මහලුවිය ඛේදවාචකයක් වන ග්‍රහ යෝග

ඔක්තෝබර් 30, 2020

ජම්ම පත්‍රයක 6 වැන්න නිරෝගිභාවය කෙරෙහි බලය පවත්වන ස්ථානයයි. 8 වැන්න මරණයේ ස්වභාවය පෙන්වයි. රවි, කුජ, සඳු, හදිසි මරණ ගෙන දෙති. ශනි,රාහු, කේතු විඳ විඳ මරණයට පත් කරයි. බුධ, ගුරු, සිකුරු, විඳවන්නේද නැත. ක්ෂණික මරණ සුවය ගෙන දෙන්නේ ද නැත.

 

කේතු මහ දශාව ලැබීම, ඒරාෂ්ඨක අපල උදාවීම නිසැක වශයෙන්ම ඔත්පොල කොට ජරාවට පත්වීමේ ඛේදවාචකයෙන් බේරීමේ එකම මඟ මේ ආත්මයෙන් ලබා ඇති එක මාර්ගය මරණය නමැති සුවය ලැබීමයි.

එහෙත් සෙනසුරු සහ කේතු ඉක්මනින්ම මරු තුරුලට නොයවයි. එහෙත් ඔවුන්ගේ ස්වභාවය දුක, ශෝකය උරුම කරදී විඳගැනීමේ පිළිවෙත අනුගමනය කිරීමයි.

ශනි චන්ද්‍ර යෝගය

කේන්ද්‍රයේ 2,6,8 යන ස්ථානයක පිහිටා ඇතොත් මහලුවිය කල් අල්ලන රෝගාබාධයන්ට ලක්වී සියල්ලන් විසින්ම පිළිකුලට භාජනය කරනු ලැබීමට හේතු වනවා ඇත. වයසට යන විට 6-8 අධිපතින්ගේ මහ දශා ලැබීම ද කල් අල්ලන රෝගාබාධ වැළඳීමට හේතු වන්නකි.

විශේෂයෙන් සෙනසුරු ග්‍රහයා ඇට කටු කැඩීමට හා වාතාබාධා ගෙන දීමට මූලිකව හේතු වේ.

ජම්ම පත්‍රයක 6 වැන්න නිරෝගිභාවය කෙරෙහි බලය පවත්වන ස්ථානයයි. 8 වැන්න මරණයේ ස්වභාවය පෙන්වයි. රවි, කුජ, සඳු, හදිසි මරණ ගෙන දෙති. ශනි,රාහු, කේතු විඳ විඳ මරණයට පත් කරයි. බුධ, ගුරු, සිකුරු, විඳවන්නේද නැත. ක්ෂණික මරණ සුවය ගෙන දෙන්නේ ද නැත.

ඕනෑම ග්‍රහයෙක් ලග්නාධිපති සමඟ බලවත්ව සිටියේ නම් දුක් කරදර උරුම වුවත් අනාථ තත්වයට පත් නොකරයි. දූ දරු ඥාති හිතවතුන්ගේ අප්‍රමාණ සැලකිලි මධ්‍යයේ ජීවිතය පවත්වාගෙන යා හැකිය.

ජීවිතය අවසාන කාලය රාහු මහ දශාව ලැබීම 6-8 අය මඟින් රාහු සමඟ යෝගවීම අගුපිලකදී මහමඟදි මරණය දෙන පිහිටීමකි. අධිපතියන් යෝගවීම නවාංශක කේන්ද්‍රයේ 6 අධිපතියා 8 වැන්නේ වීම හා අන්‍යෝන්‍ය රාශි මාරුගෙන සිටීම මහලුවිය ඛේදවාචකයක් බවට පත් කරන පිහිටීමකි.

2,6,8 ස්ථාන අධිපතියන්ගේ මහ දශා, අතුරු දශා ලැබීම ද මහලුවිය ශෝකජනක වීමට හේතුවකි. එහෙත් ලග්නයේ බුධ හා ගුරු බලවත්ව පිහිටියේ නම් තත්වය යහපත් අතට පත්වේ.

කුජ 8 වැන්නාධිපති එකී ග්‍රහයාගේ මහ දශා මහලුවියේදී ලබා ඇතොත් අනපේක්ෂිත අවස්ථාවක මරණයට පත්වේ.

6 වැන්නේ ශනි ද අට වැන්නේ රවි ද, සඳු ද දෙදෙනාගෙන් එක් අයකුට හිම්වේ නම් බොහෝ කාලයක් දුක්වි ද මරණයට පත් කරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.