පක්ෂීන් පවසන පෙර නිමිති

දෙසැම්බර් 18, 2020

පොල්කිච්චා -මළ හිරු බැස යන සැන්ඳෑයාමේ පොල්කිච්චා නාද කිරීම අසුබ ලක්ෂණයක් සේ සැළකේ. පොල් කිච්චෙක් නිවස තුළට වැදීම අසුබ ලක්ෂණයකි. උදය පාන්දර තනිව පොල්කිච්චකු දැකීම එදින අවාසනාවන්ත බව විශ්වාසයයි. එබඳු තනි එකෙක් දුටුවිට වහාම තවත් කෙනෙකුට එය පෙන්වීමෙන් අසුබ ගතිය ඉවත් වෙයි. පොල් කිච්චන් දෙදෙනෙකු දැකීම වාසනාවකි. පොල්කිච්චා ගේ තුළට වැදීම අසුබය.

කෑරලා - ගමනාරම්භයට කෑරලෙකු හැඬුවොත් එම ගමන අසුබඵල ගෙන දෙන බව කියැවේ.

ගේ කුරුල්ලා - ගේ කුරුලු යුවළක් ගෙදරක පදිංචියට ඒම ඉතා වාසනාවන්ත ලක්ෂණයකි. මේ නිසා ගේ කුරුල්ලන් උදෙසා මුට්ටියක් සිදුරු කොට පිදුරු දමා බිත්තියේ සවි කරති. ගේ කුරුලු යුවළක් ගෙදර අතහැර යාම අවාසනාවන්ත ලක්ෂණයකි. ඔවුන් එසේ ගෙය අත්හැර යන්නේ එම ගෙදරට බරපතළ කරදරයක් සිදුවන බව ගේ කුරුල්ලන් කල් තබාම දැන ගන්නා හෙයිනි. නිදියන ඇඳට උඩින් ගේ කුරුළු කූඩු තනා ගැනීම අවාසනාව ගෙන දෙයි.

සුදු කුකුළා - ගමනක් යාමට පිටත්වීමේ දී සුදු පැහැ කුකුළෙකු හමුවීම වාසනාවන්තය. ගමන පටන්ගැන්මේ දී කුකුළා පැහැදිලි ස්වරයෙන් නාද කිරීම වාසනාව ගෙනදෙයි.

වඩු කුරුල්ලන්ගේ කූඩු නිවසක තබා ගැනීම ඒ නිවසට ඉතා අසුබය.

මොණරා සිහිනෙන් දැකීම කතරගම දේව අපල ගෙන දෙන බව කියයි.

උලමා හැඬීම මාරයා පැමිණියාසේ සැළකේ.

උලමාගේ හැඬිම නිසා දින තුනක් ඇතුළත මරණයක් එම නිවසේ ළඟඳීම සිදුවෙතැයි කියැවේ.

බස්සාගේ හැඬීමද අසුබ පුවත් ගෙන දෙයි.

පරෙවි යුවලකගේ පැමිණීමත් සුබ ලක්ෂණයකි. වාසනාවකි. ගමනක් යනවිට පරෙවියා හරහා දකුණේ සිට වමට පියෑඹීම ඉතා සුබය.

කණකොකා ගෙට ඉහළින් හඬාගෙන යාම එම නිවසේ සතියක් තුළ මරණයක ලක්ෂණ දක්වන්නකි.

කොබෙයියකු ගමනකදී පාර හරහා දකුණේ සිට වමට පියෑඹීම සුබ ලක්ෂණයකි.

කපුටා දිරාගිය අත්තක සිට හැඬීම අසුබය. කපුටා ගිනිකොන දෙස බලා හිඳ හැඬීම මුතු මැණික් ආදී ලාභයකි. නිරෝගි බව ළඟාවී සැප සම්පත් ලැබේ. කපුටා ගවයෙකුගේ පිට මත සිට හැඬීම සුබය. කපුටා උදය වරුවේ දකුණු දෙසින් හැඬීම බලාපොරොත්තු ඉටුවීමට වැදගතෙකු නිවසට එයි. කපුටා හවස්වරුවේ හැඬීම කනගාටුදායක කරුණක් වෙයි. කපුටා කසළ ගොඩක හෝ මඩ වගුරක සිටීම හැඬීම අසුබය. කපුටා දරුණු හා භයානක ලෙස හැඬීම සොර සතුරු කරදරය.

ගමනක් පිටත්වීම අරඹන විට කෑරලා හඬයි නම් අසුබය.

ලොකු කුරුමිණියන් යටලීවල බාල්කවල වැසීම අසුබය. නිවසින් යාමට තරම් ය. රාත්‍රීයෙහි ගේ අසල බස්සෙකු හැඬීම අසුබය. රෝගියෙකු නිවසේ වේ නම් රෝගියා සුව කළ නොහැකි බව කියැවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.