යුගදිවිය සහ සිකුරුගේ බලපෑම්

පෙබරවාරි 1, 2019

කන්‍යා ලග්නයෙන් උපන් ජන්මීන්ගේ සහකාරකත්වය දක්වන 07 වැන්න අයත් වන්නේ ගුරු හිමි මීන රාශියටය .මොවුහු යුගදිවි කාමය ඉතා මනාව ප්‍රවේශම් සහිතව පාලනය කර ගන්නෝ වෙති.

ලැජ්ජා බය ඇත්තෝය. 07 වැන්නේ සිකුරු සහ 10 වැන්නේ ගුරු පිහිටි කන්‍යා ලග්න හිමියෝ ස්වකීය යුගදිවිය නියම දියුණුවකට පත්කර ගනියි. සිකුරු හත්වැන්නේ රාහු සමඟ සිටි කල ආශාවන් පාලනයෙන් බැහැර කර ගන්නෙක් වේ. සිකුරු ලග්නයේ සිටින කන්‍යා ජන්මියෝ යුගදිවිය බොහෝ විට අවුල් කර ගනිති. මෙය ශනි විසින් දකිනු ලැබුවේ නම් විකෘති ලක්ෂණ ඇත්තෙකු වන්නේය.

තුලා ලග්නයෙන් උපන් අයගේ 07 වැන්න නියෝජනය කරනුයේ කුජ හිමි මේෂ රාශිය වේ. රවි සිකුරු 07 වැනි භාවයේ යෙදීමෙන් යුගදිවියට අවැසි රාගික ශක්තිය මනාව වර්ධනය කරයි. මෙවැනි අයට ප්‍රතිලිංගික ආකර්ෂණය ඉතා අධිකය. මෙම පිහිටීම සහිත තුලා ජන්මියෝ තරුණ වියට එළඹෙත්ම තම සහකරු, සහකාරිය සොයාගෙන යුගදිවියට පිවිසෙති. සඳු සිකුරු 07 වැන්නේ යෙදීම ජන්මියාගේ රූපශි‍්‍රය මැනවින් දියුණු කරවන බලයකි. මේ යෝගය සෙනසුරු දකිනු ලැබුවේ නම් විකෘති ආශාවන් සහිත විය හැකිය. මේ අනුව කුජ කේතු සමඟ යෙදුණහොත් ස්ත්‍රීන්ට කළුකුමාර දිෂ්ටියත් පුරුෂයන්ට මෝහිනී දිෂ්ටියත් ඇති කිරීමට හේතු වේ.

වෘශ්චික ලග්නයෙන් ජන්ම ලාභය ලැබුවන්ගේ 07 වන භාවය නියෝජනය කරනුයේ සිකුරු නම් වෘෂභයයි. මොවුන්ගේ ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවය රැඳී තිබෙන්නේ විශේෂයෙන්ම යුගදිවි කාමයේ තිබෙන වාසනා අවසනා ගුණය අනුවමය. කුජ සිකුරු යෝගය 07 වැන්නේ යෙදී තිබීම මේ අය ළා බාල වියේදීම යුගදිවියට ඇතුල් වීමට හේතුවක් වේ. සඳු සිකුරු ලග්නයේ යෙදීමෙන් ජන්මියා ශෝභාසම්පන්න අයෙකු කරයි. එහෙත් යුගදිවිය යම් යම් අඩුපාඩු වලින් යුක්ත විය හැකිය. සිකුරු දහයේ රවි සමඟ වීම සැපවත් යුගදිවියකට මඟ සලසාලයි. නමුත් සෙනසුරු විසින් සිකුරු පීඩාවට පත්කර ඇතිනම් යුගදිවි කටයුතු බොහෝදුරට ප්‍රමාද කරවන අතර කිසිම හරයක් නැතිව තරුණ කාලය ගෙවී යාමට කටයුතු සලස්වන්නේය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර්විද්‍යාවේදී පී.එම්.රංජිත් මුදලිගේ

0775559931

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.