රාහු කේතු ලග්නයේ නම්

ජනවාරි 22, 2021

රාහු කේතු ලග්නයේ ගෝචරය ගැන කියන්න කලින් මේ දෙදෙනා ගැන සම්පූර්ණ නිවැරදි වැටහීමක් තබාගන්න ඕනෑ. මේ සටහන් ඔබ හොඳින් කියවන බව මට එන දුරකතන. කෙටි පණිවුඩ වලින් වැටහෙනවා. එහෙනම් මේ කරුණු නිවැරදිව වගකීමෙන් ප්‍රකාශ කරන එක මගේ යුතුකමක්. අපි අච්චු පොත් පහක් අරගෙන මේ රාහු කේතු ගැන අධ්‍යයන කළහොත් ගොඩක් දුරට ඒ විස්තර එකිනෙකට වෙනස්.

මුද්‍රණය කළ අච්චු පොත් එක එක කර්තෘ තුමන්ලාගේ දැනීමේ හැටියට, ලියූ ඒවා. බොහෝ දේ හරි තමයි. ඒත් සම්පූර්ණයෙන් නිවැරදි නැහැ. හරියට බෞද්ධ සංගායනාවලින් බුදුධර්මය වෙනස්ව ප්‍රකාශ කරනව වගේ. සමහර හාමුදුරුවරු බුද්ධාගමේ අදහස් ප්‍රකාශ කරනව වගේ. නමුත් ශ්‍රී මුඛයෙන් අපේ බුදුන් වහන්සේ කවදත් දේශනා කළේ එකම දෙයයි. ඒ සත්‍යය. රහසින් වත් බොරු නොකළ උත්තමයෙක්නේ. ඒ වගේ මේ රාහු කේතු ගැන. මුලින්ම නිවැරදිව අදහස් පළකළේ ඍෂිවරයන් වහන්සේලා. ඒ කිව්වේ, දැන් ඉන්න නිවැරදිව අපක්ෂපාතිව යමක් වගකීමෙන් පළකරන අය. ඒ කිව්වේ දේශපාලනය ගාවගත්ත කාඩ්බෝඩ් විද්‍යාඥයෝ නොවේ. එකල ඍෂිවරයන් වහන්සේලා යමක් ලිව්වේ දේශනා කළේ හිත දියුණු කරල. ඒ උත්තමයාණන් වහන්සේලා යමක් දෙසුවා නම් ඒවා ඍෂි මත. වැඩිපුරම ඒ අය යමක් ප්‍රකාශ කළේ ශ්ලෝක වලින්. ඒ කුමන පොතක ලියැවී තිබුණත් එකමයි. කිසිම වෙනසක් නැහැ. ඒවා පුස්කොළ පොත්වල, තඹ පත්ඉරුවල සඳහන් වෙලා තිබෙනවා. ඒ කාලෙට අනුව. ඍෂි මත රාහු ගැනත් කේතු ගැනත් මේ විදියට පළකරල තිබෙනවා. එනම් “ප්‍රඥා විහීන මති වික්‍රම අර්ථහානි – විසුද්ධගාත

වදබන්ධන, රෝග පීඩා, භන්ධු ප්‍රවාස ධන හානි මහප්පු

නාසම් – රාහු දසා භජති ජීවිත කල්ප සහසසුම්”

මේ කේන්දරයක රාහු නරක් වුණාම දෙන ප්‍රතිඵල. එනම් ප්‍රඥාව නැතිනම් බුද්ධිය නැතිකරල කිසිම අර්ථයක් නැති වික්‍රමයන් කරන රෝග පීඩා හදන රණ්ඩුවලින් හිරේ විලංගුවේ වැටෙන, කවුරුත් දෙන උපදෙසක් නොඅසන කෙනෙක් කරනවා කියලා සමහර විට උත්පත්ති කේන්දරයේ රාහු හතුරු හෝ නීච නම් ජීවිතයත් නසනවා කියන එකයි. ඒ වගේම තමයි හොඳ යහපත් පැත්තත්, පිටරට වලට යවල තමයි. රාහු නවතින්නේ. රාහු ගුවන් ගමන් වලටත් දක්ෂයි. මොකද අශ්වයා පිට උඩ නේ ගමන් බිමන් කිව්වේ. සාමාන්‍යයෙන් රාහු නැතිකරනවා මොනවද නැති කරන්නේ, හැමදේම නැති කරනවා. ඉතින් කොහොමද රාහු හොඳ වන්නෙ කියල ඔබ අසාවි. මම කලින් කිව්ව නේ. මේ ග්‍රහපල කියන විට සිටිනා රාශිය ගැනත් සැලකිලිමත් වන්න ඕනෑ. එතකොට 12 වැනි රාශිය ශ්ලෝකයට අනුව වැය ස්ථානය බව දන්න වනේ. මෙතැනදි එහෙනම් රාහු වැය නැති කරනවා. එහෙනම් අය ඇතිකරනවා. එසේනම් ලග්න කුලියේ 12 වැනි රාශිය රාහුට සුබ බව වැටහෙනවා ඇති. හැබැයි ඕනෑම ග්‍රහයෙකුගේ ගෝචරයේ ගෝචර හැටි ඒ කිව්වේ ශුභ /අශුභ බව දැනගන්න ඕනෑ. තවත් පොත්වල රාහු 11 ට හොඳ බවකුත් කියැවෙනවා. එතකොට ටිකක් පරස්පරයක් මතුවනවා.

රාහු සහ කේතු ග්‍රහයෝ වර්ගයට නොවැටෙන බවකුත් කියැවෙනවා. ඒ ඔවුන් දෙදෙනා ඉතාම දුරක ඉන්නවා කියලත් කියනවා. ඡායා ග්‍රහයන් බවකුත් කියනවා. ඔය ඡ්‍යොතිෂ පන්තිවල රාහු ග්‍රහයාව හඳුන්වන විදිය. මේ කරුණු කාරණා කෙසේ වෙතත් සියලු ග්‍රහයන්ගෙන් අශුභ පල වලින් බේරීමට පිලියම් තිබුණත් සෞරග්‍රහ වළල්ලේ ඉන්න ග්‍රහයන් ගෙන්. නරකට ප්‍රතිඵල දෙන්නෙ සෙනසුරා තමයි. සෙනසුරු හැරුණාම රාහු භයානකයි. මොකද හිසක් නැහැ නේ කල්පනා කරන්න. අපි දන්නවා. මකර, කුම්භ ලග්න හිමියන්ගේ භාවාධිපති සෙනසුරා බව. මේ සෙනසුරා අනිත් ග්‍රහයන් වගේ නොවේ. මුල් කේන්දරයේ ඒ කිව්වේ උත්පත්ති කේන්දරයේ සෙනසුරා නීච හෝ හතුරු මුඨ උනානම් මහදහා අන්තර්දශා වලදිත් නීච / හතුරු වුණොත් ඒරාෂ්ඨකය පලදීලා ජීවිත හානිය දෙනවා. රාහු ඊට දෙවැනි නැහැ.” රාහු දසා භජති ජීවිත කල්ප සහසසුම්’ කිව්ව මතකනේ. ඔය දුර ප්‍රමාණ කිසිවක් බලපාන්නෙ නැහැ.

රාහුට ඔලුවක් නැහැ. කේතුට කඳක් නැහැ. ඒ කිව්වේ මිනිස් කඳක්, මිනිස් ඔලුවක් නැහැ. රාහුගේ අපල කාලයට වැටකෙයියා පැදුරු හදාගෙන නිදියගත්තට කෙහෙතාගේ අපල කාලයට කෙසෙල් කොළවල නිදාගත්තට වැඩක් නැහැ. කෙහෙතාගේ වාසස්ථානය කෙසෙල් පඳුරුවල කෙහෙතා බොරුකාරයා කිව්වට ඒකේ තේරුමක් නැත්තේම නැහැ. ඒත් උත්පත්ති කේන්දරයේ 05 ට,11 ට, 12 ට හොඳයි. රාහු.කේතු සමඟ ජීවත්වන්න ඕනෑ. සැලසුම් සහගතව. මේ දෙන්නා එක එක ස්ථාන වල ගෝචරය වුණාම තරුණ කාලය වනකං දියණුු කරල සුබදේවල් කරල ජීවිතයේ අවසන් භාගයෙදි හතුරු කරදර රෝග පීඩා කරනවා. රාහු කේතු ලැබූ අය මධ්‍යස්ථව කටයුතු කළා නම් හොඳයි කියලයි මගේ අදහස. සුබ වගේම අශුභත් එක වකවානුවකදි දෙනවා. ධනය දීලා. නිරෝගිකම නැතිකරනවා. නිරෝගිකම දුන්නොත් ධනය දෙන්නෙ නැහැ. ඒ දෙකම ලැබුණොත් ගේ දොර වතුපිටි හානි කරනවා. ඔය කෙහෙතා රාහුට වඩා ගුරුකම් වලටත් දක්ෂයි. ඉගෙනීම දුන්නොත් ඒ දැනීමට හරියන රැකියාවක් දෙන්නෙ නැහැ. අපි එකක් දෙකක් අරන් බලමු. රාහු තුන් වැන්නට වික්‍රමවන්තයි. වස්තුව මුදල් දෙනවා.

එහෙම කරල ඒ ගමන්ම බාල සහෝදර සහෝදරියන්ට භාර්යාවට අපල ගෙන දෙනවා. එවිට අර සුබපල වලින් වැඩක් නැහැ. කේතා මේ එක රාශියකට වත් සුබ නැහැ. පොත්පත් වල කොහොම ලියා තිබුණත් කෙහෙතා ඕනෑම දෙයක් හකුලුවා තබනවා. රාහු නැති කරනවා. කෙහෙතා බොරුවට හොඳයි. මොකද කෙහෙතා බොරුකාරයා . කෙහෙතා අපිරිසිදුයි නේ. නමුත් පිරිසුදුයි කියන්න මලක් උඩ ඉන්නවා. කෙහෙතාට උසස් අධ්‍යාපනය බැහැ. ශිල්පය බැහැ. නමුත් ශිල්පයට දක්ෂයි කියන්න අතේ ලොකු පොතක් තබාගෙන ඉන්නවා. මේ රූප වලින් පෙන්වන්නෙ ග්‍රහයන්ගේ හැටි. ස්වභාවය රාහුට නිරිත වගේ කෙහෙතාට පතල දිශාව. එහෙම කිව්වට මදි. පොළෝ තලයත් කෙහෙතාත් කිට්ටු සමීපයි. කෙහෙතා පොළෝ බහිරවයාට සම්බන්ධකමක් තිබෙනවා.

ඒකනේ බහිරව පූජා වලදි කෙහෙතාට විශේෂ තැනක් දෙන්නේ. කෙහෙතාගේ අපල කාලවලදී ශරීරය කෙට්ටු කරනවා. මොකද කෙහෙතා කිව්වොත් ඇටසැකිලි විතරක් තිබෙන කෘෂ ශරීරයක්. පොත් පත්වල කෙසේ සඳහන් උනත් මේ ග්‍රහ ද්විත්වය ගැන පලපුරුද්දෙන් එකක් නම් කියන්න පුළුවන්. යම් කේන්දරයක රාහු කේතු ලග්නයේ හා විවාහකස්ථානයේ යහපත්ව ගෝචරය උනා නම් හොඳින් හෝ කපටි කමින් හෝ ජීවිතය යහපත් කරනවා. ඒක ආධ්‍යාත්මික වුණත් නැතත්, හැබැයි රාහු කෙහෙතා නරක් වුණා නම් ඒ කිව්වේ හතුරු නීච වුණා නම් ඉවරටම ඉවරයි. පිරිමි අයෙක් නම් මත්ද්‍රව්‍ය වලට පවා යොමු කරවනවා. එනිසා උත්පත්ති කේන්දරයේ රාහු කෙහෙතා හතුරුව හෝ නීච ව පිහිටියොත් කල් ඇතිව කරදරවලින් මිදෙන්න වග බලා ගන්න.

නැතිනම් ඔබටත් රටටත් මහා පිලිලයක් වේවි. රාහු නරක් වුණොත් වැටකෙයියා මල් පූජාකරනව වගේ කෙහෙතා නරක්වුණු මිනී පිට්ටනිවල පිපෙන දම්පාට.සුදුපාට මල් පලගන්න මිනීමල් පූජා කරන්න බුදුන්ට. හැබැයි ටිකක් ප්‍රවේශමෙන්. සමහර හාමුදුරුවො බුදුන්ට මිනීමල් පූජා කරනවට කැමැති නැහැ. එහෙම දෙයක් බුදුහාමුදුරුවෝ වදාරල නැහැ. ඕනෑම මලක් එකයි. බුදුසාදු වදාළේ වන්න ගන්ධ ගුමෝපේතං” කියලා. රාහුට ඔක්කොම අවුරුදු 18 යි. සෙනසුරු, සිකුරු හැරුනම වැඩි වසර ගණනක් මහ දශාවකට හිමිකම් කියනවා. ඒ අවුරුදු 18 නුත් මුල් අවුරුදු 02 මාස 08 දින 12 ක් රාහු බලයි. කෙහෙතාට වසර 07 ක් පමණයි. කෙහෙතාගෙන් කෙහෙතාට මාස 04 දින 27 ක් පමණයි. රාහුට සිද්ධි නාගර්ජුනය යන්ත්‍රය වගේම කේතු අපල වලට භ්‍රහ්ම පාතාලය –සිලම්බරිය යන්ත්‍ර හොඳයි.

තව එකක් හැම ග්‍රහයෙකුටම නැකැත් තුනක් අයිතියි. එනම් රාහුට අයිති අද, සා, සියාවස කියන නැකැත් 03 යි. කෙහෙතාට නම් අස්විද, මා, මුල කියන නැකැත් 03 යි. අපේ බුදුහාමුදුරුවො විසා නැකතින් උත්පත්තිය ලැබුවට පස්මහ බැලුම් බැලුවේ රාහුගේ කාලයේ කියලා සමහරුන්ගේ මතය. රාහු නැතිකරනව නම්, කෙහෙතා බොරුකාරය නම් අපිට තිබෙන්නේ ඕනෑම දෙයක් සත්‍යයෙන් ඇතිකිරීමයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.