විවාහය සුබ හා අසුබ වන අන්දම

අප්‍රේල් 23, 2021

විවාහයට අතිශයින්ම බලපෑම් කරන බව කියැවෙන භෞම දෝෂය යනුවෙන් හඳුන්වනුයේ කුජ හෙවත් අඟහරු දෝෂයයි. කුජ ස්ත්‍රී පුරුෂ කේන්ද්‍රවල පිහිටි ආකාරය අනුව මෙම යෝගය යෙදීමට ඉඩ ඇත.

 

පොරොන්දමට වඩා කුජගේ භෞම දෝෂය යෙදී ඇත්දැයි විමසීම වඩාත් වැදගත් වේ. මුලින්ම බැලිය යුත්තේ දෙදෙනාගේ ග්‍රහයින් කේන්ද්‍රයේ හැසිරෙන ආකාරයයි. දෙවනුව කුජගේ යෙදීමයි. තුන්වැනිව පාපාංශක හා අත්‍යවශ්‍ය පොරොන්දම් ගැළපීම වේ.

අපි මෙහිදී කුජගේ දෝෂය ගැන පිරික්සා බලමු. ස්ත්‍රී කේන්ද්‍රයක හෝ 2, 7, 8, 12 හෝ කුජ සිටීම පුරුෂයාට බෙහෙවින් අගුණ ගෙන දේවි යැයි සම්මතයකි. එයත් වැන්දඹු වීමට ද හේතු කාරක වන බැව් සඳහන් වී ඇත.

දෙදෙනාගේම අඟහරු එකී භාවයන්හි යෙදීමෙන් දෝෂය භංග වේ. කුජ එකම රැසක නම් වඩාත් යහපත් වේ. එකක කුජ සිට අනිකේ රවි, රාහු සිටීම හරහා දෝෂය භංග වේ. විශේෂයෙන්ම 2, 7, 8 කුජ සිටීම පුරුෂයාට බෙහෙවින් අගුණ ගෙන දේවි යැයි සම්මතයකි. එයත් වැන්දඹු වීමට ද හේතු කාරකීය වන බැව් සඳහන් වී ඇත. දෙදෙනාගේම අඟහරු එකී භාවයන්හි යෙදීමෙන් දෝෂය භංග වේ කුජ එකම රැසක නම් වඩාත් යහපත් වේ. එකක කුජ සිට අනිකේ රවි, රාහු සිටීම හරහා දෝෂය භංග වේ. විශේෂයෙන් 2, 7, 8 කුජ සිටීම වඩාත් දෝෂය අධික වනු ඇත.

කුජගේ දෝෂය වෛධව්‍ය යෝගය නමින්ද හඳුන්වයි. මෙම යෝගය යෙදුණු විට වැන්දඹු වීම ලෙඩ රෝග ඇතිවීම, වෙන් වීම භේද භින්න වීම හා විවාහය ප්‍රමාදවීම් ඇති කරනු ඇත.

කාන්තා කේන්ද්‍රයේ ලග්නයේ චන්ද්‍රයාගෙත් හා සිකුරුගෙත් 7 සහ 8 පාපීන් වීමත් සිකුරු පීඩාවීමත් හරහා වෛධව දෝෂයක් ලෙස දැක්වේ. පිරිමි කේන්ද්‍රයක නම් ලග්න චන්ද්‍ර හා සිකුරුගෙන් 2 - 7 පාපීන් සිටීමත් සිකුරු පීඩාවීමත් වෛධව්‍ය දෝෂය වෙව්ව්. ග්‍රහයෙකු පීඩාවන්නේ නීච සිකුරු රාශිගතව ග්‍රහයින්ගේ (පාපී) සංයෝගව හා පෙනීමට ලක්වීමෙනි. ලග්නාධිපතියා හය වැන්නේ පළමු වැනි පාදය ඉක්මවා ඇත්නම් ඔහු බහු භාර්යා සේවනයට පත්වේ. රවි ලග්නයේ සිට ශනි හත් වැන්නට යාම ද සහකරුට හෝ සහකාරියට අපල ගෙන දේ. හත අධිපතියා 11 අධිපතියා සමඟ යෝග වී නම් එයත් බහු විවාහයකට මඟ පාදයි.

2, 7, 8 සිටි කුජගේ දශාව ලැබීම හරහා විවාහය අවුල් සහගත වේ. ගුරු 6, 8, 12 ගමන් කරන කාලය විවාහයට සුබ නැත. උපන් මාසයත් තිථියත් විවාහයට යෝග්‍ය නැත. උපන් ලග්නයෙන් 8 වැනි රාශියට නැගෙන ලග්න උදාවකදී විවාහයට යෝග්‍ය නැත. විවාහ වන දිනයේ රාත්‍රී කාලයේ ද නැකත් ඉතාම සුබවාදී වීම සුවිශේෂයි. ගුරු ශුක්‍ර දුර්වලව සිටින කාල පරාසය විවාහ වීම සුබ නැත. මේ හැම අන්දමකින් වත් කාන්තාවකගේ ඔසප් සිදුවන දිනය විවාහයට යෝග්‍ය නොවේ. පැරණි ගැමියන් අතර මේ පිළිබඳව මනාලියගේ මව දැනුවත් වී සිටියා ය.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු

ටී.හෙන්රි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.