වෘෂභ, ධනු, මීන රාශිවලට සුබදෙන සඳු , ගුරු සංයෝගය

ජූලි 31, 2020

සඳු සූර්ය ග්‍රහ මණ්ඩලයට අයත් වුවත් පෘථිවියේ උප ග්‍රහයෙකි. දින 27 කට වරක් පෘථීවිය වටා ගමන් කරන සඳු වසරකදී එවැනි වාර දොළහකට වැඩි ප්‍රමාණයක් පෘථිවිය වටා පරිභ්‍රමණය වෙමින් සූර්යයා වටා එක් වටයක් යයි. 

එහෙත් ගුරු සූර්ය මණ්ඩල ග්‍රහයෙකු වන අතර සූර්ය ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වේ. එය සූර්යයා වටා යාමට අවුරුදු 12 ක් ගත වන අතර රාශියක වසරක පමණ කාලයක් ගතකරයි. ඒ අනුව සෑම මසකටම වරක් සඳු, ගුරු එකම රාශියකදී සංයෝග වන අතර එය වසරකට දොළොස් වාරයකට වැඩි වේ. 

සඳු,ගුරු සෞම්‍ය ග්‍රහයෝය. සඳුට ගුරු සම ග්‍රහයෙකි. කටකයේදී සඳු ස්වක්ෂේත්‍ර වන අතර ගුරු උච්ච වේ. එබැවින් සඳු ගුරු සංයෝගය වඩාත් ශුභඵල දෙන්නේ කටක රාශියේ දීය. සඳු කටක රාශියේදී කුලීර යෝගය උදාකරන අතර ගුරු කටකයේදී ගුරුහංස නම් මහාපුරුෂ යෝගය උදා කරයි. මෙම සංයෝගය අන් අයගේ ගෞරවාදරයට පාත්‍රවන හොඳ සමාජ තත්ත්වයක් හිමි අනුකම්පාව මෛත්‍රිය පෙරදැරි කරගත් මෘදු, මොළොක් ගතිගුණ වලින් යුත් අන් අයගේ අවධානයට ලක්වන ඉක්මනින් සසලවන හිතක් ඇති ධන ධාන්‍ය වලින් සපිරි සේනා සම්පත් ඇති උසස් බුද්ධි මට්ටමකින් යුත් උසස් තනතුරු ලබන ස්ථුල ශරීරයක් හා පියකරු පෙනුමක් ඇති සමාජයේ ගරු බුහුමන් ලබන අයවලුන් මෙම යෝගයෙන් බිහිකරයි. 

මෙම සඳු ගුරු සංයෝගය වෘෂභ, ධනු, මීන රාශි වලදී වඩාත් යහපත් වන අතර, වෘශ්චික හා මකරයේදී එතරම්ම යහපත් නොවූවත් අන් රාශි වලදී යහපත් තත්ත්වයන් උදාකරයි. 

එමෙන්ම සඳු ගුරු කේන්ද්‍රගත වීමෙන් ත්‍රිකෝණගත වීමෙන් හා එකට සංයෝග වීමෙන් ගජකේෂරී යෝගය උදාකරන අතර මෙම යෝගයද කටක රාශියේදී වඩාත් ප්‍රතිඵල ඇති කරයි. තවද මේෂ, තුලා , මකර රාශිවලට මෙහි බලපෑම හොඳින් ලබා දේ. මෙම සංයෝගය ධනුවේ හෝ මීනයේ සිදු වුවහොත් ඉතා ශුභ වන අතර, මිථුන, කන්‍යා, රාශි වලදීද යහපත් තත්ත්වයක් ගෙන දේ. නෑදෑයින් බොහෝ ඇති උසස් අධ්‍යාපනයක් ලබන වාසනාවන්ත දූ දරුවන් හිමි ලේඛන කලාවට දක්ෂ අයෙක් මින් ජනිත වේ. 

එමෙන්ම චන්ද්‍ර කේන්ද්‍රයේ 3,6,10,11 ස්ථානවල ගුරු පිහිටා බුධ හා සිකුරුද එම ස්ථානයක ගෝචර වුවහොත් එම ජන්මියාට වාසනාවන්ත අනාගතයක් හිමිය. ආදායම, බලය, ආහාර, ලෞකික දියුණුව, වැටුප්, ලාභ හා ආර්ථික දියුණුව ලබන අයෙකි. එමෙන්ම චන්ද්‍ර කේන්දරයේ 6,7,8 ස්ථාන වල ගුරුද බුධ හා සිකුරුද ගෝචර වීමෙන් යහපත් ප්‍රතිඵල ගෙන දේ. ජන ප්‍රසාදය ලබා නායකත්වයට හා රාජ්‍ය නායකත්වයට පත්වන පිහිටීමකි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.