සප්තධාතු

ජුනි 4, 2021

වාත, පිත්ත, කඵ යන ත්‍රිදෝෂ හෙවත් තුන්දොස් ද ,රස, රක්ත, මාංස, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන 7, සප්තධාතු ලෙස ද ස්වේද, මුත්‍ර සහ පුරිෂ යන ත්‍රිමල ලෙස ද ආයුර්වේදයේ වැදගත් තැනක් ගනී. සප්තධාතු ( 7 බඪඵඵභඥඵ) ශරීරය ධාරණය (දැරීම - ඉභනනධපබ ) පෝෂණය (දධභපඪඵඩ) මනස (ථඪදඤ) සහ ප්‍රාණ (ඹ්ඪටඥ) දැරීම සිදු කරයි. සප්තධාතු ශරීරයේ වර්ධනය ද සිදු කරයි. තුන්දොස්, ධාතු 7 දූෂණය කරන බැවින් ඒවා දූෂ්‍ය යනුවෙන් හැඳින් වේ. ස්වේද (දහදිය) මුත්‍ර සහ පුරිෂ (ඉබධධතඵ) යන 3, ශරීරය අපවිත්‍ර කරන හෙයින් ‘මල’ නමින් හැඳින් වේ.

රස සහ රක්ත (ර්‍ථතචඵථච චදඤ ඡතධධඤ) මාංස (ථභඵජභතචප බඪඵඵභඥ) මේද, (ඒඤඪනධඵඥ බඪඵඵභඥ) අස්ථි (ඡධදඥ බඪඵඵභඥ) මජ්ජා (ඕධදඥ ථචපපධඹ) සහ ශුක්‍ර (පඥනපධඤභජබඪමඥ ඥතඥථඥදබඵ) සප්තධාතු වේ. මේවා පුද්ගලයා නිර්මාණය වූ දින සිට මරණය දක්වා, පෝෂක ද්‍රව්‍ය මඟින් සෑදෙමින් විනාශවෙමින් පවතී.

ධාතු, ස්ථායි (පෝෂ්‍ය) සහ අස්ථායි (පෝෂක) යනුවෙන් දෙයාකාර වේ. අස්ථායි කොටසින් ස්ථානයි කොටස පෝෂණය කරයි. ආහාර රසයෙන් රසධාතුව ද මෙයින් ක්‍රමයෙන් රක්තය, මාංස මේදස්, අස්ථි, මජ්ජා සහ ශුක්‍ර ද ඉන්ද්‍රිය ද්‍රව්‍ය 5, සන්ධි සහ පිච්ඡා (සන්ධි බැඳ තබන ද්‍රව්‍ය) පෝෂණය කරයි. ධාතූන් ඒවාටම අයත් ඌෂ්ම හෙවත් අග්නියෙන් (පාක) පැසේ. ශරීරය ධරණ සප්තධාතූන් ප්‍රසාද සහ කිට්ට යනුවෙන් දෙයාකාරයකට (පාක) පැසේ. ආහාර දිරවීම නිසා හට ගන්නා ආහාර රසයෙන් රසධාතුව පෝෂණය වේ. කේදාරකුල්‍ය න්‍යාය අනුව, අන්න රසයේ කොටසකින්, රසධාතුව ද, අන්නරසයේ ඉතිරියෙන් රක්තය ද හටගනී. ලේවල ගන්ධය හා වර්ණය ගනිමින් එය ඉන්පසු රක්තධාතුව පෝෂණය කරයි. ඉන්පසු මාංස ආදි ධාතු දිගටම පෝෂණය සිදුවේ. කුඹුරක වතුර ක්‍රමයෙන් බෙදා හරින්නාක් මෙනි.

ඛලෙකපොත න්‍යායට අනුව රසයේ පෝෂක අංශ මගින් ක්‍රමයෙන් රස රක්ත ආදී ධාතු පෝෂණය කරයි. ධාතුවහ ස්‍රොතස් ක්‍රමයෙන් සූක්ෂ්ම වේ සහ දීර්ඝ වේ. රස මාර්ගයේ (රසවහ ස්‍රොතසේ) ගමන් කරන අන්නරස, රස ධාතුවට පෝෂණය ලබාදේ. රක්තය සඳහා පෝෂණය රක්තවහ ස්‍රොතස්වලට ගමන් කරයි. අනෙක් ධාතුවලට ද මේ ආකාරයෙන් පෝෂණය ලැබේ. එක් ධාතුවකින් ඊළඟ ධාතුව නිර්මාණය වන බව ක්ෂිරදධි න්‍යායෙන් පෙන්වා දෙයි. කිරිවලින් දීකිරි සාදනවාක් මෙනි.

අධෝ ආමාශය හෝ කුඩා අන්ත්‍රවලින් ශරීරයට උරාගන්නා අන්නරසය, සප්තධාතු (ස්ථායිධාතු) පෝෂණය කරන පෝෂක පදාර්ථවලින් යුක්ත වේ. ආහාර රසය පළමුව, ස්ථායි රස ධාතුවට අවශ්‍ය පෝෂණය ලබාදේ. ඉතිරි අන්න රසය අනෙක් ස්ථායිධාතුවල පෝෂණයට අවශ්‍ය ස්ථායි රසය ලබාගෙන සිරුරේ විශාල සහ කුඩා ස්‍රොතස්වල ගමන් කරයි. රුධිරය නිපදවන අක්මාව සහ ප්ලිහය හරහා ගමන් කරන රසධාතුව, ස්ථායි රක්තධාතුව නිපදවා නැවත රසධාතුව හරහා ගමන් කරයි. රස ධාතුවේ රක්ත ධාතුව ද අන්තර්ගත නිසා එය දැන් රතුපාට වන අතර ඒ නිසා මෙය ‘රක්තය’ යනුවෙන් හැඳින් වේ.

අස්ථායි හෙවත් පෝෂක ධාතු රස හරහා සාමාන්‍ය (ට්ඥදඥපචත) හා විශේෂ (ඉනඥජඪබඪජ) යන දෙයාකාරයක් ගනී. සාමාන්‍ය ක්‍රමයේ දී ප්‍රධාන පොම්පය වන හෘදයමගින් අස්ථායිධාතු, ස්ථායිධාතුවලට යයි. රසවහ ස්‍රොතස්වල මූලය හෘදයයි. දශමහා මූල ධමනි, රස ධාතුවේ ස්ථානය (ඉඥචබ) වේ. කේදාරි (ර්‍ථතධබඵ ඪද බඩඥ නචඤඤර ටඪඥතඤඵ) කෙතට සමාන වේ. කුල්‍ය (ඛ්චදචතඵ) මාර්ගවලට සමාන වේ. මෙහිදී කුල්‍යවලට කිට්ටු කේදාර පළමුව පෝෂණය ලබයි. අස්ථායි හෙවත් පෝෂක ධාතු මෙසේ ස්ථායිධාතු වෙත පැමිණේ.

චරකායචාර්යන් දක්වන්නේ ආහාර රසය වර්ණ රහිත බවයි. පිතෙහි උෂ්ණයෙන් එය රතුපාට වේ. සුශ්‍රැත ආචාර්යයන්ට අනුව රස හටගන්නේ ආහාරයෙනි. එය හෘදයේ සිට ධමනි 24 මගින් ශරීරයේම පැතිරේ. ඒවා ඉතා සියුම් ශාඛවලට බෙදී වෑස්සීම (ට්ධඨඪදඨ) මඟින් පටක පෝෂණය කරයි. රක්තවහ ස්‍රොතස්වල මූලයන් වන අක්මාව සහ පලිහයේ රංජික පිත පවතී.

අප ගන්නා ආහාරයෙන් කේදාරකුල්‍ය න්‍යාය, ඛලෙකපොත න්‍යාය, හෝ ක්ෂීර දධි න්‍යාය අනුව සප්තධාතු දූෂණය වීම නිසා හටගන්නා රෝග පිළිබඳව ඉදිරියේ දී පැහැදිලි කිරීමට අදහස් කරමි.

 

(ආයුර්වේදය හදාරණ සිසුන් සඳහා සකස් කරන ලද ලිපියකි)

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය

ලක්ෂ්මී සේනාරත්න

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.