ඇක්වේරියස් (Aquarius) හෙවත් කුම්භ තාරකා රාශිය

සැප්තැම්බර් 25, 2020

තාරකා රාශි චක්‍රයට අයත් 11 වන තාරකා රාශිය වන මෙය, ‘කුම්භ’ යනුවෙන් හැඳින්වෙයි.  මකර   (Capricornus) සහ මීන (Pisces) යන තාරකා රාශි දෙකට මැදිව පිහිටා ඇත. ක්ලෝඩියස් ටොලමි විසින් හඳුනා ගත් තාරකා රාශි 48ට මෙය අයත් වන අතර, නූතන තාරකා රාශි 88ට ද අයත් වෙයි. 

ඇල්ෆා ඇක්වේරි (α Aquarii)

සැඩල්මිලෙක්  (Sadalmelek) යනුවෙන් හැඳින්වෙන මෙම තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1, 350ක් දුරින් පිහිටා ඇත. සුපිරි යෝධ තරුවක් වන මෙය ට්1  වර්ගයට අයත් වෙයි. හිරුට බෙහෙවින් සමාන වෙයි. දීප්ති විශාලත්වය 3.19 ක් වන අතර, නිරපේක්ෂ  දීප්ති විශාලත්වය සෘණ 5.5 ( - 5.5) කි. 

බීටා ඇක්වේරි (β Aquarii)

සැඩල්සුඩ් (Sadalsud) යනුවෙන් හැඳින්වෙන සුපිරි යෝධ තරුවක් (Super Giant Star)  වන මෙය  ට්ධ වර්ගයට අයත් වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,100 ක් දුරින් පිහිටා ඇත. දීප්ති විශාලත්වය 3.07ක් වන අතර, මෙම තරුව පාර්සෙක් 10 ක් පමණ දුරට ගෙන ගිය විට ඔරායන් තාරකා රාශියේ රිජෙල් තරුවේ දීප්තියට බෙහෙවින් සමාන වෙයි. 

ඩෙල්ටා ඇක්වේරි (δ Aquarii)

ස්කට් (Skat) යනුවෙන් හැඳින්වෙන මෙම තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 78 ක් දුරින් පිහිටා ඇත. වර්ණාවලි පන්තියට අනුව ඒ2 වර්ගයට අයත් වෙයි. හයිඩ්‍රජන් තරුවකි. (Hydrogen Star)  දෘශ්‍ය දීප්ති විශාලත්වය 3.51 කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය 1.6කි. 

ඉප්සයිලොන් ඇක්වේරි (ε Aquarii)

ඇල්බාලි (Albali)  යනුවෙන් හැඳින්වෙන මෙම තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 172 ක් දුරින් පිහිටි අතර, වර්ණාවලි පන්තියට අනුව ඒ1  වර්ගයට අයත් වෙයි. දීප්ති විශාලත්වය 3.83 කි. නිරපේක්ෂ දීප්ති විශාලත්වය 0.2 කි. 

ඇතුළාන්ත ආකාශ වස්තු 

ඇතුළාන්ත ආකාශ වස්තු රැසක් මෙම තාරකා රාශිය තුළින් නිරීක්ෂණය කළ හැකි ය. ඒ අනුව M2  හෙවත් NGC 7089, M72    යන ගෝලාකාර තරු පොකුරු සහ M73   යනුවෙන් හැඳින්වෙන විවෘත තරු පොකුර සමග හෙලික්ස් (Hellix)  යනුවෙන් හැඳින්වෙන ගෝලාකාර තරු පොකුර (Globular Star Cluster), NGC 7009  හෙවත් සෙනසුරු  නිහාරිකාව (Saturn Nebula) මෙම තාරකා රාශිය තුළින් නිරීක්ෂණය කළ හැකි ය. 

ග්‍රහලෝක සහිත තරු 

ග්ලයිසේ 876 (Gliese 876)   යනුවෙන් හැඳින්වෙන රතු වාමන Red Dwar Star තරුව වටා ග්‍රහලෝක 4 ක් පරිභ්‍රමණය වෙයි. මෙයින් එක ග්‍රහලොවක් පෘථිවියේ ස්කන්ධය මෙන් 6.6 ගුණයක් විශාල වෙයි. 

91 ඇක්වේරි (91 Aquarii)  යනුවෙන් හැඳින්වෙන තැඹිලි යෝධ තරුව (Orange Giant Star)  වටා ග්‍රහලොවක් පරිභ්‍රමණය වෙයි. මෙහි ස්කන්ධය බ්‍රහස්පතිගේ ස්කන්ධය මෙන් 2.9 ගුණයක් වෙයි. මව් තරුවට නක්ෂත්‍ර ඒකක (Astronomical Unit - AU)  0.3 ක් දුරින් පිහිටි කක්ෂයක මෙම ග්‍රහලොව ගමන් කරයි. 

ග්ලයිසේ 849 (Gliese 849)   වටා බ්‍රහස්පති ග්‍රහලොවට සමාන වූ ග්‍රහලොවක් පරිභ්‍රමණය වෙයි. මෙහි ස්කන්ධය බ්‍රහස්පතිගේ මෙන් 0.82 ගුණයක් වෙයි. 

ඇක්වේරියස් තාරකා රාශියේ දත්ත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.