මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කරන්නන් කේන්ද්‍ර තුළින් හඳුනා ගන්න

ඔක්තෝබර් 30, 2020

මෙරට පිරිමින්ගෙන් බොහෝ දෙනකු මත්පැන් පානයට අවතීර්ණ වී සිටින හෙයින් යුගදිවියට එළැඹීමට පෙර ඒ් පිළිබඳව වැඩි අවදානයක් යොමු කළ යුතුව ඇත.

තමාගේ සහකරු මත්පැනට ගිජු, මත්පැන් ලෝලියෙකු වුවහොත් යුග දිවිය සාර්ථක අන්දමින් ගෙන යාමට බලවත් බාධාවක් වනු ඇත. මත්පැන් පානයට අවතීර්ණ වන්නන් ප්‍රථමයෙන්ම පානය කරන්නේ සුළු ප්‍රමාණයකි. ඒත් සුළුවෙන් ආරම්භ කරන පානය ක්‍රමයෙන් වැඩි දියුණු වී දිනපතා ඒ කෙරෙහි යොමුවේ. එවැනි තත්වයක් ඇති වුවහොත් දිවිය කිසිසේත් සතුටින්, සාමදානයෙන් ඉදිරියට ගෙන යාමට අපහසු වනු ඇත.

ඒබැවින් මත්පැන් පානය කෙරෙහි පුද්ගලයා යොමු කරනු ලබන ග්‍රහයෝග ගැනද පොරොන්දම් ගැලපීමේදී සැලකිලිමත් විය යුතුය. කුජ ,සිකුරු යනු බලවත් කාමාධික ග්‍රහයෝය. මෙම දෙදෙනාගේ සංයෝගය ජල රාශියක පිහිටීම මත්පැනට ජන්මියා ඇද දමන පිහිටීමකි. සඳුගේ හා අඟහරුගේ බලයද ජන්මියා මත්පැන් කෙරෙහි වැඩි ඇල්මක් දැක්වීමට හේතුවනු ඇත.

කටක, වෘශ්චික, මීන යන ජල රාශියක බුධ ,සිකුරු සිටියදී එම ග්‍රහයන් අඟහරුගේ හෝ බ්‍රහස්පතිගේ අශුභ දෘෂ්ටියකට ලක් වූ විට ජන්මියා නිරායාසයෙන්ම මත්පැන් කෙරෙහි යොමුවේ. අන් ස්ත්‍රින් කෙරෙහි යොමු වීමට ද මෙම පිහිටීම හේතු වනු ඇත. දුර්වල බලයට පත් සඳු ද එම එම රාශිවල සිටීම මත්පැනට යොමු කරවන තවත් ග්‍රහ බලයකි. සඳු අව පක්ෂයේ හෝ වෙනත් පාපයන්ගේ හෝ දෘෂ්ටියෙන් දුර්වල වීම වඩාත් අයහපත් වනු ඇත. මම ග්‍රහ බලය කේන්ද්‍රස්ථානයක යෙදීම නිසා තරුණ අවධියේ සිටම සමාජ සම්මත නොවන පුරුදු වලට ඇබ්බැහි වනු ඇත.

මත්පැන් කෙරෙහි සඳු බලවත් වුවත් ඒම බලය සඳුට තනිවම ක්‍රියාත්මක් කිරීමට අපහසු වනු ඇත. ඒ් සඳහා වෙනත් ග්‍රහයන්ගේ සංයෝග හා දෘෂ්ටීන් ද අවශ්‍ය වේ. සඳු, කුජ සමඟ සංයෝගව අශුභ ස්ථානයක සිටියහොත් මත්පැන් නිසා මෙන්ම ස්ත්‍රීන් නිසාත් ජීවිතය විනාශ වේ. සඳු අඟහරුගේ දෘෂ්ටියට ලක්වීමෙන් ද ඒසේම ව්. එමෙන්ම චන්ද්‍ර, බුධ යෝගව නරකට සිටියහොත් ඉතාම නරක් වේ. දූ කෙළියෙන් හා මත්පැනින් විපතට පත්වන අතර ,හොරකම් කරමින් ඇවිදින්නෙක් වීමට ද ඉඩ තිබේ. අනාචාරශිලී වේ.

චන්ද්‍ර ,ගුරු යෝගය ද අශුභ අන්දමින් පිහිටි විට මත්පැන් හා සූදුවට පෙළඔනු ඇත. විවාහ දිවිය ද අවුල් වියවුල් කර ගනී. දරුවන් දියුණු වන්නේ ද කලාතුරකිනි.

අඟහරු සමඟ සෙනසුරු යෝගව කටක රාශියේ තැන්පත් වීම ජන්මියා බෙහෙවින් මත්පැනට යොමු කරවන ග්‍රහ බලයකි. බීමත්කම ඇති කරන ග්‍රහයෝග යෙදී තිබියදී එම කාරකයන්ගේ මහ දශා අන්තර් දශා පවතින කාලය තුළදී මේ කෙරෙහි යොමුවීම වැඩි වනු ඇත. සෙනසුරු සඳුගේ රාශියේ ගමන් කරන විටදී මත් පැනට යොමුවන යෝග යෙදී ඇත්නම් එම යෝග වැඩි වශයෙන් මෙම කාලය තුළදී ක්‍රියාත්මක වනු ඇත.

රාහු,මීන ,වෘශ්චික යන රාශිවල ගමන් කරද්දී සඳුගේ හෝ අඟහරුගේ මහ දශා පවතී නම් මත් පැනට යොමු වනු ඇත. කුජ,චන්ද්‍ර රාහු යෝගව අශුභ තැනක සිටීමෙන් ද මත්පැන්, මත්ද්‍රව්‍යවලට අබ්බැහි වීම වැළැක්වීමට නොහැකි වනු ඇත.මත්පැනට පෙළෙඹන අයගෙන් වැඩි දෙනකුට දැඩි ආත්ම විශ්වාසයක් හා් අත්ම ශක්තියක් නොමැත.

මත්පැන් කෙරෙහි යොමුවන ග්‍රහ බලයන් මෙන්ම පාප චේතනා හා දුසිරිත් වලින් හෙබි පුද්ගලයකු සමඟ යුග දිවියට එළඹියහොත් පවුලේ ගැටුම් ආරවුල් ඇතිවන අතර සාමකාමී සහජීවනයෙන් යුතු විවාහ ජීවිතයක් ගත කිරීමට නොහැකි වනු ඇත. මෙම දුසිරිත්වලට යොමුවන ග්‍රහ යෝග පුරුෂ කේන්ද්‍රවල පමණක් නොව ස්ත්‍රී කේන්ද්‍රයන්හිද පෙන්නුම් කරයි. පාප චේතනා හා පවට බර අදහස් දුසිරිත් ඇති වීමට ප්‍රධාන වශයෙන් ලග්නය හතර ,නවය යන ස්ථාන හා ඒම ස්ථාන අධිපතින්ගේ යෝග වීමද බලපායි. එමෙන්ම ඒම ස්ථාන වල සිටින ග්‍රහයන්ගේ බලය ද ඉවහල් වේ. ,

ලග්නාධිපති 6,8,12 යන ස්ථානයක බලවත් පාපයෙක් සමඟ යෝගව සිටියදී ඒම ග්‍රහයන්ට ලග්නය හතර යන ස්ථාන පෙනීම මෙම අයහපත් තත්වය වැඩිවීමට හේතුවකි.

සඳු සමඟ බුධ බලයෙන් සිටියදී යෙදෙන යෝගය බලවත් ය. එහෙත් මම ග්‍රහයන් දෙදෙනා දුර්වලත්වයට පත්වී හතර වැන්නේ පිහිටීම පවට බර අනාචාර ගති පැවතුම් ඇතිවීමට හේතුවකි.මෙම දුර්වල සංයෝගය වෙනත් දුර්වල පාපයන්ගේ දෘෂ්ටියට ලක් වුවහොත් තත්වය තවත් භයානක වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.