22 වන දෙර්කාණාධිපති ග්‍රහයා ගැන ඔබ දැනුවත්ද?

නොවැම්බර් 6, 2020

කේන්ද්‍රයක 22 වන දෙර්කාණාධිපති ග්‍රහයාට විශේෂ තැනක් හිමි වේ. ඵලාඵල කථනයේදීත්, නැකැත් සෑදීමේදීත් මෙම ග්‍රහයා පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.

22 වන දෙර්කාණාධිපතියා විශේෂයෙන් පෙන්වන්නේ ජන්මියාගේ මරණය හා ඔහුගේ විනාශයට හේතුවන කරුණු ය.

එසේ කී පමණින්ම, ඔබ බිය විය යුතු නැත. 22 වන දෙර්කාණාධිපතියා සුබ අයුරින් පිහිටා ඇත්නම්, එම ග්‍රහයාගෙන් ඔබට සුබ පල ද උදාවනු ඇත.

ඔබේ 22 වන දෙර්කාණාධිපති කවුද?

ඔබගේ ජන්ම පත්‍රයේ 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා ගැන ඔබ දැන සිටීම වැදගත්ය. 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා කේන්ද්‍ර සටහනේ ලග්නය හා නවාංශකය ඇසුරින් මෙසේ සොයා ගත හැකි ය.

ලග්නය මේෂ වී නවාංශකය මේෂ, වෘෂභ, මිථුන වලින් එකක් නම් 22 වන දෙර්කාණාධිපති වන්නේ කුජය. කුජ 7 නම් විවාහයට ද අසුබය. කුජ 22 වන දෙර්කාණාධිපතියා වූ විට එම පුද්ගලයාගේ ශක්තිය, ධෛර්යය හීන වේ. කුජ ලේවලට අධිපති බැවින් ශරීරයේ උෂ්ණ ගතියද වැඩිය. සහෝදරයන්ගේ ඵල ප්‍රයෝජන අඩුය. නැකැත් සෑදීමේ දී ඔවුන්ට අඟහරුවාදා දිනයද, කුජ හෝරාවද අසුබය. සතියේ කවර දිනක වුවද කුජ හෝරාව අසුබය.

මේෂ ලග්නයෙන් ඉපිද නවාංශකය කටක, සිංහ, කන්‍යා යන එකක් වුවහොත් 22 වන දෙර්කාණාධිපති ගුරු වන අතර එවිට නීතිගරුක අයෙකු බවට පත් නොවේ. අනුකම්පා ගතියද අඩුය. විවාහයට ද කරදර බාධා ඇති වේ.

ලග්නය මේෂ වී නවාංශකය තුලා, වෘශ්චික, ධනු වලින් එකක් නම් 22 වන දෙර්කාණාධිපති සඳු වේ. එවිට විශේෂයෙන් මවට අගුණය. ජලය අගුණය. සෙම් රෝග පහසුවෙන් වැලඳේ. මානසික අසහන ඇති වේ. සඳු 22 වන දෙර්කාණාධිපති වූ අයට නැකැත් සාදන විට සඳුදා දිනය සඳු හෝරාව අසුබය.

මෙසේ සෑම ලග්නයකටම හිමි 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා පහත වගුව ආශ්‍රයෙන් පහසුවෙන් සොයා ගත හැක.

ඉහත සටහන අනුව ඔබගේ 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා පහසුවෙන් හඳුනා ගත හැකිය. ඒ අනුව 22 වන දෙර්කාණාධිපති රවි වූ විට පියාගෙන්, රාජ්‍ය මට්ටමින් උසස් අයගෙන් ලැබෙන ඵල ප්‍රයෝජන අඩු වේ. උෂ්ණාධික රෝග සෑදේ. ඔවුන්ට නැකැත් සෑදීමේ දී ඉරිදා දිනයත් කවර දිනක වුවද රවි හෝරාවන් අසුබය.

බුධ 22 වන දෙර්කාණාධිපති වූ විට බුද්ධිය ඇති වේ. අනෙකුත් ග්‍රහ බල අනුව එහි සුබ අසුබ වෙනස් විය හැකි ය. ක්ලාන්ත ගති හිසරදය වැනි රෝග සෑදීමට ඉඩ ඇත. ඔවුන්ට බදාදා දිනය බුධ හෝරාව අසුබය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.