරු කරදර ද නැත්තේ නොවේ. අතට මුදල් ලැබුණත් නොරැඳෙන ගතියක් තිබේ. 21, 25,31,34,36,42,51,52 යන වයස් සීමාවලදී තම ජීවිතයේ වැදගත් සිදුවීම් සිදු වේ. 

වෘෂභ රාශියේ පළමු දෙර්කාණයෙන් උපන්නේ නම් ජීවිතයේ මුල් කාලයේදී සැප සම්පත් ලැබේ. දිවියේ අග භාගය තුළදී සම්පත් අඩුවේ. අතට මුදල් ලැබෙන මුත් ළඟ තබා ගැනීම අසීරු ය. ලෝභකමක් නොවේ. දුර දිග සිතා නොබැලීම හේතුවෙන් ආර්ථික අමාරුකම්වලට ලක් වේ. දේපළ හා නීති ප්‍රශ්න ඉස්මතු වේ. රණ්ඩු දබරවලට පැටලේ. 21,28,31,42,51,65,68 ඉතා වැදගත් වර්ෂයන් වේ. 

වෘෂභ රාශියේ දෙවන දෙර්කාණයේ උපන්නේ නම් අරපරිස්සම් සහිතය. ජීවිතය වාසනාවන්ත වේ. ණය වෙන්නටත් ණය දෙන්නටත් කැමති නැත. ගෙදර දොර වැඩ කටයුතු කිරීමට දක්ෂය. සමහර දේ ගැන ඕනවට වඩා කල්පනා කරයි. ඒ හේතුවෙන්ම පාඩු ද සිදු කර ගනී. තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට නිතරම වෙහෙසේ. 17,21,24,33,50,55 යන වර්ෂ ජීවිතයේ වැදගත් වර්ෂයන්ය. 

වෘෂභ රාශියේ තුන්වන දෙර්කාණයෙන් උපන්නේ නම් සැප ලබන්නේ අඩුවෙනි. ධනය ලැබීමට වඩාත් වෙහෙසිය යුතුය. ඉඳහිට දුක්බර අත්දැකීම් ලබයි. ලෝභ නැත. නමුත් වියදම් පරිස්සමින් කළ යුතුය. වැඩි හරියක්ම ගැටලු මතුවන්නේ අදූරදර්ශීව ක්‍රියා කිරීම හේතුවෙනි. 18 ,22,26,31,35,42,51,57 යන වර්ෂ ඉතා වැදගත් වේ. 

මිථුන රාශියේ පළමු දෙර්කාණයෙන් උපන්නේ නම් වාසනාව නිතර  ඉහළ පහළ යයි. බව භෝග සම්පත් ලැබීමට හේතු වේ. තරුණ වයස පසුවෙත්ම හොඳ ආර්ථික ශක්තියක් ළඟා කරගනී. නමුත් මුදල් ගණුදෙනු කටයුතුවලදී කල්පනාකාරි වීම වැදගත් වේ. චාම් දිවි පෙවෙතක් ගත කරයි. 16,23,30,45,54 යන වර්ෂ වලදී ජීවිතයේ වැදගත් දේ සිදුවේ. 

මිථුන රාශියේ දෙවන දෙර්කාණයෙන් උපන්නේ නම් රැවටිලි ප්‍රයෝගවලට ලෙහෙසියෙන්ම හසු වේ. ඕනෑම කටයුතුවලදී තරමක ප්‍රමාදයක් වේ. දූරදර්ශී වෙතත් ඇතැම් විටක අලාභ පාඩු සිදු කර ගන්නේ ද වේ. ස්වකීය කටයුතු කෙසේ හෝ සාර්ථක කර ගන්නටම බලයි. රාජ්‍ය ප්‍රසාදය අහිමි විය හැකියි. විනෝදයට නැඹුරු වේ. 19,23,25,29,32,36,43,46,49 යන වර්ෂයෙන් ඉතා වැදගත්ය. 

මිථුන රශියේ තුන්වන දෙර්කාණයෙන් උපන්නේ නම් සිය ඥානය බුද්ධිය මෙහෙයවා ආදායම් ලබන්නෙකි. ඉගෙනීමට ද පාලනය කිරීමේහිද දක්ෂ වේ. වයස අවුරුදු 45,46 කාල වලදී සිතට අසහනකාරී හැඟුම් වේ. නීතියේ රැහැනට හසු විය හැකිය. නඩත්තු කිරීමේ වියදම වැඩි කරයි. මුදල් සම්බන්ධයෙන් කරන කටයුතු බොහෝ පරිස්සමෙන් එම කාලවකවානුවේදි කළ යුතුය. 24,29,33,35,41,47,59,60,62 වර්ෂ වැදගත්ය. 

කටක රාශියේ පළමු දෙර්කාණයෙන් උපන්නේ නම් තමන්ගේ පාඩුවේ ජීවිතය ගෙනයාමට උත්සාහ ගනී. බැරෑරුම් ප්‍රශ්න වෙතත් ඒවා ගණන් නොගනී. කල්පනාකාරී නොවීම නිසා විවිධ මතුකර ගනී. අනිසි ලෙස මුදල් වැය කරන්නට පෙලඹේ. අරපරිස්සමද නැත්තේ නොවේ. නැදෑයින් විරුද්ධකම් කරන්නට පෙලඹේ. 17,24,29,31,39,49 . 52 යන වසරවලදී ජීවිතයේ වැදගත් දේවල් සිදුවේ. 

කටක රාශියේ දෙවන දෙර්කාණයෙන් උපන්නේ නම් සංවිධාන කටයුතුවල දක්ෂය. සමාජශීලිය. විටින් විට මූල්‍ය ලැබීම් තිබෙන, නමුත් ඉතිරි කර ගැනීමට අපහසුවන ගතියක් වේ. අවිනිශ්චිත කටයුතුවලින් අවඩැක්මය. නීති ප්‍රශ්න මතු වෙතොත් පාඩු සිදුවේ. සමාජයේ ජනපි‍්‍රය වේ. රවි ග්‍රහයා 10 වැන්නේ වෙතොත් රජයට සම්බන්ධ වේ. දේශපාලනයට ද නෑකමක් වේ. 18, 22, 34, 44, 53, 60 යන වර්ෂ ජීවිතයේ වැදගත් ඒවාය. 

කටක රාශියේ තුන්වන දෙර්කාණයෙන් උපන්නේ නම් දිවියේ අග භාගය තුළදී සම්පත් අඩුවේ. අය වැය නොදනී. අපරික්ෂාකාරිය. වාසනාව උඩුයටිකරු වේ. විටක හිතුවක්කාර ක්‍රියාවල නිරත වන්නේය. 19,26, 33, 36, 45, 48 යන වර්ෂ ඉතා වැදගත්ය. 

සිංහ රාශියේ පළමු දෙර්කාණයෙන් උපන්නේ නම් පරෝපකාරයෙහි ඇලේ. කුමන බාධාවක් කරදරයක් පැමිණියත් නොපසුබටව ඉදිරියට යයි. ඒ නිසා ලැබීම් පැත්තට හොඳයි. එහෙත් අවශ්‍ය වේලාවට අතේ මුදල නොමැති වීමට පිළිවන්. භාග්‍ය වරින් වර වෙනස් වෙයි. වැඩකටයුතුවලට අනපේක්ෂිතව බාධා පැමිණේ. ගුප්ත ශාස්ත්‍ර කෙරෙහි විශේෂ අවධානය වෙයි. බොහෝවිට ඡ්‍යොතිෂය උගනී. 21,26,31,33,38,43,50,54 යන වයස් සීමාවන් ඉතා වැදගත්ය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.