සරල කොඩිවිණ ඇස්වහ කියන්නෙ

පෙබරවාරි 8, 2019

අප ජීවත්වන විශ්වය තුළ කොපමණ අරුම පුදුම දේ තිබෙනවද? මං හිතන්නෙ පවසනව තියා හිතන්න වත් බැරුව ඇති ප්‍රමාණය. අපේ සමාජයේ නම් කතා කරන්න, වාද කරන්න හොඳ නැති සමහර දේ තමයි ජාති,ආගම්. කුලභේද ගැන. මොකද සමහර විට එය අවසාන වන්නෙ නොහිතන අපරාධයක ලක්ෂණ රැගෙන.

ඡ්‍යොතිෂයට අයත් ගුප්ත ශාස්ත්‍රයෙහි ප්‍රතිඵල බොහෝ දුරට ක්‍රියාවට නංවන්නෙ ගුප්තවයි. එසේනම් ප්‍රතිඵලත් ලැබෙන්නෙ ගුප්තවයි. මේ විශ්වයේ ඇති සියලුම දේවල් පියවි ඇසට දකින්නට මිනිසාට ශක්තිය නැහැ. අඩුම තරමින් මනස හැරෙන්න වෙනත් කිසිවක් සතුන්ට වගේ නැහැ. මිනිහට අශ්වයෙක් සමාන වේගයෙන් දුවන්න බැහැ. බළලෙකු හා සමානව ශ්‍රවනය නැහැ. බල්ලෙකු හා සමානව ඉව නැහැ. නමුත් මනුෂ්‍යයා මනස උපයෝගී කරගෙන තමයි හැමදාම හැම දෙයක්ම කරන්නේ. සතෙකුගේ ප්‍රාණය අඩපණ කර ගුප්ත ජීවය ප්‍රාණවත් කර පිටත් කර යැවූ දක්ෂ ගුරුන්නාන්සේලා මේ පොළෝ තලේ හිටියා. අදටත් ඒ ශාස්ත්‍රය නැහැ කියන්න බැහැ. ඉතාම දුර්ලභයි. ඒ පිල්ලි යැවීමයි. මතකනේ බත්තරමුල්ලේ හාමුදුරුවො .මුත්තරබල්ලා යවපු හැටි. බුදු සාසනේට වඩා මන්ත්‍ර බලය පාවිච්චි කළා.

ඔබ අහල තිබෙනවද සෙත්කවි – වස්කවි ගැන. මේකත් වටිනා ශාස්ත්‍රයක්. හැබැයි මූලික කරුණු මත ප්‍රතිඵල . වස්කවි වැඩිපුරම හරියන්නෙ අල්පේශාක්‍ය දෙවිවරුන්ට ගායනා කළාම බව දන්නවනේ. ඒ කියන්නේ පුරතිථියට,අවතිථියට වෙනස්වන දෙවිවරු, විෂ්ණු , කතරගම, සුමන සමන් කියන්නෙ මහේශාක්‍ය දෙවිවරු බව දන්න වනේ. ජනයාට සෙත සලසන දෙවිවරු, වස්කවිය කියන්නෙ සිදුකළ ක්‍රියාවකට දඩුවම් ලබාදීම සඳහා අක්ෂර වින්‍යාසය උපයෝගී කරගෙන එක්තරා වේලාවක නියම කරගත් දිශාව බලා දෙවියෙක් සඳහා ගායනා කරන කවියක්. මේ ක්‍රියාවට කිසියම් වේලාවක් ගත වන බව විශේෂයෙන් කිව යුතු නොවේ. ඒ උනාට එක තත්පරයක් ගතවීමට පෙර තවෙකෙක් විපතට පත්කරන වින තිබෙන බව අහල නැද්ද? ඒ තමයි ඇස්වහ කටවහ. හැබැයි හැමෝටමත් බැහැ. කොඩිවිණ ගණයට වැටෙන්නේ. ඔබ දැකල තිබෙනවද සමහර උදවිය ඉන්නවා බඩගිනි බැල්ම ඇති, ඇස් යටට ගිලිලා, හීන්දෑරි කට දෙපැත්ත පැලිලා, කතා කරන කොට කට දෙපැත්තෙන් කෙල විසිවෙන, කට ගඳ ගසන උදවිය. මේ සියලුම ලක්ෂණ නැතිවන්න පුළුවන්. කිහිපයක් තිබුණොත් ඇති. මෙන්න මේ අයගෙන් ඔබ ප්‍රවේශම් වන්න ඕනි. වැඩිපුර තියා,

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික , ගුප්ත විද්‍යාධර, භාරත භාෂ්කර ශිරෝමනී සම්මාන

ඡ්‍යොතිෂ විද්‍යා සහතික මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

0722174553/0779870007

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.