ජීවිතයේ ශුභ පල අහිමි කරන කාල සර්ප යෝගය ඔබටත් උරුමදැයි බලන්න

පෙබරවාරි 22, 2019

අතීතයේ සිටම සමාජ සම්මතයක් වශයෙනුත්, විශේෂයෙන් ඡ්‍යොතිෂයානුකූල විෂය පථය තුළිනුත් කාල සර්ප යෝගය ජන්මියාට අවාසනාව කැඳවාගෙන එන්නක් බව සුප්‍රසිද්ධ කරුණකි. රාහු, කේතු යන ඡායා ග්‍රහයින්ට මැදිව හෝ නැතහොත් එක් දිශාවකට පමණක් සීමා වී ග්‍රහයන්ගේ පිහිටීම සිදුවීම මෙහි සාමාන්‍ය පැවැත්ම වුවත්, මෙම යෝගය පිහිටීමත්, එහි බලපෑමත් විවිධාකාර වන බව විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

බැලූ බැල්මටත් කියූ ආකාරයටත් ඕනෑම අයෙකුට මෙම අවාසනාවන්ත යෝගය හඳුනා ගත හැකි වුවද, ප්‍රධාන වශයෙන් කාල සර්ප යෝගය කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

01.පූර්ණ කාල සර්ප යෝගය

මෙහිදී සිදු වන්නේ රාහු සහ කේතු ග්‍රහයින් පතිත දෙරාශීන් මත වෙනත් ග්‍රහයින් තැන්පත් නොවී. එම අනෙකුත් ග්‍රහයින් වෙනත් රාශින් තුළ ඔවුන් දෙදෙනාට මැදිව පිහිටීමයි. මෙවැනි යෝග තත්වයක් පවතින්නේ නම් එය තරමක් බලාත්මක බවින් වැඩි වන්නේය. අශුභදායි ප්‍රතිඵල ද ඉහළ යන්නේය. මෙවන් ජන්මීන් විශේෂයෙන් එම දෝෂකාරි තත්ත්වයන්ගෙන් මිදී ජීවිතය සුඛිත මුදිත කර ගැනීමට නම් සම්මත ආගමික කටයුතු තුළ අනිවාර්යයෙන් නියැළිය යුතුය.

දෙවැනි විශේෂය වන්නේ,

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී හස්ත රේඛා ශාස්ත්‍රඥ

වාස්තු විද්‍යාවේදී, කේ.පී. ක්‍රිෂාන්ත පි‍්‍රයදර්ශන සුරවීර

0718767637

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.