ඔබේ කේන්ද්‍රයේ දරු ඵල තිබේද?

විවාහවීමට පෙර බලන්න
ඔක්තෝබර් 30, 2020

දාරක සම්පත් හිමිකර ගැනීමට වාසනාව තිබේ ද යන්න කේන්ද්‍රයේ 5 වැන්න උපකාරක වේ. සමහර විට දරු සම්පත් අහිමිවීමට සැමියාගේ සරු බීජ ඍණ තත්වයේ තිබීම හේතු කාරක වන්නේය.

පිරිමියෙකු වැඩිවියට පත් වූ විට ඔහුගේ සිරුරේ ශුක්‍රාණු හටගන්නේ ලක්ෂ කෝටි ගානකි. එහෙත් වැඩිවියට පත් කාන්තාවකගේ අණ්ඩාශයෙහි ආර්තවානු උපදින්නේ මසකට එකක් ලෙසයි.

වයස 45 ඉක්ම වූ විට ආර්තවානු හට ගැනීම නවතී. වයස අවුරුදු අනූව ඉක්ම වන තුරු වුවද පිරිමියෙකුගේ බීජ කෝෂයේ ශුක්‍රාණු උපදී.

පිරිමියෙකුගේ මහලු වියේ වුවද උපදින ශුක්‍රාණුවලින් උපදින දරුවන් දුර්වල නොවෙති. පුරුෂයා මහලු වුවද ශුක්‍රාණු මහලු නොවේ, (පිරිමි සිරුරක ස්වභාවය එයයි) පිරිමියාගේ ශුකාණුවල සෑම ය වර්ණාංශුවකටම ර වර්ණාංශුව බැගින් වෙයි. පිළිසිඳ ගන්නා දරුවා ගැහැනු බව කරන්නේ ශුක්‍රාණුවේ ය වර්ණාංශුව හරහාය. පිරිමියෙකු කරන්නේ ර වර්ණාංශුව හරහාය.

විශේෂයෙන් ඡ්‍යොතිෂ විද්‍යාත්මකව බලන විටදී කේන්ද්‍රයේ දරු ඵල ගැන තොරතුරු පහතින් දක්වමු. පස්වැනි භාවය (කොටුව) තුළ සඳු – ශුක්‍ර නම් ගැහැනු දරු උපතක් ද කුජ – ගුරු රවි නම් පිරිමි දරු උපතක් ද වේ. සඳු හා ගුරු සංයෝගයෙන් ගැහැනු හා පිරිමි ද්විත්ව දරු උපතක් විය හැක. රවි ග්‍රහයා 5 වැනි භාවයේ නම් දක්ෂ බුද්ධිමත් දරු උපතකි.

5 වැන්නේ ගුරු ග්‍රහයා සිටී නම් ඉතාම බුදධිමත් තර්ක බුද්ධියෙන් හෙබි, රාජ්‍ය පාලනයට අති දක්ෂයෙක් උපදී.

සඳු නම් ලස්සන – පියකරු දුටුවන් වශී වන දුවෙක් උපදී. කුජ සමඟ නම් නීතිය හා මානව සම්පත් විධායක තනතුරු දරන බැව් පැහැදිලිය. බුධ 5 හෝ නම් එම දරුවා පුතෙක් හෝ දුවෙක් වුවත් ඉතාම තීක්ෂණ බුද්ධියෙන් යුත් පතල කීර්තියකින් හෙබි දරුවෙකුගේ උපතකි.

5 වැනි භාවයේ සිකුරු නම් ලස්සන මුහුණක් හා සිරුරක් හිමි රූමතියක් ලැබේ. කලාවට දක්ෂයි. සෞන්දර්ය අංශයේ අති දක්ෂ ලෝ ප්‍රකට චරිතයක් වෙනු ඇත.

කේන්ද්‍රයේ 5 හේ දරු ඵල අඩුවන්නේ ශනි සිටි විටය. ලැබෙන දරුවන් රෝගීන්ය. ඉගෙනුම ද අඩුයි. සම්පත් අහිමි වේ. දුකට නතු වේ.

රාහු 5 මෙන්ම දරු ඵල නොමැතිවීමටත් ලැබෙන දරුවන් එතරම් සම්පත් කාරක නොවේ. දුක් කරදර හිරිහැර පීඩාවන්ට පත්වේ. තවද අහස් සිතියමේ ප්‍රබලතම ග්‍රහයා වූ ගුරු ඉතාම බලවත්ව සිටී නම් අති ප්‍රබල වාසනාවන්ත දරු උපත් ලැබේ. පස්වැනිභාවය කේන්ද්‍රයේ බලවත් වූ විට උපදින දරුවන් ද ආයු වර්ණ සැප, බල, ප්‍රඥා පංච මහා සම්පත්වලින් පිරිපුන් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.