ඔබේ කේන්ද්‍රයේ නවවැන්න හෙවත් භාග්‍යස්ථානය

අගෝස්තු 7, 2020

පුන්‍යස්ථානය, භාග්‍යස්ථානය, තපස්ථානය , ශුභස්ථානය , ගුරු ස්ථානය ආදී නම්වලින් හැඳින්වෙන කේන්ද්‍රයේ නව වන කොටුවෙන් හෙළිවන්නේ ඔබේ ජීවිතයට භාග්‍ය හෝ අභාග්‍ය උදා වන අයුරු ය. 

ගුණගරුක බව, ඔබේ වාසනාව, ආගමික භක්තිය, පියා මෙන් ම පියාගේ ඥාතීන් පිළිබඳව පෙර කල පින් ඇති නැති බව, ආගමික භක්තිය, උසස් අධ්‍යාපනය ලැබීම. සහජ ඥානය, පොත පතට නැඹුරුව ආත්ම ගෞරවය, මිතුරු සබඳතා ආදිය පිළිබඳව නව වැන්නෙන් කියවේ. 

විශේෂයෙන් ලග්නයෙන් ආයුෂ ගැන බලනවා මෙන්ම නව වැන්නෙන් ජන්මියාගේ භාග්‍ය ගැන බැලීම සාමාන්‍ය සිරිත ය. ආයුෂ හා භාග්‍ය නැති කල්හි අන් කවර දේ වත් නොවටිනා බව ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයේ නිගමනයයි. 

පුන්‍යස්ථානය හෙවත් දහම් තැන ලෙස හැඳින්වෙන නව වැන්න බලවත් වීම භාග්‍යවතුන් බිහිකරවන්නන් බව කියවේ. පුන්‍යස්ථානය අධිපති උච්ච බලයෙන් යුක්තව නව වැන්නේ පිහිටීම දෙව්ලොවින් චුතව මනුලොව උපත ලැබීමත් බව කියවේ. මෙසේ උපත ලබන අය උගතුන් විද්වතුන් මෙන් ම සියලු යස ඉසුරින් පිරුණු අය වන බව ඡ්‍යොතිෂය සඳහන් කරයි. 

ඔබේ කේන්ද්‍රයේ නවවැන්නේ ස්වභාවය, පිහිටා ඇති ග්‍රහයන් පිළිබඳව අපි විමසා බලමු. 

රවි ග්‍රහයා :– රවි නව වැන්නේ සිටිය දී උපන් අයට පියාගේ දේපල නොලැබේ. උසස් අධ්‍යාපනය තියුණූ ඥානය, දේශාන්තර සංචාර ආදිය යෙදේ. ස්වකීය පරපුරේ ප්‍රකට තැනැත්තා වේ. නොමැකෙන නමක් ඉතිරි කර නසී. රවි නව වැන්නේ නීච වූ විට ඉතා නරකය. එසේ වූ විට කුජද අට වැන්නේ නම් කාලකන්නි යෝග යෙදේ. 

සඳු ග්‍රහයා :– සඳු නව වැන්නට ඉතා ශුභ වේ. ආගමික භක්තිය ඇත. විදේශ සංචාරයන්ට ඉඩ ප්‍රස්ථාව ලැබේ. පි‍්‍රය උපදවන යහපත් ශරීරය වෙයි. පාපයෙහි නො යෙදේ. ගරු සරු ලැබීමට සුදුස්සෙක් වේ. ගුරු තනතුරුවලට ඉතා යහපති. උසස් ඉගෙනීමක් ලබා දේ. 

කුජ ග්‍රහයා :– කුජ නව වැන්නේ නම් ආගමික භක්තිය හීන කරයි. පියාට සහ වැඩිහිටියන්ට අකීකරු වේ. ස්ත්‍රීන් සම්බන්ධ සිතිවිලි දියුණු වේ. නිතර ස්ත්‍රීන් ගැන සිතයි. 

බුධ ග්‍රහයා – බුධ නවවැන්නේ සිටින්නන් පියාට භක්තිවන්ත වේ. ධාර්මික ජීවිකාව වේ. උසස් අධ්‍යාපනයට ඉඩ ලැබේ. සත්‍යවාදී වේ. සීලයෙන් හා ශක්තියෙන් යුක්ත වේ. 

ගුරු ග්‍රහයා – ගුරු නවයට ඉතාමත් යහපත් වේ. සියලු යස ඉසුරු ලබා දේ. උසස් අධ්‍යාපනය ලබයි. ධර්මිෂ්ට වේ. දෙමාපිය ගුරුවරාදින්ට ගරු සරු දක්වයි. සීලවන්තයකු ලෙස අන්‍යයන්ගේ ගරු සැලකිලි ලබයි. 

සිකුරු ග්‍රහයා – සිකුරු නවවැන්නේ නම් ධාර්මික වේ. උසස් අධ්‍යාපනය ලබා දේ. දෙමාපිය වැඩිහිටියන්ට පූජ්‍ය පක්ෂයට ගරු කරයි. පියාට ගුණ ලැබේ. කේන්ද්‍ර හිමිකරුගේ උත්පත්තියෙන් පසු පියාගේ වැඩිදියුණුව සැලසේ. කර්මාන්තාදියෙහි දක්ෂ වේ. 

 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.