ලොතරැයි වාසනා හිමි සුපිරි ධන යෝගය ඔබටත් තිබේද?

පෙබරවාරි 8, 2019

අද සමාජයේ ජීවත්වන ජනතාවගෙන් ඉතා සුළු පිරිසක් සුපිරි ධනවතුන් වී සිටියදී තවත් අති විශාල පිරිසක් දුගී දුප්පත් කමින් මිරිකී සිටිති. මෙයට ප්‍රධානම හේතුව ගිය ආත්මය අප විසින් කරන ලද කුසල් අකුසල් බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

මේ දුප්පත් පොහොසත් කම අප උපතින්ම ගෙන ආ දෙයකි. එය බලාගත හැකි හොඳම කැඩපත අපේ කේන්ද්‍රයයි. ග්‍රහ බලයයි. මා මේ ලිපියෙන් පෙන්වා දීමට අදහස් කරන්නේ ඔබට බලාගත හැකි පරිදි සුපිරි ධනයෝග කීපයක් පිළිබඳවයි.

අපේ කේන්ද්‍රයේ රාශි 12 ක් ධනය ගැන පෙන්නුම් කරන්නේ 2 -11 යන රාශියයි. කේන්ද්‍රයේ දෙවැන්නාධිපති හා එකොළොස්වැන්නාධිපති තම ස්ථාන මාරුකරගෙන සිටීම සුවිශේෂ ධන යෝගයකි. මේෂ ලග්න හිමියෙකුගේ කේන්ද්‍රයේ 2 අධිපති සිකුරුය. 11 අධිපති සෙනසුරු ය. මේ ග්‍රහයින් දෙදෙනා 2 වැන්නේ සෙනසුරුත් 11 වැන්නේ සිකුරුත් සිටීම සුපිරි ධන යෝගයක් වේ. මේ අයට නොසිතූ අයුරින් ලොතරැයි වාසනා හිමි වේ.

එපමණක් නොව මෙම ස්ථානාධිපතින් බලවත් ශුභ දෘෂ්ටි ගතව සිටීමත් ධනවත් වීමේ ග්‍රහ පිහිටීමකි. තත්කාල කේන්ද්‍රයේ දෙක අධිපති හා ලග්නාධිපති අතර පරිවර්තන යෝගයක් තිබීම ද ධනවත් වීමේ ලක්ෂණයකි. හදිසි වාසනාව පෑදේ.

සඳු බලවත් වීම ද ධනවත් වීමට හේතු වේ. සඳු බලවත් වීම යනු සඳු ස්වක්ෂේත්‍රව කටක රාශියේ සිටීම හෝ සඳු උච්චව වෘෂභ රාශියේ සිටීමයි. එපමණක් නොව සඳු ශුභ සංයෝග ඇතුළු ශුභ දෘෂ්ටි ලබා සිටීමත් ධනවත් වීමට හේතු වේ. සඳු ශුභ සංයෝග යනු ගුරු / සිකුරු / බුධ සමඟ සිටීමයි. මෙසේ කේන්ද්‍රයේ තිබිය දී ත්‍රිකෝණ ශුභ දෘෂ්ටියක් වැටේනම් සුපිරි ධන යෝගයකි. හදිසි ලොතරැයි වාසනාව තිබේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

විශ්‍රාමලත් විදුහල්පති

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී

කේ.ඩී.ආර්.පී. රාජකරුණා

0115810540/0713934744

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.