ඔබට හස්ත රේඛා ශාස්ත්‍රය පිහිටයිද?

සැප්තැම්බර් 11, 2020

වර්තමාන සමාජය දළ හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳව විශාල උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට ඇත. එසේ වුවත් ඒ හැමෝම එම ශාස්ත්‍රය පිහිටන්නේ නැත. ඒ සඳහා සසර පුරුද්දක් අවශ්‍ය වේ. 

ඒ කොහොම උනත් හස්ත රේඛා ශාස්ත්‍රය පිහිටීම කෙරෙහි බලපාන විශේෂ හස්ත රේඛා සලකුණු තිබෙන බව එම ශාස්ත්‍රය පෙන්නුම් කරයි. 

එම සලකුණු අතර බුධ රේඛාවට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. රූප සටහන බලන්න එහි ඒ සලකුණ මඟින් පෙන්නා ඇත්තේ බුධ රේඛාවයි. මෙම ජීවන රේඛාවේ පහළ ප්‍රදේශයෙන් පටන් ගෙන බුධ මණ්ඩලය දක්වා ගමන් කිරීම විශේෂත්වයකි. මෙසේ කෙනෙකුගේ මෙම රේඛාව හොඳින් සලකුණු වී තිබීමෙන් එම ලක්ෂණය පිහිටි අයට හස්ත රේඛා ශාස්ත්‍රය පිහිටවන බව පෙන්නා දී ඇත. ඒ සඳහා බලපාන තවත් සලකුණක් වන්නේ ගුප්ත කතිරයයි. කෙනෙකුගේ මහා චතුරශ්‍රය තුළ ගුප්ත කතිරය පිහිටා ඇත්නම් එයද හස්ත රේඛා විද්‍යාව පිහිටීම කෙරෙහි බලපාන රේඛා සලකුණකි. රූප සටහනේ බී සලකුණ බලන්න. කෙනෙකුගේ බුධ මණ්ඩලය ඉස්සී බලවත්ව පිහිටා ඒ මත ශාස්ත්‍රීය රේඛාවන් පිහිටීමද එම ශාස්ත්‍රය පිහිටන යෝගයකි. රූපසටහනේ සී බලන්න. 

අතක ප්‍රායෝගික කොටස එනම් බුධ, රවි, ශනි හා ගුරු මණ්ඩලයන් ඉස්සී තිබීමද මෙම ශාස්ත්‍රය පිහිටන යෝගයකි. තවද බුධ ඇඟිල්ල දික්ව අග පුරුක සතරැස්ව පිහිටා ඒ මත රවුම් සුළි සළකුණක් පිහිටීමද හස්ත රේඛා ශාස්ත්‍රය පිහිටීම කෙරෙහි තදින් බලපානු ඇත. රූප සටහනේ ඩී සලකුණ බලන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>  

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.