අත් අකුරුවලින් හෙළිවන තොරතුරු

අගෝස්තු 14, 2020

ඔබ ලියන අකුරුවල විවිධත්වයක් ඇත. එසේම විවිධ රටාවලට ලිවිය හැකි ය. සිතා මතා ලියන විට පැහැදිලිව ඇත. ඉක්මණින් කෝපයෙන්, බියසුළු වීමෙන් සතුටින් ආදරයෙන් ලියන විටද විවිධාකාරව ලියවෙයි. කාන්තාවන්ගෙග් අත් අකුරු හැඩවීමත් පැහැදිලිවීමත් ඇති බවට සම්මතයක් නැත. පිරිමින්ගේ ද  අත් අකුරු හැඩයි. පැහැදිලියි.

 සුන්දරත්වයක් විවිධත්වයටද  ලියයි. සමහරෙකු අකුරු ලියනවා නොව අඳියි. කෙසේවත් මෙම ලියන අකුරුවලින් පුද්ගලයා හෝ තැනැත්තියගේ ගතිගුණ හා චරිතයක් සැඟවී ඇති බවට ද රහසකි. 

මෙම ලියන අකුරුවලින් විවිධ තොරතුරු දැන ගැනීමට පොතපතින් හා විවිධ ලේඛනවලින් දැන ගැනීමට හැකිවේ. යැයි සිතන අතර බටහිර විද්‍යාඥයින් හා ලේඛකයන්ගේ මතයන් තුළින් හා  පෙර සෘෂිමත අනුවත් එම තොරතුරු හා විස්තරයක් ද ඒ අතරට එක්වීද ඇත. 

දේශීයත්වයක් සෘෂි මතයක් තුළින් කියවෙන තොරතුරු අපට ආවේනිකයි සිතා ඔබ ලියන අත් අකුරු වල මෙයින් දක්වා ඇති තොරතුරු සමාන දැයි පරීක්ෂාකාරීව බලන්න. ඒ අනුව විවිධ ගති ගුණ හා චරිත ඇත්තන් ගැන ඔබටද සිතා බලා අදාළ කටයුතුවලදී තේරුම් ගෙන කටයුතු කර ගත හැකි බව සිතන්න. පරීක්ෂාකාරී වන්න. 

සමානි සම පාදනී - සමාංශානී සමඞ ශිරාඞ 

අක්ෂරානී ප්‍රතිෂ්ඨනෙ - මෘදුනී ලලිතානිච 

මේ ලියන අත් අකුරුවල ලාලිත්වය දැක්වෙන්නකි. තමා ලියනු ලබන අක්ෂරවල, පාපිලි ආදියේ ප්‍රමාණයට ඇලපිලි, ආදියද සියුම් වන බව ය. සමවූ, සිරස් යනු අකුරෙහි ඉස්පිළි ආදිය ගැළපෙන යෝග්‍ය වූ ප්‍රමාණයෙන් යුක්ත වීමයි. 

අක්ෂරගජ, සිංහ හංස යනුවෙන් තුන් ආකාරයට වීමයි. ‘ගජක්ෂරයක්’ උස මහත රවුම් (කවාකාර බවයි. ‘සිංහ’ අක්ෂර යන උසස් ආකාරයෙන් ලියවෙන අක්ෂරයෝ ය. හංසා ක්ෂාරයන් මහතින් වැඩියි. සමානයි. දිගින් තරමක් වැඩියි. අලංකාරත්වය, පිරිපුන් බවෙන් ලිවීමේ දී මේ හැඩයන් බොහෝ සෙයින් උපකාරී වෙයි. 

ඔබ හෝ මම ලියන අත් අකුරුවල ස්වරූපය අනුව සැඟවී ඇති රහසක් සැඟවී ඇති බවට දන්නා හෝ නොදන්නා විය හැකියි. ගජ, සිංහ, හංසාකාර ලක්ෂණයන්ට බොහෝ සෙයින් සමාන වන පරිදි හැම කෙනෙකුගේ ලියන අක්ෂරයන්ද සමාන වන බව පෙනී යයි. මේ ත්‍රිවිධාකාර ලක්ෂණයන්ට වෙනස්ව කුඩා විවිධ හැඩතල හා පිළිවෙළක් නොමැතිව එක ගොඩට ලියන ඇත්තෝ ද වෙති. ඒ ඒ ලියන අක්ෂරයන් අනුව ඒ අයගේ ගති පැවැතුම් හා චරිත ලක්ෂණයෝ විවිධ වෙති.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.