විවාහය අවුල් කරන හස්ත රේඛා

සැප්තැම්බර් 4, 2020

වර්තමාන සමාජය තුළ විවාහයන් අවුල් වූ අය අපට ඕන තරම් හමු වී ඇත. ඊට හේතු එන සමාජ විද්‍යාත්මක කරුණු බොහෝ ය. 

ඊට අමතරව හස්ත රේඛා සළකුණු අනුව ඊට හේතු වන කරුණු බොහෝ තිබෙන බව මෙම විද්‍යාව උගන්වයි. 

එම කරුණුවලට අනුව කෙනෙකුගේ අතක සිකුරු මණ්ඩලයෙන් පටන් ගත් රේඛාවන් ශනි මණ්ඩලය වෙත ගමන් කර තරු සළකුණවලින් යුක්තව පිහිටා ඇත්නම් එය විවාහය අවුල් කරන යෝගයකි.රූප සටහනේ ඒ ඒ පිරිමි අයෙකුගේ නම් ශනි චක්‍රය හෙවත් ශුක්‍ර මේඛලාව තැනින් තැන කැඩී බිඳී පළුදුව පිහිටා ඇත්නම් එය ද විවාහය අවුල් කිරීමට රූප සටහනේ බී, බී තවද කෙනෙකුගේ සිකුරු මණ්ඩලය යටට නෙරාගොස් ඒ මත කළු පුල්ලි ලප, දැල්, ජාලා වැනි අසුබ ලක්ෂණ පිහිටියේ නම් එයද විවාහය අවුල් කිරීමට බලපාන තවත් හස්ත සළකුණකි. රූප සටහනේ සී, සී කෙනෙකුගේ විවාහ රේඛාවක් කීපයක් පිහිටා එය තැනින් තැන කැඩී බිඳී පÁදුව පිහිටීමෙන්ද විවාහයන් අවුල් වීමට හේතු වන කරුණකි. රූප සටහනේ ඩී, ඩී දෛවය රේඛාව හරි මැද දූපත් සළකුණක් වේද එය ද විවාහයන් අවුල් වීම කෙරෙහි බලපානු ඇත. එසේ වන්නේ පිරිමියෙක් නම් ස්ත්‍රියකටද ස්ත්‍රියක් නම් පිරිමියකුගේ උගුලකට අසුවීම හේතුවීමෙනි. රූප සටහනේ ඊ බලන්න. සිකුරු මණ්ඩලය ඕනෑවට වඩා ඉස්සී ඒ මත බිත්තරයක ආකාරයක සුළියක් ලකුණු වේ නම් එයද විවාහය අවුල් වීම කෙරෙහි බලපානු ඇත. රූප සටහනේ එෆ් බලන්න. කුජ පළමු මණ්ඩලය තුළින් පටන් ගත් රේඛාවක් ජීවන, ශීර්ෂ, හෘදය, රේඛාව කපාගෙන ගොස් විවාහ රේඛාවද සම්බන්ධ වේ. එය වැන්ඳඹු යෝගයකි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.