ස්කෝපියස් (Scorpius) හෙවත් වෘශ්චික තාරකා රාශිය

සැප්තැම්බර් 4, 2020

තාරකා රාශි චක්‍රයේ 8 වන තාරකා රාශියයි. දක්ෂිණ අර්ධ ගෝල අහසේ යෝධ ප්‍රශ්නාර්ථ සලකුණක් ලෙස දිස් වන මෙම තාරකා රාශිය තුළින් ක්ෂීරපථයේ එක දඟර බාහුවක් (Spiral arm)  පිහිටා ඇති බැවින් සඳඑළිය නැති අඳුරු රාත්‍රියක ද මෙම දඟර බාහුව සිහින් වලා රොදක් ලෙසට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි ය. විශාලත්වයෙන් 33 වැනි තැන ගනී. 

ඇල්ෆා ස්කෝපි  (α Scorpii )

ඇන්ටාරස් (Antares) යනුවෙන් හැඳින්වෙන මෙය රතු සුපිරි යෝධ තරුවකි. (Red Super Giant Star) අපගේ හිරුගේ විෂ්කම්භය මෙන් 300 ගුණයක් පමණ විශාලත්වයකින් යුත් මෙම තරුවේ මතුපිට උෂ්ණත්වය කෙල්වින් අංශක 3,500 (3,5000 k )   කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය සෘණ 5.0 (- 5.0) කි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 365 ක් දුරින් පිහිටා ඇත. 

β1  β2 ස්කෝපි (β1 β 2 Scorpii ) 

ඇක්රබ් (Acrab)  යනුවෙන් හැඳින්වෙන මෙම තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 540 ක් දුරින් පිහිටා ඇත. ද්විත්ව තරුවකි. දීප්තිය 2.90 ක් වන අතර, නිරපේක්ෂක දීප්ති විශාලත්වය සෘණ 3.4 (-3.4) කි. 

ඩෙල්ටා ස්කෝපි δ Scorpii)

ඩෂ්වුබා (Dschubba)  යනුවෙන් හැඳින්වෙන මෙය උප යෝධ තරුවකි. (Sub Giant Star)  වර්ණාවලි පන්තියට අනුව BOණ  වර්ගයට අයත් වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 990 ක් දුරින් පිහිටා ඇත. 

ලැම්ඩා ස්කෝපි (λ Scorpii) 

ෂාහූලා (Shaula)  යනුවෙන් හැඳින්වෙන මෙම තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 270 ක් දුරින් පිහිටා ඇත. දීප්ති විශාලත්වය 1.77 කි. වර්ණාවලි පන්තියට අනුව ඕ2 වර්ගයට අයත් වෙයි. මෙම තරුවට තවත් කුඩා සහායක තරුවක් ඇති බැවින් එම සහායක තරුව දින 5.6 කට වරක් සිය මව් තරුව වටා ගමන් කරන බැව් ද සැලකේ. 

සිග්මා ස්කෝපි (σ Scorpii)

විචල්‍ය තරුවකි. බීටා කානිස් මෙජොරිස් තරුවට බෙහෙවින් සමාන වෙයි. දීප්ති විශාලත්වය 3.0 සිට 3.8 දක්වා සෑම දින 0.247 කට වරක් වෙනස් කර ගනියි. හීලියම් තරුවක් වන මෙය වර්ණාවලි පන්තියට අනුව  B1 වර්ගයට අයත් වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 630 ක් දුරින් පිහිටා ඇත. 

ඇතුළාන්ත ආකාශ වස්තු 

අඳුරු රාත්‍රියක දී පියවි ඇසින් පවා නිරීක්ෂණය කළ හැකි දීප්තිමත් ආකාශ වස්තු රැසක් වෘශ්චික  තාරකා රාශිය තුළ පිහිටා ඇත. ඒ අනුව M6  හෙවත් NGC 6405  සහ M7 හෙවත් NGC  6475 යන විවෘත තරු පොකුරු මෙන්ම M4 හෙවත් NGC 6121, M80   හෙවත්NGC 6093  යන ගෝලාකාර තරු පොකුරු   හා NGC 6322  යනුවෙන් හැඳින්වෙන ගෝලාකාර තරු පොකුර කුඩා දුරදක්නයකින් හෝ දෙනෙතියකින් නිරීක්ෂණය කළ හැකි ය. 

වෘශ්චික තාරකා රාශියේ දත්ත 

කෙටි හැඳින්වීම  - Sco 

සංකේතය  - ගෝනුස්සා 

විෂුවදංශය - පැය 16.8875 (16.8875 ඩ)

ක්‍රාන්තිය - සෘණ අංශක 30.7367 (- 30. 73670 )

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.