නිවැරැදිව හඳුනාගෙන දියමන්තිය පළඳින්න

අප්‍රේල් 5, 2019

ලොව ධනවතුන්ට පමණක් සීමා වූ අපල සඳහා පමණක් නොව ඇති හැකි අය බව පෙන්වීමටත් යොදාගන්නා දියමන්ති අප රට තුළ නොමැති එහෙත් මෑතක සිට අලුත් සල්ලිකාරයන් තම උසස් බව පෙන්වීමට ගෙන්වා පළඳින දෙයකි. නවරත්න මැණික් ගැන සඳහන් කිරීමේදීද නැතුවම බැරි දෙයක් වන්නෙ දියමන්තිය.

සාමාන්‍යයෙන් දියමන්තිවල පළුදු ඇතිවීම ඉතා අඩුය. එහෙත් මෙහි ප්‍රධාන දෝෂ හතරක් පිළිබඳ යුක්තිකල්ප තරුවෙහි මෙලෙස සඳහන් කර ඇත. එනම් ‘කාකපදය’ එනම් මැණික පුරා කළුපාට ඉරි තිබීම “දුබභ්‍රංශය” වළාකුළු වැනි පටල පිහිටා තිබීම, ‘පිච්චාසනය” දී කිරි මෙන් ඇති කාන්තිය, ‘මලිතය’ වර්ණය පැහැය නොමැති වීම මේවා දියමන්ති වල ඇති ප්‍රධාන දෝෂ වේ. මේ වැනි දියමන්ති පැළඳවීම තුළින් තම පරම්පරාව විනාශවීම (එදා උඩරට ප්‍රභූන් අතර මෙම දියමන්ති පැළැඳවීම තුළ අදවන විට රදළ පරපුර විනාශවීම උදාහරණ ලෙස ගත හැකිය) දුෂ්ඨ පාපක්‍රියාවලට යොමුවීම, පරිහාණිය, අවසානයේ තම ජීවිතයෙන් පවා සමුගැනීම දැකිය හැකිය. තවද බොහෝ විට අප රට තුළ ඉතා මිල අධික දියමන්ති පැවතීම නිසා සමානව ජනතාවට අපල වලට දියමන්ති පැළඳ ගන්නා ලෙස ලියා දුන් විට බොහෝ ව්‍යාපාරිකයන් මෙන්ම ඡ්‍යොතිෂවේදීන් පටස් ගා දෙන්නෙ සුදු නිල හෙවත් සුදු පාට ගල් වර්ගයක්ය. මේවා දියමන්ති වලට ආදේශකයක් ලෙස සැම තැනම භාවිතා කිරීම දැන් සුළබය.

ජ්‍යෙතිෂවේදී හොරණ රත්න ශ්‍රී සෙනරත්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.