කැන්සර් (Cancer) හෙවත් කටක තාරකා රාශිය

ජූලි 31, 2020

තාරකා රාශි චක්‍රයේ (Zodiac)  4 වැනි තාරකා රාශිය වන මෙය කකුළුවකුගේ හැඩය නිරූපණය කරන බැවින් කටක හෙවත් කැන්සර් යනුවෙන් හැඳින්වෙයි.

 සෑම වසරකම  ජූනි 21 වන දින හිරු උතුරට ළඟා වන්නේ මෙම තාරකා රාශිය අසලිනි. සෑම වසරකම මාර්තු මස රාත්‍රී 8.00 ට අහස මුදුනේ නිරීක්ෂණය කළ හැකිය. 

ඇල්ෆා කැන්ස්රි

 (  Cansri)  

ඇකුබන්ස් (Acubens)  යනුවෙන් හැඳින්වෙන මෙය සුදු ද්විත්ව තරුවකි. (White Double Star)    මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 99 ක් දුරින් පිහිටා ඇත. මෙහි ප්‍රාථමික තරුවේ දීප්ති විශාලත්වය 4.27 වන අතර, සහායක තරුවේ දීප්ති විශාලත්වය 11 කි. මෙහි ප්‍රාථමික තරුව වර්ණාවලි පන්තියට අනුව FO  වර්ගයට අයත් වෙයි. 

ගැමා කැන්ස්රි  

(  Cansri)

ඇසෙල්ලුස් බොරියලිස් (Asellus Borealis)  නමින් හැඳින්වෙන මෙම තරුව දීප්ති විශාලත්වය 4.73 කින් යුක්ත වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 230 ක් දුරින් පිහිටා ඇත.

ඩෙල්ටා  කැන්ස්රි  

( Cansri)

මෙම තරුව ඇසෙල්ලුස්  ඔස්ට්‍රාලිස්           ( Asellus Australis) යනුවෙන් ද හැඳින්වෙයි. අඳුරු තරුවක් වන මෙහි දීප්ති විශාලත්වය 4.17 කි. කෙසේ වෙතත් යෝධ තරුවල වර්ණාවලි පන්තිය වන  KO

 වර්ගයට මෙම තරුව අයත් වෙයි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය 0.0 කි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 220 ක් දුරින් පිහිටා ඇත. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.