විසි වැනි දෙර්කාණාධිපතියා ඒ ඒ ලග්නවලට බලපාන නවාංශකාධිපතියාට අනුගත වේ

නොවැම්බර් 20, 2020

මේෂ ලග්නය

මේෂ ලග්නය + වෘෂභ,මේෂ මිථුන නවාංශකයක නම් අඟහරු (කුජ) 22 වැනි දෙර්කාණාධිපති කටක, සිංහ, කන්‍යා – ගුරු (බ්‍රහස්පති) තුලා,වෘශ්චික, ධනු සඳු (චන්ද්‍ර)

වෘෂභ ලග්නය

වෘෂභ + මකර, කුම්භ, මීන – බ්‍රහස්පති (ගුරු) මේෂ, වෘෂභ, මිථුන, – කුජ (අඟහරු) කටක, සිංහ,කන්‍යා – රවි

මිථුන ලග්නය

මිථුන – තුලා, වෘශ්චික, ධනු – ශනි, මකර, කුම්භ, මීන – ශුක්‍ර, මේෂ, වෘෂභ, මිථුන – බුධ

කටක ලග්නය

කටක + කටක, සිංහ, කන්‍යා – ශනි, තුලා, වෘශ්චික, ධනු – බුධ, මකර, කුම්භ, මීන – සිකුරු

සිංහ ලග්නය

සිංහ + මේෂ, වෘෂභ, මිථුන – ගුරු ,කටක, සිංහ, කන්‍යා – සඳු , තුලා, වෘශ්චික, ධනු – කුජ

කන්‍යා ලග්නය

කන්‍යා + මකර, කුම්භ, මීන – කුජ, මේෂ, වෘෂභ, මිථුන – රවි , කටක,සිංහ,කන්‍යා – ගුරු

තුලා ලග්නය

තුලා + තුලා, වෘශ්චික, ධනු – ශුක්‍ර, මකර, කුම්භ, මීන – බුධ , මේෂ, වෘෂභ, මිථුන – ශනි

වෘශ්චික ලග්නය

වෘශ්චික +කටක, සිංහ, කන්‍යා – බුධ, තුලා ,වෘශ්චික, ධනු – ශුක්‍ර, මකර,කුම්භ, මීන – ශනි

ධනු ලග්නය

ධනු – මේෂ, වෘෂභ, මිථුන – චන්ද්‍ර, කටක, සිංහ, කන්‍යා – කුජ,තුලා, වෘශ්චික, ධනු – ගුරු

මකර ලග්නය

මකර + මකර, කුම්භ, මීන – රවි ,මේෂ, වෘෂභ, මිථුන – ගුරු , කටක, සිංහ, කන්‍යා – කුජ

කුම්භ ලග්නය

කුම්භ + තුලා,වෘශ්චික, ධනු – බුධ, මකර, කුම්භ, මීන – ශනි , මේෂ, වෘෂභ, මිථුන , ශුක්‍ර

මීන ලග්නය

මීන + කටක, සිංහ, කන්‍යා – ශුක්‍ර , තුලා, වෘශ්චික, ධනු + ශනි , මකර, කුම්භ, මීන + බුධ

22 වැනි දෙර්කාණාධිපතියා ඒ ඒ ලග්න ගත භාවයන්හි සිටීම හරහා ඇතිවන ඵල විපාක මෙසේය.

22 වැනි දර්කාණාධිපතියා ලග්න 1 පිහිටීම නිසා චිත්ත පීඩා කායික, මානසික ගැටලු අනපේක්ෂිත ප්‍රශ්න මෙන්ම මානසිකවද පිරිහෙන තත්ත්වයකට පත්වේ.

22 දෙර්කාණාධිපති දෙවැන්නේ- ආර්ථිකමය මූල්‍ය ගැටලු ධන හානි. යුගදිවියේ අර්බුධ මෙන්ම සිතට සැනසීම අඩුය.

22+තුන්වැන්නේ නම් අවනම්බු අපවාද, සහෝදරයින්ට අපල හා තමාගේ කීර්තියට හානි වීමක්ද ඇතිවේ. පවුලේ අර්බුධ පැනනගී.

22- වැනි හතරවැන්නේ නම් දේපල ඉඩකඩම් ගැටලු, උරුමකම් අහිමිවීම. ඉඩම් ආරවුල් ස්ථාවර පදිංචිය නැතිවීම. භූත දෝස පැන නැගීම. මවට අපලද ඇතිවේ.

22- වැනි පස්වැන්නේ ඉගනීම් කටයුතු වලට බාධා, අසභ්‍ය දැයට හිතකර වේ. පෙම් සබඳතා බිඳ වැටේ. යුගදිවියට ප්‍රශ්න පැනනගී. අනියම් සබඳතාව වහා පැන නගී. ජීවිතයේ ප්‍රශ්න වැඩිකරයි.

22- වැනි හයවැන්නේ රෝගාබාධ වලින් පීඩා විඳී. කාන්තාවක් නම් ගර්භාෂ ගත ව්‍යාධි ඇතිවේ. දාරක සම්පත්ඵල අහිතකරයි. ජානමය ව්‍යාධිවලට බලපායි. යුගදිවියේ රස හීනවේ.

22-වැනි හත්වැන්නේ විවාහය පමාවේ. ප්‍රශ්න යුග දිවියේ හටගනී. තමාට නොගැලපෙන අයෙකු සමඟ විවාහ වේ. දික්කසාදයට පවා යා හැක. ලිංගික සුවය හීන වන්නේය.

22-වැනි අටවැන්නේ බියකරු අනතුරුවලට ලක්වේ. ශල්‍යකර්මයන්ට භාජනය වේ. වාහන අනතුරු හා ගැටලු පැන නගී. රහස් සතුරු පීඩා වලින් තමාට ගැටලු ඇතිවේ. දුක් කරදර හරිහැර වැඩිවේ.

22-වැනි නවවැන්නේ නීතිමය ප්‍රශ්න වැඩිවේ. පව් වැඩ වලට හිත යයි. පාපී වැඩ කරයි. පින් දහම් නොකරයි. මිථ්‍යා මත දරයි. මවට, පියාට, ශුභ නැත. පෙර ආත්මවල කරන ලද පව් පල දේවි.

22- වැනි දහවැන්නේ රැකියා ප්‍රශ්න වැඩිවේ. රැකියා වහා මාරු වේ. ස්ථිර නැත. ව්‍යාපාර බංකොලොත් වේ. මුදල් ප්‍රශ්න වහා පැන නගී. තමාට සුදුසු රැකියාවක් නොලැබේ. වරින් වර රැකියා වෙනස් කරයි. මුදල් ගැටලු ඇතිවේ. වාහන අනතුරු සිදුවේ.

22- වැනි එකොළොස්වැන්නේ ආදායම් මාර්ග ඇහිරේ. මුදල් ප්‍රශ්න වහා වැඩිවේ. ණය වේ. බැංකු තැන්පත් වැඩි වුවත් වහා ඇද වැටේ. ධන සම්පත්වල උග්‍රතම ප්‍රශ්න ඇතිවේ. මුදල් සම්බන්ධ ගැටලු වහා ඇතිවේ.

22- දොළොස්වැන්නේ තමා සතු දේපල විනාශ වේ. අනතුරු වැඩිවේ. නඩුමගට වැටේ. චරිතය විනාශ වේ. අනියම් සබඳතා නිසා චරිතයන් මුදලත් විශාල ලෙස වැයවේ. තමාට තමාම ප්‍රශ්නයක් වේ. අසුබ පිහිටීමකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.