පීසිස් (Pisces) හෙවත් මීන තාරකා රාශිය

ඔක්තෝබර් 2, 2020

තාරකා රාශි චක්‍රයේ අවසන් හෙවත් දොළොස්වන තාරකා රාශියයි. මාළුවකුගේ රුවක් නිරූපණය කරන බැවින් ලතින් භාෂා වරනැගීමට අනුව ‘පීසිස්’ යනුවෙන් හඳුන්වන අතර, ලක් වැසියන් ‘මීන’ යනුවෙන් හඳුන්වයි. සිංහල අවුරුදු උදාවේ දී හිරු, මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන බවට ලක් වැසියන්ගේ මතයක් පවතී. විශාලත්වයෙන් 14 වැනි තැන ගනී.

ඇල්ෆා පීසියම් (α Piscium)

ඇල්රිෂා (Alrisha) යනුවෙන් හැඳින්වෙන මෙම තරුව ද්විත්ව තරුවකි. මෙම තරු දෙක එකිනෙක වටා පොදු කේන්ද්‍රයක වසර 720 කට වරක් භ්‍රමණය වෙයි. වර්ණාවලි පන්තියට අනුව ඒ2  වර්ගයට අයත් හයිඩ්‍රජන් තරු දෙකකි. මෙයින් දීප්තිමත් තරුවේ දීප්ති විශාලත්වය 4.33ක් වන අතර, අනෙක් තරුවේ දීප්ති විශාලත්වය 5.23 කි. මෙම ද්විත්ව තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 130ක් දුරින් පිහිටා ඇත. නිරපේක්ෂ දීප්ති විශාලත්වය 1.3 කි. 

බීටා පීසියම් (β Piscium)

දීප්ති විශාලත්වය 4.52 ක් වන මෙම තරුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 325ක් දුරින් පිහිටා ඇත. වර්ණාවලි පන්තියට අනුව ඕ5  වර්ගයට අයත් හීලියම් තරුවක් වන මෙහි මතුපිට 

උෂ්ණත්වය කෙල්වින් අංශක 20,000 (20,000 ඬ)ක් පමණ වෙයි. පාර්සෙක් 10ක් පමණ දුරින් මෙම තරුව පිහිටියේ නම් දීප්ති විශාලත්වය සෘණ 0.4 (- 0.4)ක් පමණ වෙයි. 

ගැමා පීසියම් (γ Piscium)

කහ යෝධ තරුවක්  (Yellow Giant Star)  වන මෙය වර්ණාවලි පන්තියට අනුව ට්5  වර්ගයට අයත් වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 125ක් දුරින් පිහිටා ඇත. දෘෂ්‍ය දීප්ති විශාලත්වය 3.85කි. 

ඉයෝටා පීසියම් (ι Piscium)

වර්ණාවලි පන්තිය අනුව ජ්5  වර්ගයට අයත් වාමන තරුවකි. දෘශ්‍ය දීප්ති විශාලත්වය 4.28කි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 48ක් දුරින් පිහිටා ඇත. 

TV පීසියම් (TV Piscium)   

විචල්‍ය  තරුවකි. සෑම දින 49කට වරක් දීප්ති විශාලත්වය 4.6 සිට 5.2 දක්වා අතර ප්‍රමාණයකින් වෙනස් වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 325ක් දුරින් පිහිටා ඇත. 

3O පීසියම් (3O Piscium)

වර්ණාවලි පන්තියට අනුව ර්3 වර්ගයට අයත් උප යෝධ තරුවකි. (Sub Giant Star)   රතු පැහැයක් ගන්නා මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 325ක් දුරින් පිහිටා ඇත. දීප්ති විශාලත්වය 4.66කි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.