ඡ්‍යොතිෂ ශබ්ද කෝෂය

සැප්තැම්බර් 11, 2020

අභිජිත් මුහුර්තිය – සියලු දෝෂයන්ගෙන් මිදුණු නැකතයි. ඉගැනීමට, නගර නිර්මාණයට , දේව රූප නිර්මාණයට සුදුසුය. දිවා කාලයේ 11-12 අතර උදා වේ. විනාඩි 48 ක කාලයක් පවතී. 

අභිජිත් ලග්නය – ඉර උදාවෙන් පසුව උදාවන සිව්වැනි ලග්නයයි 

අභිධානය – තමා වෙනුවට භාවිත කරන විශේෂණ නාමය 

අභිමාන යක්ෂයා – ගුරු ග්‍රහයාගේ අපලයට පූජා පැවැත්විය යුතු යක්ෂයෙක්. 

අභිසම්භිධානය – එනම් යන්ත්‍රය, ග්‍රහ අපල සඳහා යන්ත්‍රයක් වශයෙන්ද පළඳී. 

අභිර්බුද්ධික – ඉතා උසස් බුද්ධියක් ඇති 

අභුක්තුමූලය – ගණ්ඩාන්තය බලන්න 

අමලා යෝගය – ලග්නයෙන් හෝ සඳුගෙන් 10 වැන්නේ බලවත් ග්‍රහයෙකු සිටි විට මෙම යෝගය යෙදේ. ඡ්‍යොතිෂයේ දැක්වෙන බලවත් යෝගයකි. බොහෝ කල් පවත්නා හොඳ නමක් දිනා ගනියි. කීර්තිය ප්‍රශංසාව නොකිලිටිව තබා ගනී. සැපවත් දිවියක් ගත කරයි. 

අමරජව – ගුරුට පර්යාය නාමයකි 

අමාවශ්‍ය – අමාවක සඳහා සංස්කෘත නාමයකි 

අමරාංශක – කිසියම් ග්‍රහයෙකු වර්ග 08 ක බලවත්ව සිටින විට මෙනමින් හඳුන්වයි 

අමා ඔසු – සියලු රෝග සමනය වන අමෘත ඖෂධයකි. බුදුරදුන් වදාළ පරිදි ධර්මය ම මේ උතුම් ඖෂධයයි. 

අමාත්‍ය යෝගය – දහයෙන් දහය අධිපතිගේ සහ නවයෙන් නවය අධිපති ග්‍රහයන්ගේ යෝග වීම 

අමාවක – පුර පසළොස්වක පසුවී තිථි 15 ක් අව පසට ගිය විට උදාවන පසළොස්වක තිථියයි. මෙදින සඳ පායන්නේ නැත. මාසේ පෝය ලෙස ජනවහරේ යෙදෙයි. 

අමෘත – 1.ෂෂ්ටඨාංශකයේ 17 සහ 38 වැනි අංශකය . ශුභය. 

2.ආනන්දාදී අටවිසි මහා යෝගවලින් 21 වැනි යෝගය 

අමෘත ගණ ඉතා සුබ 

අමෘත කලාව – සඳුගේ ගෝචර ගමන අපගේ ශාරිරික ඉන්ද්‍රයන්ට දැනෙන ආකාරයයි. සුවපහසු දිවියක්, ඉන්ද්‍රියන් සංතර්පණය කරමින් සිටීමට සුදුසු කාලයකි. 

අමෘත යෝගය – ඉරිදා, ශනිදා නන්දි තිථිය සමඟ සිකුරාදා හා සඳුදා භද්‍රා තිථිය සමඟ බදාදා, පූර්ණා තිථිය සමඟ බ්‍රහස්පතින්දා රික්තා තිථිය සමඟ යෙදේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.