ඡ්‍යොතිෂයෙන් ඉදිරිය දෙස බලමු

පෙබරවාරි 5, 2021

ප්‍රසාදිනි – හාලිඇල

විවාහය කවදා සිදුවේද?

ධනලාභ තිබේද?

ඔබගේ කේන්ද්‍රයේ විවාහයක් පවතින අතර එය තරමක් ප්‍රමාදවී සිදුවනු ඇත. කුමන වයසකදී සිදුවේදැයි නිශ්චිතව තීරණයකට බැසීමට මෙතෙක් ඔබට සිතා ගැනීමට අපහසු වුවත් 2022-02.01 පසු වී විවාහය සිදුවන බව නිසැකවම කිව හැක. ඒ සඳහා පත්තිනි මෑණියන්ට බාරයක් වන්න. මුතු කැටයක් රිදී මුදුවකට අල්ලා පත්තිනි දැහැනින් ජීවම් කර දකුණු අතේ සුලැඟිල්ලේ පැලඳ ගන්න.

රාහු 11 වැන්නේ ඇති බැවින් ධන ලාභ ලැබීමට වාසනාව ඇත.

 

යූ.එස්.ජොසි නෝනා – ඇල්පිටිය

ජීවිතයේ අන්තිම කොටස කෙසේ වේද

ඔබට දැනට බුධ ග්‍රහයාගේ මහ දශාවේ රාහු ග්‍රහයාගේ අතුරු දශාවක් ලබා පවතින අතර සෙනසුරු ග්‍රහයාගේ ජන්ම ඒරාෂ්ඨක අපල තත්ත්වයක්ද පවතින බැවින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. ධාරන ශක්තිය අඩුව යන අතර ඔබේ වැඩකටයුතුවලට විවිධ බාධා ගෙන දෙයි. වරින්වර අසනීප ගතිද ඇති වනු ඇත. වාතරක්ත රෝග, අත පයවල වේදනා, කැක්කුම් ආදිය ඇතිවන අතර වකුගඩු ආශි‍්‍රත පීඩාවන් වුවත් ඇති වීමේ අවදානමක් පවතින බැවින් ප්‍රවේශම් විය යුතුය. ඔබ පෙර පින් ඇති අයකු බැවින් ශාන්ත මරණයක් ගෙන දෙන අතර 2022 මුල් මාස 05 තරමක අශුභඵල දෙන කාලයක් බැවින් නිතර පින්දහම් කටයුතුවල නිරත වන්න.

 

ඉන්ද්‍රපාල දික්කුඹුර – ගාල්ල

ඉදිරි කාලය කෙසේද?

සෙනසුරු ග්‍රහයාගේ මහ දශාවක් සමඟ ගුරු ග්‍රහයා අතරු දශාවක් ලබා ගෙවී යමින් පවතින මේ මොහොතේ ඔබට සෙනසුරු ග්‍රහයාගේ ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වයකට ද මුහුණ දීමට සිදුව ඇත. වරින් වර තම කටයුතුවලට බාධා පැමිණෙන කාලයක් වන අතර ධාරන ශක්තියද අඩුව යනු ඇත. සිත එක අරමුණක තබා කටයුතු කිරීමට අපහසු වන අතර වරින්වර අසනීපයක් ඇතිවුවත් ඒවා එතරම් ප්‍රබල ලෙස බලපවත්වන්නේ නැත. නිතර පින්දහම් කටයුතුවලට නිරතව ක්‍රියා කිරීමට යහපත්වන ඔබට තදබල පීඩා ගෙන දෙන කාලයක් වන්නේ වයස අවුරුදු 80 පමණ වූ විටය. එතෙක් යහපත් වේ.

 

මනෝජ් මලල්ගොඩ

ගාල්ල

විවාහය කෙදිනක සිදුවේද?

ඔබගේ උප්පත්ති ලග්න කේන්ද්‍රයේ 07 වැන්න වූ විවාහස්ථානය අධිපති රවි ග්‍රහයා තුන් වැන්නේ තැන්පත් වීමක් ශනි මංගල දෝෂ තත්ත්වයක් පැවතීමත් මත විවාහය ප්‍රමාද වන අතර වයස අවුරුදු 30 පසුවනු ඇත.

ඔබ දැනට ගුරු ග්‍රහයාගේ මහ දශාවේ ගුරු ග්‍රහයාගේම අතුරු දශා කාලයක් ගත කිරීම යහපත් වුවත් ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වයක් පැවතීම මත ඔබගේ කටයුතුවලට විවිධ බාධා ගෙන දෙනු ඇත.

බොහෝ දුරට පේ‍්‍රම සම්බන්ධයක් මත ඔබගේ විවාහය සිදුවන අතර මනා පෙනුමක් මෙන්ම ධනයක් දේපළක් ඇති අයකු විවාහයට ලැබෙනු ඇත. 2021 අපේ‍්‍රල් 06 පසු විවාහය සිදුවිය හැකිය. විවාහය සිදුකරන විට හොඳින් කේන්ද්‍ර සටහන් ගළපා විවාහය සිදුකරන්න. විවාහ කටයුතු සඳහා පත්තිනි මෑණියන්ට බාරයක් වන්න.

 

 

රත්නායක – කඩවත

මාගේ රැකියා කටයුතුවලට මෙන්ම ව්‍යාපාර කටයුතු බිඳ වැටුණේ ඇයි?

 

2014.11.16 වෙනි දින සිට ඔබට රාහු ග්‍රහයාගේ මහ දශාව පැවති ඇති අතර දැනට ඔබ 2019.12.16 වෙනි දින සිට සෙනසුරු ග්‍රහයාගේ අතුරු දශාව ලබා පවතිනු ඇත. උප්පත්ති කේන්ද්‍රයේ ශුභඵල දෙන ග්‍රහයකු වුවත් බාධක ග්‍රහයා වීම මත ශුභඵල ලැබීම අවම කරවනු ඇත.

2020.01.25 වෙනි දින සිට සෙනසුරු ග්‍රහයා 09 වැන්නට පැවතීමත් එම ස්ථාන යේ උපතින් රාහු ග්‍රහයා සිටීමත් නිසා ඔබගේ වැඩකටයුතුවලට විවිධ බාධා තත්ත්වයන් ඇතිවී ඇත.

එමෙන්ම ඔබගේ කේන්ද්‍රයේ 22 වන දෙර්කාණාධිපතිවු කුජ ග්‍රහයා 4 වැන්නේ තැන්පත් වීමද යහපත් නොවන අතර ගෙදර දොර දියුණුව අඩුවීයාමටද කරුණු යෙදෙනු ඇත. හිතේ නොසන්සුන් ගතියක් ඇතිවන අතර පහසුවෙන් විසඳාගත නොහැකි කරදර අවුල් වියවුල් ඇතිවීමටද ඉඩ ඇත. අන් අයගේ උපදෙස් පිළිගැනීමට යාමෙන් තවත් අමාරුවේ වැටෙන කාලයක් බැවින් ප්‍රවේශම් වන්න.

ගෙදර ඇති වාස්තු දෝෂ දක්ෂ වාස්තු විද්‍යාඥයකු ලවා බලවා දොස් ඉවත්කර ගෙන නැවත ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න.

එස්. සුමනාවතී

අහංගම

අනාගත ඵලාපල කෙසේද?

දැනට ඔබට ඒරාෂ්ටක අපල ආදිය නොමැති අතර බුධ ග්‍රහයාගේ මහ දශාව බුධ ග්‍රහයාගේම අතුරු දශාව ලබා පවතිනු ඇත. ආගම දහම කෙරෙහි ලැදි බවකින් කටයුතු කරන කාලයක් වුවත් නහර හෝ ස්නායු පිළිබඳව පීඩාවන් ඇතිවීමට ඉඩ තිබේ.

දිනපතා අටවිසි පිරිත හා අභිසම්භිදාන පිරිත කියවීමත්, පින්දහම් කටයුතුවල නියැළීමත් සිදු කරන්න. බොහෝ අශුභඵල අවම වී යනු ඇත.

 

නයනජිත් –හාලි ඇල

යහපත් ආදායමක් ලැබිය හැක්කේ කුමන රැකියාවකින් ද විවාහය කවදාද සිදුවේද?

ඔබගේ ලග්න කේන්ද්‍රයේ 10 වැන්නවු රැකියා ස්ථාන අධිපති කුජ ග්‍රහයා බුධ ග්‍රහයාගේ නවාංශකයක සිටීමත් එම බුධ කේන්ද්‍රයේ රැකියා ස්ථානයේ සිටීමත් නිසා ඔබට පොත්පත් ආශි‍්‍රතව කරන කයටයුතු ව්‍යාපාර කටයුතු, ගොඩනැගිලි ද්‍රව්‍ය විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ආදී දෙයින් දියුණුවක් ලැබිය හැක.

නමුත් මෙම කාලය තුළදී සෙනසුරු ග්‍රහයාගේ ලග්න ඒරාෂ්ඨක අපල තත්ත්වයක පවතින බැවින් අලුතින් කටයුතු ආරම්භ කිරීමෙන් එතරම් දියුණුවක් ලැබිය නොහැක.

විවාහය ගැන බැලීමේදි ඔබගේ ලග්න කේන්ද්‍රයේ විවාස්ථානය අධිපති රවි ග්‍රහයා එම ස්ථානයේ 22 වන දෙර්කාණාධිපතිවූ සෙනසුරු ග්‍රහයාගෙන් පීඩා වීම මතු විවාහය පමා වන අතර දැනට රවි ග්‍රහයාගේ මහ දශාවේ සෙනසුරු අතුරු දශාව පවතින බැවින් මෙම කාලයද විවාහ කටයුතු වලට යහපත් නොවේ. 2021.07.02 පසු තරමක් යහපත් බැවින් ඊට ප්‍රථම පත්තිනි මෑණියන්ට බාරයක් වන්න.

 

කලල්ගොඩ විදානගේ

මාරකය යෙදෙන කාලසීමාව

කටක ලග්නයෙන් සිංහ නවාංශකයෙන් ඉපදී ඇති ඔබට දැනට සඳු මහ දශාවේ සිකුරු ග්‍රහයාගේ අතුරු දශාව ගෙවමින් පවතින කාලසීමාවක් වන අතර, සෙනසුරු ග්‍රහයාගේ ජන්ම ඒරාෂ්ටක තත්ත්වයකටද මුහුණ දී ඇත. සිකුරු අතුරු දශාව 2022.06.15 වෙන දිනක අවසන් වී රවි අතුරු දශාව ලබනු ඇත.

මෙම සිකුරු ග්‍රහයා ඔබගේ ලග්න කේන්ද්‍රයේ 64 වන නවාංශකාධිපති මෙන්ම බාධක ග්‍රහයා ද වීම මත මෙම කාලයද යහපත් නොවේ. 2022.05.01 වැනි දින සිට සෙනසුරු ග්‍රහයා ලග්න කේන්ද්‍රයේ 08 වැන්නට පැමිණීම නිසා ජන්ම ඒරාෂ්ටක තත්ත්වය මෙන්ම අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක්ද මතුවනු ඇත. මුල් මාස කීපය බොහෝ ප්‍රවේශම් විය යුතු අතර, මෙම ඒරාෂ්ඨක අප තත්ත්වයන් දෙක 2025.04.01 දක්වා පවතිනු ඇත. හදිසි අනතුරුවලට පවා ලක්විය හැකි කාලයකි. 22 වන දෙර්කාණාධිපති වූ සෙනසුරු ග්‍රහයා ඒරාෂ්ටක තත්ත්වයන් දෙකක් සමඟ 08 වැන්නේ ගමන් කිරීම යහපත් නොවේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවීම යහපත් වේ.

 

දිල්ශාන් වල්පිට –හලාවත

ඉදිරි අනාගතය කුමන ආකාරයට සිදුවේද?

2020.01.22 වන දින සිට ඔබ සිකුරු ග්‍රහයා ගේ මහ දශාව ගෙවමින් පවතී. උප්පත්ති කේන්ද්‍රයේ පස්වැන්න හා 10 වැන්න අධිපති සිකුරු ග්‍රහයා ඔබට ශුභඵල අත්කර දෙන ග්‍රහයකු වනු ඇත. දැනට සිකුරු ග්‍රහයාගේ මහ දශාවේ සිකුරු ග්‍රහයාගේම අතුරු දසාව පවතින බැවින් නිතර විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට බලනු ඇත.

සෙනසුරු ග්‍රහයාගේ ලග්න ඒරාෂ්ටක අපල තත්ත්වයක්ද පවතින බැවින් තමාගේ වැඩකටයුතුවලට විවිධ බාධා ගෙන දෙන අතර වැඩ ප්‍රමාද වේ.

2022.05.01 මීන ලග්න ඒරාෂ්ටකයට අමතරව ජන්ම ඒරාෂ්ටක අපල තත්ත්වයක්ද ලබනු ඇත. ඒරාෂ්ටක තත්ත්වය 2030 පමණ වනතුරු පවතී.

 

ධම්මික –කුඹුක්කන

ඉදිරි අනාගතය හා රැකියාවේ දියුණුව

කටක ලග්නයෙන් ඉපදී ඇති ඔබගේ ලග්න කේන්ද්‍රයේ ග්‍රහපිහිටීම්වලට අනුව ඔබට ලැබීමට යහපත් ග්‍රහ පිහිටීම් උපතින්ම ගෙන දුන්නත් මහ දශා අතුරු දශාවන් අනුව වරින්වර තම කටයුතුවලට විවිධ බාධා ගෙන දෙනු ඇත. 2022.05.01 පසුද රැකියා කටයුතුවලට විවිධ බාධාගෙන දෙන අතර විවිධ ගැටලුකාරි තත්ත්වයන් මතුවේ. ආදායම් තත්ත්වයද පහළ බසී. මෙයට හේතු වන්නේ එදින සිට 2025.04.01 දක්වා සෙනසුරු ග්‍රහයාගේ ඒරාෂ්ටක අපල තත්ත්වයක් ලැබීම වනු ඇත.

එදිනෙන් පසු කාලය දියුණුවට යහපත් වේ.

 

ඡ්‍යොතිර්වේදිනී

ගීතිකා සමරතුංග

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.