විවාහය හා දරුඵල

පෙබරවාරි 8, 2019

සාම්ප්‍රදායික ඡ්‍යොතිෂය අනුව විවාහ සීහුම් බලා කරන ලද විවාහ ජීවිත විශාල සංඛ්‍යාවක් කැඩී බිඳී ගිය බැව් පෙනේ. විශේෂයෙන්ම පොරොන්දම්වලට පමණක් මුල්තැන දී දෙදෙනාගේම ග්‍රහ හැසිරීම් රටාව ගැන නිරීක්ෂණය නොකර කරන විවාහ කල්යෑමේ දී අසාර්ථකත්වයට පත්වන බැව් බොහෝ පර්යේෂණ හරහා ඔප්පු වී තිබේ.

කේන්ද්‍ර අති විශාල සංඛ්‍යාවක් පිරික්සා බැලීමේ දී කුජ (අඟහරුගේ) තදින්ම බලපෑමක් තිබෙන බැව් අනාවරණය වී ඇත්තේ ය. එකී සෑම කේන්ද්‍රයක හත අධිපති ග්‍රහයා සහ අඟහරුගේ සම්බන්ධත් තිබෙන බැව් වඩාත්ම පැහැදිලි කරුණකි.

හත අධිපතියා තැන්පත්ව සිටි නැකත් හිමියාද කුජට සම්බන්ධ බැව් පැහැදිලි වන්නේ ය. මේ පිහිටීම් අතර හතේ පාපියෙක් ද විය. ඒ අනුව හතේ සිටින පාපියා නිසා විවාහය කැඩී බිඳී යැයි යන අදහසක් මතුවේ. එසේම විය නොහැක. හතේ පාපී දෝෂය භංගවන අයුරු ගැළපීම්වලට නතුවිය යුතු යි.

හත අධිපතියා හා ඔහු සිටි නැකත් හිමියාද කුජ හා යෝගවීමෙන් හෝ පෙනීමෙන් සම්බන්ධිතය වීම නිසා හතේ පාපියෙකු නිසා කැඩී ඇති බැව් නොවන්නේද? කුමන අන්දමකට විපරම් කර බැලුවත් ඕනෑම කේන්ද්‍රයක ලග්නය හිමි ග්‍රහයා සතරවැන්නේ සිටීමෙන් එවැනි තත්ත්වයක් උදාවේ. පාපීන්ගේ පෙනීම හරහා බොහෝ දෙනෙකුගේ විවාහය කැඩී ඇත.

මකර ලග්න හිමියෙකුගේ සත්වැන්න කටකයයි. එහි කුජ රාහු සඳු යෝග වී ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ යුග දිවිය නීරස බවට ක්‍රමයෙන් හැරෙනු ඇත. විශේෂයෙන්ම හත අධිපතියා 6, 8, 12 දුෂ්ට භාවයන්හි හැසිරීමද විවාහයට අහිතකර තත්ත්වයක් ගනී. කටුක යුග දිවියක් ගත කරන බව පෙනේ.

එකවරම ශනි ඒරාෂ්ඨකය යෙදීම නිසා යුග දිවියට අසුබ පැතිකඩක් නිර්මාණය වේ. දරුවන්ගේ පැවැත්මට එතරම් ධනාත්මක නොවනු ඇත. හත අධිපතියා අටේ හා අට අධිපතියා හතේ සිටීමෙන්ද අසුබ ඵල විපාක වලට මුහුණ දීමට සිදුවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී ටී.හෙන්රි බෙම්මුල්ල

0771892842

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.