සරාගී සහ නටාංශක යෝග

දෙසැම්බර් 18, 2020

අවුරුද්දේ මාස දොළහෙන් ලස්සනම මාස තමයි අප්‍රේල්, මැයි හැම ගහකම මල් පිපිලා මලින් බර වෙලා ලස්සනයි. සිංහල අයට අවුරුදු එන්නේ අප්‍රේල්වලටම නේ. අවුරුදු කාලා නැන්දා මාමා බලන්න කද මලු බැඳගෙන යි. ගියා කියන්නේ. එතකොට තමයි නෑනලාට මස්සිනාලත්, මස්සිනාලාට, නෑනලාවත් මුණ ගැහෙන්නේ නිකංම මස්සිනා නොවේ.

ඇවැස්ස මස්සිනා හා ඇවැස්ස නෑනලා. ඔහුටත් ඈ මුණගෑසුනේ මේ නැදෑ ගමනකින්මයි. අවුරුදු සමරලා ඔන්චිලි පැදලා නොතිබුණු ඇසුරකම් ඇති වෙලා. තිබුණු ඇසුරු කම් වැඩි දියුණු වෙලා. ඔහුට ඇයව පෙනුනේ පුංචි සුරංගනාවියක් වගේ කැටයම් කතාවට හිත ගිහිල්ලා. ඒ වගේ ලස්සන පියකරු ගැහැනු ළමයෙක් මීට කලින් නුදුටු ගානයි දිගට වැඩුණු කොණ්ඩය කිතුල් රෑනක් වගේ. නමුත් හිතට පුංචි බය ගතියක් වද දෙනවා ඇයගේ සමහර ඉරියව්. ඇවැස්ස නෑනා තමයි. ඒත් ඇයගේ දකුණු නිකටට ටිකක් උඩින් තිබෙන උපන් ලපය මොකක් දෝ කියනවා වගේ. හිනාවෙන කොට ඇස් පුංචි කරනවා. මේ කාරණා හිතට අමුතුම බයක් ගෙනෙනවා. මගේ කේන්දරය බලපු ගුරුන්නාසේ එදා කිව්වේ මට කිසියම් කරදරයක් වීමට ටිකකට කලින් දැනෙන යෝගයක් පිහිටලා තිබෙනවා කියලා. එනිසා වෙන්න ඇති අර බය දැනෙන්නේ. ඒ වගේ දේහ ලක්ෂණ ඇතිවන්නේ ජන්ම පත්‍රයක විවාහක ස්ථානයේ හා ලග්නයේ සිකුරුගේ සහ අඟහරුවගේ පිහිටිමේ ආකාරය නිසා බව ජෝතිෂයේ සඳහන් වනවා. දේහ ලක්ෂණ විද්‍යාවෙන් පුර්ණ සාපේක්ෂතාවක් තිබෙන බව දන්නවනේ. සමහර අයට අඩු දැනීමක් තිබුණට මේ විද්‍යාවෙන් බොහෝ දුරට සමානතාවක් තිබෙනවා.

අපි ඡ්‍යොතිෂයේ යෝග ගැන සඳහන් කරන විට, ඔබේ මනසට එන්නේ යෝග 550 කියලා මම හිතන්නේ සාමාන්‍යයෙන් ඒ යෝග ගැන කතා කරන්නේ උත්පත්ති කේන්දරයේ ග්‍රහයින් පිහිටි ක්‍රමය අනුව. මුල දී එහෙම දෙයක් දැනගත්තොත් වළක්වා ගන්න ප්‍රතිකර්මයකුත් තිබෙනවා. නමුත් අද විස්තර කරන්නේ මොනම පොතක පතක සඳහන් වෙලා නැති “සුබසෙත” පුවත්පතින්ම පමණක් විස්තර කරන අපට අත්‍යාවශ්‍ය යෝග වර්ග දෙකක්. එකක් යෝගයක්. අනික දෝෂයක්. එනම් “සරාගි” යෝගය හා “නටාංශක ” දෝෂය ගැන. ඒ සමඟම අපට දැන ගත යුතුම අපේ අනාගතයට ගොඩක් බලපාන යෝග හා දෝෂත් ටිකක් කියන්නම්. වැඩිපුරම මේ ගැන ලියන්න හිතුනේ ලැබෙන දුරකථන පණිවිඩවලින් වැඩි හරියක්ම ලැබෙන්නේ මේ කරදරවලට සම්බන්ධ ප්‍රශ්න. එක ප්‍රශ්නයක් තමයි අපේ දුව හරි කැමැත්තෙන් විවාහ උනේ ඇයට වයස අවුරුදු 23 දී. දැන් අවුරුදු 26 යි තාම දරුවෝ නැහැ. පොරොන්දම් බලලා කිව්වේ හරියටම ගැළපෙනවා කියලා. බෑනාටත් කේදන්දරයේ පොරොන්දම්වල ප්‍රශ්නයක් නැහැ කිව්වා. නමුත් දැන් වසර 2 ක කාලයේ ඉඳලා එයාට මත්වතුර බිව්වොත් ඇති දරුවෙක් හදන්න උවමනාවක් නැහැ. මේ එක ගැටලුවක්. මත්වතුර බීමයි දරුවන් නොලැබීමයි අතර සම්බන්ධතාවයක් නැහැ කිව්වට එක සම්බන්ධතාවක් තියෙනවා. ඒ උවමනාව නැත්තේ සරාගී යෝග නොපිහිටීමත් නවාංශක දෝෂය පිහිටීමත් වන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. අනික රාහු, සෙනසුරා මත්වතුරට හරි කෑදරයි. වෛද්‍යවරයා අතේ නාඩි අල්ලලා කියනවා දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම්, ඒ වාගේ දක්‍ෂ ජෝතිර්වේදියාට කියන්න පුළුවන් දරුවන් ලැබීමට පෙර භවයේ පිං තිබෙනවා ද කවද විතරට ද කියලා. ග්‍රහ පිහිටිම, යෝග පිහිටීම බලලා.

සත්ව ලෝකයේ සත්තු පැටව් ගහන්න කිසියම් කාලයක් තිබෙනවා. උන්ට මනුෂ්‍යයාට වගේ දක්‍ෂ මොළයක් නැති උනාට පැටව් හදන එක ඒ කාලයට විතරයි කරන්නේ. ඒ විවෘත කාලයයි. වැසුණු කාලයයි. පැරන්නෝ කිව්වේ, නමුත් ඉතා කල්පනාකාරී මනුෂ්‍යයාට අවුරුද්දේ හැම මාසයක්ම එක හා සමානයි. බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලුවා කියනවා. නමුත් පෘථග්ජන මිනිහා මොන බැලුමක් වත් බලන්නේ නැහැ. කරුණු එහෙම වුණාට මනුෂ්‍ය දුවට දරුවෝ බිහි කරන්න එක්තරා කාලයක් ස්වභාවධර්මයා දුන්නා. එනම් අවුරුද්දේ එක්තරා කාලයකට පමණයි ගමේ එළවළු පොළට “හිඟුරල” කියලා අල වර්ගයක් ගෙන එන්නේ. මේ කාලයට තමයි වාසනාවන්ත, දක්ෂ ළමයි පිළිසිඳගන්නේ.

දරුවෙක් බිහිකරන්න ප්‍රථම විවාහක ගැහැනියකට සරාගී යෝග කිරණ ශරීරයට වදින්න ඕනෑ. සමහර කිරණ සැර වැඩියි. එතකොට ප්‍රවේශම් වන්න ඕනෑ. මේ සරාගි යෝග වදිනකොට හෝමෝනික / ජාන විපර්යාස සිදුවෙනවා. එවිට කලලයක් හට ගැනීමට මූලික කරුණු සිදුවනවා. ශරීරයේ හෝමෝන ජාන උපදින කාල වකවානු ග්‍රහ කිරණ මගින් පෙන්වනවා මේ යෝග හා දෝෂ පිහිටීම ගෙවන තත්ත්වය අනුව වාසිදායක හෝ අවාසිදායක වන්නන් පුළුවන්. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නා යුවළකට. දෙදෙනාටම සරාගී යෝග පිහිටියොත් දරුවන් ලැබීම ස්ථිරයි. නටාංශක දෝෂ පිහිටියොත් දරු සම්පත් නැහැ නැත්නම් ප්‍රමාදයි. දරු සම්පත් පරීක්‍ෂාවේදී විවාහයෙන් පසු උත්පත්ති කේන්දරයත්, තත්කාල කේන්දරයත් දෙකම පරීක්‍ෂා කරන්න ඕනෑ. පොරොන්දම් මොනවා කිව්වත් දරුවන් අවශ්‍ය කාලෙට එක් කෙනෙකුට හෝ නවාංශක දෝෂය පිහිටියොත් වැඩක් නැහැ. බොහෝ දෙනා මාතාංගේෂ්වරී හෝ කාම මාතාංගේෂවරි යන්ත්‍රයක් පලඳින්නේ මේ කාලවලට තමයි. හැබැයි මේ යෝගයත් දෝෂයත් ශරීරයෙන් ඉවත්කරන්නත් බැරි නැහැ. මේ යෝග හා දෝෂ අවශ්‍ය වේලාවට ඕන වනවා. අනිකුත් වේලාවට නැති කරදර ඇති කරනවා. මොකද මේ දෙක කාමයට ටිකක් බරයි. සමහර අයට ඒ ඒ කාල සීමාව පැන්නාම ඉවරයි. සමහර අයට හැට පැන්නත් එසේම පවතිනවා. අද දික්කසාද වෙලා ඉන්න එහෙමත් නැත්නම් දික්කසාද වන්න ලැයිස්තුවේ ඉන්න ඔබ කවුරුත් එදා විවාහ වූ දිනයේ මේ එකක්වත් බලාපොරොත්තු වුණා ද? එක් කෙනෙක්වත් හිතුව ද මෙහෙම වේවි කියලා. පොරොන්දම් විතර ද බැලුවේ අර කොටුවල පිහිටි ග්‍රහයෝ දිහා බැලුවේ වත් නැද්ද. පරණ ජෝතිෂ මාමාලා නම් එදා මේවා බැලුවා. අපටත් කියා දුන්නා. දැන් තාක්‍ෂණය දියුණු නිසා මේ අහුවෙන්නේ නැද්ද දන්නේ නෑ. නැවත ඔබේ කේන්දරය පරීක්‍ෂා කරගන්න කොට පුළුල් ප්‍රසිද්ධියක් ඇති අයට වඩා පුළුල් දැනුමක්, පලපුරුද්දක් ඇති කෙනෙක්ව සොයා ගන්න. ලෝකයේ හොඳ නරක දෙකම තිබෙනවා. මේ දෙකට එක එක වේලාවට ඕන කරනවා අපි අවශ්‍ය දේ විතරක් කාලීනව ලබා ගන්නවා. ග්‍රහ පිහිටීම ගැනත් එහෙමයි. ජෝතිෂය මඟින් මූලිකව “පැවැත්ම” නිවැරදිව කර ගෙන යෑමට උදව් කරනවා. එක යුවළක් මීට අවුරුදු කීපයකට උඩ දී ජයට මඟුල් කාලා විවාහ වුණා. මීට අවුරුදු 2 කට උඩ දී තමාගේ නෝනාගේ නංගි සමඟ පැන ගියා. දැන් දරුවෙකුත් ඉන්නවා කියලායි ආරංචිය. එහෙම තමයි අශ්ඨමාධිපති ලග්නේ හෝ 7 වැන්නේ නම් ඒ දෝෂය බංග වන ලකුණුත් නැත්නම් ගෝචර කාලයකට අනියම් ඇසුරක් පවත්වනවා මේ වගේ සිද්ධීන් කොපමණ ඇද්ද?

එක දියණියක් දෙවැනි වරට අ.පො.ස. ලිව්වා විතරයි ප්‍රතිඵල එන්න කලින් මෙන්න ගෙදරින් ගිහිල්ලා. පොලිස් පොතෙත් ලියලා ආගිය අතක් නැහැ කියලා. ධනස්ථානාධිපති 11 වැන්නේ නම් ලග්නාධිපති 10 නම් ඉක්මන් විවාහයක් සිදුවන බව මල්වර වූ දා පලාඵල බලද්දි කිව්වා දැන් අමතක ද? මේවා සරල කාරණා දැන ගෙන හිටියා නම් හිත කලබල කරගන්නේ නැතුව ඉන්න තිබුණානේ. මේ අමුතුම සිද්ධියක්, දැන් දුවට වයස අවුරුදු 28 ක් වනවා ලබන ජනවාරියට ළඟදි උසස් වීමකුත් ලැබුණා. විවාහයක් හරි ගියේ නැහැනේ. බලනවා එන්නම් කියලා යනවා එන්නේ නැහැ. මොන උසස් වීම් ලැබුවත් විවාහය ප්‍රමාද වීමට හේතු බොහෝයි. ඉන් සමහරක් තමයි බ්‍රහස්පතිට අයිති නැකැත්වල පළමු පාදයෙන් ඉපදිලා තිබුණොත් හෝ සෙනසුරුට අයිති නැකැත්වල දෙවැනි පාදයෙන් හෝ සිකුරුට අයිති නැකැත්වල තුන්වැනි පාදයෙන් හෝ රවිට අයිති නැකැත්වල තුන්වැනි පාදයෙන් ඉපදුණා නම් ඔබ නටාංශක යෝගයකට අහුවෙලා. අද දැනගන්න කෝ ඕනෑම කේන්දරයක සිකුරා සහ අඟහරුවා යහපත්ව, ගෝචරය උනොත් විශේෂයෙන් ලග්නයේ හා 7 වැන්නේ ඒක යහපත් පිහිටීමක්. සරාගී යෝග වගේ අයහපත්ව පිහිටියොත් නටාංශක දෝෂ වගේ.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.