නිවැරදි ග්‍රහපූජාවකින්ව සර අරඹමු

අප්‍රේල් 12, 2019

මේ පෘථිවි තලය මත ජීවත්වන සෑම ජීවියෙක්ම සෑම වස්තුවක්ම වෙනස් වනවා. මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරයට වෙනස් වනවා. ඒ වෙනස්වීම කොපමණ සෙමින් සිදුවනවාද කියා අපේ පියවි ඇහැට පෙනෙන්නෙ නැහැ.

උදයට පිපුණු ලස්සන මල් හවසට පරවෙන බව අප දන්නවා. නමුත් ඒ දෙස ඇසිපිය නොහෙලා බලාසිටියහොත් පරවෙන බවක් දැනෙන්නෙ නැහැ. නමුත් ටිකෙන් ටික පරවෙන බව දන්නවා. ඒ තරමටම සෙමින් තමයි වෙනස්වීම සිදු වන්නේ. හරියට අපේ ශරීරය වගේ.

ජන්මියෙකුගේ ජීවිතය පැවැත්ම ආරම්භ වන ඉපදීම දුකයි කියල බුදුදහමෙන් දේශනා කළා. උන්වහන්සේ දුක නැති කළේ ඉපදීම අවසන් කරල මිස මරණය අවසන් කරල නොවේ. මනුෂ්‍යයාගේ නින්ද කිව්වේ තාවකාලික මරණයයි. හැම කෙනෙකුටම නින්ද ශරීරයට කොපමණ සනීපයක් දැනෙනවද? එහෙනම් සදාකාලික නින්ද කොපමණ සනීපයක් දැනේවිද? නමුත් කවුරුත් මරණයට කැමති නැහැ. ඒ අපි තදින් අල්ලා ගැනීම හේතු කොට ගෙන . මගේ පුතා, මගේ දුව, මගේ වතුපිටි ඒ වගේ කිසිවෙක් අතහරින්න කැමැති නැහැ. ඒක මනුෂ්‍යත්වයෙහි හැටි.

ඕනෑම ජන්මියෙකුගේ මේ වෙනස කාලීනව ඒ කිව්වේ කාලයට අනුරූපීව වෙනස් කරන්නේ ග්‍රහ කිරණවල බලයෙන් කිව්වොත් ඔබ එකඟද, ඔබට ඔබවත් අයිති නැහැ කිව්වොත් නිවැරැදිද? එහෙනම් ඔබ අයිති කාටද? අයිතිකරුවන් නැති අය අයිති කාටද? ඉතා සංකීර්ණ ප්‍රශ්නයක් බැවින් ඉන් ඔබ්බට නොයමි.

පාරම්පරික ගුප්ත විද්‍යාධර භාරත භාෂ්කර ශීරෝමනී සම්මාන

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.