සෙම හා රක්තය දූෂිත වීමෙන් හිසෙහි ඇතිවෙන උඳුගොවුවන්කෑම

මාර්තු 8, 2019

ආයුර්වේදයේ සඳහන් ඉන්ද්‍රලුප්ත රෝගය බොහෝවිට හඳුන්වනු ලබන්නේ උඳුගොවුවන් කෑමේ රෝගයක් ලෙසයි. කායික මෙන්ම මානසික පීඩාවට පත්කරනු ලබන ඉන්ද්‍රලුප්ත රෝගය පිත්දෝෂය හා වාතය දූෂණය වීමෙන් හිසේ හටගනු ලබන රෝගයකි.

මෙහිදී සිදුවන්නේ හිසේ යම් යම් ස්ථානවලින් කෙස් කොටස් වශයෙන් නැතිව යාමයි. එසේ හිසකෙස් හිස් මුදුනෙන් හෝ එක් පැත්තකින් කුඩා රොදක් මෙන් ඉවත්වීමෙන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් හිස පුරාම කෙස් අඩුවීමට පටන් ගනී. හිසෙහි ඇතිවන රෝගයන් අතර බහුල රෝගයක් ලෙස හැඳින්විය හැකි උඳුගොව්වා කෑම ආයුර්වේද උපදෙස් නිසිපරිදි පිළිපදිනවා නම් ලතවීමකින් තොරව සුවපත් කරගත හැකිය.

වර්තමාන සමාජයේ යෞවන යෞවනියන් මෙන්ම වයස්ගත වූවන්ද බෙහෙවින් නොයෙකුත් ආලේපන වර්ගවලට මෙන්ම ෂැම්පුවලටද පුරුදුව සිටිති. පාසල් යන වයසේ පසුවන දරුවන්ද සහෝදර සහෝදරියන් මෙන්ම දෙමාපිය වැඩිහිටියන් හිසේ ආලේප කරන ආලේපන වර්ග මෙන්ම ෂැම්පුවර්ගද පාවිච්චි කිරීමට පුරුදුව සිටිති. නමුත් මේවා සමහරුන්ගේ හිසට මෙන්ම හිසකෙස්වලටද හානිදායක විය හැකිය. උඳුගොවුවා කෑම හිස්හොරි හට ගැනීම, අකලට කෙස් පැසීම, කෙස් ගැලවීයෑම, තට්ටය පෑදීම ආදි රෝගී තත්වයන්ට ලක්වන්නේ හිස කෙස් නිසිලෙස රැක නොගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

බත්තරමුල්ල පැලවත්ත රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්. පී. රාජපුර

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.